La Brea S02 Sinhala Subtitles
La Brea S02 Sinhala Subtitles
5.6
29
83

La Brea (2022) S02E14 [END] Sinhala Subtitles | “නැවතත් නිවසට??” | සිංහල උපසිරැසි සමඟ

(La Brea (2022) S02E14 Sinhala Subtitles) (La Brea S02 Sinhala Subtitles) (La Brea Season 2 Sinhala Subtitles) (La Brea Sinhala Subtitles)

සුබ දවසක් හැමෝටම..ඔන්න අද අපි අරගෙන එන්න යන්නේ..ගිය අවුරුද්දේ ඔයාලා ආසාවෙන් නරඹපු කතා මාලාවක දෙවනි කතාසමය..La Brea කියන්නෙ 2021 සැප්තැම්බර් 28 වෙනිදායින් NBC නාළිකාව ඔස්සෙ පළමු කතා සමයේ විකාශය ආරම්භ කරපු Science fiction|Drama|Thriller ගනයේ කතා මාලාවක්. මේ කතා මාලාව නිෂ්පාදනය කරලා තියෙන්නෙ Keshet Studios, Matchbox Pictures , Bad Apple සහ Universal Television යන ආයතනවලින්. David Appelbaum මේකෙ කතා නිර්මාණයට වගේම විධායක නිෂ්පාදනයටත් දායක වෙලා තියෙනවා. Natalie Zea, Eoin Macken, Chiké Okonkwo, Karina Logue, Zyra Gorecki, Jack Martin, Veronica St. Clair, Rohan Mirchandaney, Lily Santiago, Chloe De Los Santos, Jon Seda, Josh McKenzie යන නළු නිළියන් මේ කතා මාලාවට රංගනයෙන් දායක වෙලා තියෙනවා. පලවෙනි කතා සමයත් දෙවනි කතා සමයත් අතරේ කාස්ට් එකේනම් ලොකු වෙනසක් වෙලා නෑ..

La Brea - Rotten Tomatoes

පළවෙනි කතා සමය නරඹපු අයටනම් කතාව මොන වගේද ගලාගෙන යන්නේ කියලා මතක ඇති..ඉතින් පළවෙනි කතා සමය බලපු නොබලපු හැමෝටම කතාව ගලාගෙන යන්නේ මොන විදියටද කියන එක මතක් වෙන්නත් එක්ක කතාව ගැන පොඩි සාරාංශයක් පහළින් දක්වන්නම්..

ලොස් ඇන්ජලීස් නගර මාධ්‍යයේ විශාල ගිල්වුම් කුහරයක් විවෘත වෙනවා. ඒකෙන් සිය ගානක් මිනිස්සුත් ගොඩනැගිලිත් ඒ කුහරය පතුලට බිලි වෙනවා. කුහරය පතුලටම වැටුණට පස්සෙ දැනගන්න ලැබෙනවා එයාලා වැටිලා ඉන්නෙ ප්‍රාථමික යුගයක තියෙන භූමියක කියලා. ඇත්තටම ඒ ක්‍රි.පූ. 10,000 අතරේ කාලයක්. ඒ භූමියේ ඉන්න ප්‍රාථමික ජීවින්ගෙනුත්, අමුතු විදිහේ මිනිස්සුන්ගෙනුත්, භයානක උවදුරුවලිනුත් එයාලට එකතු වෙලා බේරිලා ඉන්න සිද්ධ වෙනවා. ඒ අතරතුරේ ලෝකයේ අනිත් අය මේ සිද්ධ වුණු දේ හොයාගන්න උත්සාහ කරනවා. මේ ගිල්වුම් කුහර කාලය හරහා යන්න පුළුවන් දොරටු කියලා එයාලා හොයාගන්නවා. මේ විපතෙන් දෙකඩ වුණු පවුලක් ඉන්නවා. ඒ පවුලේ තාත්තා (ගැවින්) ට විවිධ විදිහේ දෘෂ්ටීන් පේන්න ගන්නවා. ගැවින් පස්සෙ දැනගන්නවා එයා මේ දකින්නෙ ගිල්වුම් කුහරයෙන් සම්බන්ධ වුණු භූමියේ සිද්ධ වෙන දේවල් කියලා. පළවෙනි කතා සමය අවසන් වෙනකොට ගැවින් සියැටල්වල විවෘත වුණු තවත් ගිල්වුම් කුහරයකින් එයාගේ පවුලේ අයව හොයාගෙන යනවා. පළවෙනි කතා සමයේ සම්පූර්ණ කතාවෙන් ගොඩක්ම සුළු සාරංශයක් තමයි මෙතන තියෙන්නෙ. ඔයාලා පළවෙනි කතා සමය බලන්න ඇතියි කියලා හිතනවා. බැලුවේ නැති අයට පළවෙනි එක බලන්න කියලා ආරාධනා කරනවා. මේ කතා මාලාවෙත් කාල තරණයක් තියෙන නිසා Dark (2017-2020) කතා මාලාවේ වගේම සිද්ධින් එකට සම්බන්ධ වෙන විදිහේ කතාවක් තමයි තියෙන්නෙ.

එහෙනම් ඔන්න දෙවෙනි කතා සමයත් මේ විදියට අදින් අවසන් වෙනවා..පළමු කතා සමය වගේම මේ කතා සමයත් අවසන් වෙනකන්ම අපිත් එක්ක රැදිලා හිටපු හැමෝටම ස්තූතියි..ඔයාලගේ අදහසුත් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා..

හැමෝටම සුභ දවසක්..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |2492|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිහාන් ප්‍රමුදිත

October 17, 2022


45
Total Subtitles

10 comments

  1. Thanks Sub ekata seosan 3 gana aranchiyak nadda?

  2. Sub ekata thanxx,, 😍 the devil conspiracy menna me move ekatath sub denawada

  3. hi me tv show eke sea 02 epi 09 weda nane, download denne naha

    • Anjula Umesh
      Cineru Family Member

      වීඩියෝ කොපියද?

      • ow epi 9 , epi 11, epi 14 thunam downld krnn ba RACATY wetenwa,

        • Anjula Umesh
          Cineru Family Member

          Racaty කියන්නෙත් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් ක්ලවුඩ් එකක් තමයි..ඒකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *