The title of the page
Waltair Veerayya Sinhala Subtitle
Waltair Veerayya Sinhala Subtitle
6.6
80
88

Waltair Veerayya (2023) Sinhala Subtitles | “සහෝදර ප්‍රේමයේ නාමයෙන් ලියවුණු යුක්තිය” | සිංහල උපසිරැසි සමඟ

(Waltair Veerayya (2023) Sinhala Subtitles) (Waltair Veerayya (2023) Sinhala Subtitle) (Waltair Veerayya (2023) Sinhala Sub) (Waltair Veerayya Sinhala Subtitle)

සුබ දවසක් වේවා හැමෝටම.. ඔන්න මං කාලෙකින් අද තවත් අලුතෙන් ආපු සුපිරිම සුපිරී ගින්දර තෙලිගු ෆිලුමකට සබ් අරන් ආව… මේ ෆිලුම ඇවිල්ල නම් ටිකක් දවස්..මේ ටිකේ තියෙන අධික කාර්යබහුලත්වය නිසා ටිකක් පරක්කු උනා අරන් එන්න 🥺♥️

වැඩේ බාර දුන්න සමිත අයියාවත් මතක් කරගෙනම ෆිලුම දිහාට යන්කෝ 🤗❤️

තෙලිගු සිනමාවේ මෙගා ස්ටාර් චිරන්ජිව් නොදන්න කෙනෙක් නෑ නේ.. මේක තමයි එයාගේ අලුත්ම බ්ලාස්ට් එක… බ්ලාස්ට් කියන්නේ අය එකෙම්ම බ්ලාස්ට් එකක් 💥🧨

මගෙන් කවුරු හරි ඇහුවොත් අපි දන්න කියන තෙලිගු සිනමාවේ ගොඩක් සහය නළුවන් සම්බන්ද වෙන ෆිල්ම් එක මොකක්ද කියලා.. මං එක උදාහරණයකට මේ ෆිලුමත් ගන්නවා.. ඒක දෙකක් නෑ.. මොකද මේ ෆිලුමේ එච්චරට නළු නිලියන් ඉන්නවා.. පොඩි පොඩි චරිත වලට පවා අරන් තියෙන්නේ තෙලිගු සිනමාවේ සහ දමිළ සිනමාවේ අපට නිතර හමුවෙන අය 🔥❤️

මේ ෆිල්ම් එක රිලීස් උනේ 2023 ජනවාරි 13 වෙනිදා.. මේක අයත් වෙන්නෙ Action / Thriller /Romance / Comedy කියන Categories වලට.. IMDB අගයත් ඉහළ අගයක් අරන් තියෙනවා… වැඩේට ටිකක් අත දිග ඇරලා වියදම් කරලා තියෙනවා කියලත් කියන්න පුළුවන්.. වියදම වගේම සුපිරි බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවකුත් තිබ්බා මේක..මොකද ටිකක් KGF ශේප් Action ටිකක් තියෙනවා.. ඒ මට්ටමම නම් නැතුව ඇති.. ඒත් ඒ මට්ටමට ගන්න ගොඩක් try කරලා තියෙනවා කියලා පේනවා 😍❤️

Directed by Bobby Kolli
Written by Bobby Kolli / Kona Venkat / K. Chakravarthy Reddy
Produced by Naveen Yerneni / Y. Ravi Shankar
Cinematography Arthur A. Wilson
Edited by Niranjan Devaramane
Music by Devi Sri Prasad
Release date 13 January 2023
Running time 160 minutes
Country India
Language Telugu
Budget ₹140 crore
Box office est. ₹233.05 crore

ප්‍රධාන චරිතය සදහා මෙගා ස්ටාර් රංගනයෙන් දායක වෙද්දී අනික් ප්‍රධාන චරිතය සදහා කවුරුත් ආදරේ කරන අනික් සුපිරි තෙලිගු නළු Ravi Tej රංගනයෙන් දායක වෙනවා 🤩❤️

😈🤍 ප්‍රතිවීර චරිත ගැන කතා කරනවා නම්, ප්‍රතිවීර චරිත වගේම වෙන මොනම චරිතයක් ගානට තිතට වැඩේ කරන, ගොඩක් අය ප්‍රතිවීර චරිතයෙන් දකින්න ආසම නළුවා Prakash Raj මේ ෆිලුමේ දුෂ්ටයා විදිහට සම්බන්ද වෙනවා.. අතිශය සුපිරි රංගනයක නියැලෙනවා ඔහුත්..මෙයා ෆිල්ම් වල සාමාන්‍යයෙන් ප්‍රතිවීර චරිතේත් එක්ක මරු Comedy ටිකකුත් දෙනවනේ.. ඒ ආතල් එහෙමත් මේකේ තියෙනවා 😅❤️

ඒ වගේම තෙලිගු කොමඩි කිව්වොත් මතක් වෙන එකම නම Vennela Kishore… ඔහුගේ සුපිරි කොමඩි ටිකකුත් තියෙනවා.. 🤣♥️

ප්‍රධාන නිළිය විදිහට Shruti Haasan දායකත්වය සපයනවා.. මෙයාව ඔයාලා ඊයේ පෙරේද ආව Veera Simha Reddy 2023 ෆිල්ම් එකෙත් දකින්න ඇතිනේ 😚❤️

Cast
Chiranjeevi as Waltair Veerayya
Ravi Teja as ACP Vikram Sagar IPS
Shruti Haasan as RAW Agent Athidhi
Catherine Tresa as Dr. Nithya, Vikram’s wife
Rajendra Prasad as CI Seethapati
Prakash Raj as Michael Caesar alias Kaala, Solomon’s elder brother
Bobby Simha as Solomon Caesar, Michael’s younger brother
Baby Shreshta as Vaishnavi, Vikram and Nithya’s daughter; Veerayya’s niece
Nassar as Constable Koteswara Rao

කවුරුත් බලාපොරොත්තු නොවෙන ලස්සන අවසානයක් තියෙනවා.. මාරම ලස්සන අවසානයක් වගේම හිතට දැනෙන චිත්‍රපටියක් මේක 🥺❤️

විස්තරේ නම් ලොකුවට කියන්න යන්නේ නෑ.. තමන්ගේ සහෝදරයාගේ මරණයට යුක්තිය ඉෂ්ට කරගන්න කවුරුත් නොහිතන ලොකු යුද්දයක් කරන නියම අයියෙක්ගේ කතාවක් තියෙන්නේ ❤️🥺 Drug මාෆියාව, සහෝදර ප්‍රේමයහා යුක්තිය මූලික කරගෙන දිව යන මේ පට්ට ෆිල්ම් එක බලන්න කියලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා 😋❤️

තවත් සුපිරි ෆිලුමක් අරන් ඉක්මනට එන්නම්
හැමෝටම බුදුසරණයි! ජේසුපිහිටයි!

සැ. යු : උපසිරැසි KM Player එකේ වැඩ කරන්නේ නැ, අකුරු Symbol වගේ පෙන්නන්නේ කියලා කලින් ෆිල්ම් වලට ගොඩක් කමෙන්ට් දාල තියෙනවා දැක්ක.. ඒ උපසිරැසි වැඩ කරන්නේ නැතුව නෙවෙයි! KM Player එකේ තියෙන අවුලක් නිසා එහෙම වෙන්නෙ.. හැමෝම සබ් එක download කරගෙන ෆිල්ම් එක බලද්දී VLC Player / Pot Player වගේ Player වලින් බලන්න..එතකොට ඒ ප්‍රශ්නේ එන්නෙ නැ 😊

අලුත්ම ෆිල්ම්ස් බලන්න, Cineru එක්කම ඉන්න 😉

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /ProperHDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

4 comments

  1. Thank u brother 🙏❤

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා සොයුර ……….

    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

  3. Legend Saravanan ෆිල්ම් එකට සබ් එක දෙන්නකෝ.

  4. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login