The title of the page
The Legend Sinhala Subtitle
The Legend Sinhala Subtitle
4.8
48

The Legend (2022) Sinhala Subtitles | “විද්‍යාඥ සරවනා” | සිංහල උපසිරැසි සමඟ

(The Legend (2022) Sinhala Subtitles) (The Legend (2022) Sinhala Subtitle) (The Legend (2022) Sinhala Sub) (The Legend Sinhala Sub) (The Legend Sinhala Subtitle)

ඔහ්..ලා 🙂

හායි කොහොමද ඔයාලට මාස ගානකට පස්සේ අද මම අවේ ලස්සනම ලස්සනම ළමා කථාවක් අරගෙන…😁 පිස්සුද? හිතුවද මම එහෙම කියයි කියලා..ලෝකයා එහෙම කියාවි ඒත් මේක හොද ෆිලුමක්….( වෑව් ) වීරයෙක් / නළුවෙක් වෙන්න හීන දැකපු මිනිහෙක්ගේ අහිංසක ආසාව එයාගේ සල්ලි වලින්ම එයාම හොද කාස්ට් එකක් දලා ඉෂ්ට කරගත්තා… ( අත්පුඩි ගහන්නලා ) ඉන්දියාවේ අයත්ක් ජෝක් එකට ගත්තා තමා අපේ ලේජන්ඩ් සරවනාව…ඒත් මිනිහාගේම වචන වලින් ඕකට උත්තර දුන්නොත්,

“උත්සහයක් තියේ නම් හීනයක් තියේ නම් කරන්න බැරි වැඩක් නැහැ”

ඔව්! සරවනා රූපය නිසා විහිළුකාරයෙක් විදිහට දකින්න පුලුවන් මේ විරයෙක්ද කියලා මොන නළුවෙක්ද කියලා ඕන කෙනෙක් අහන්න පුලුවන්…ඒත් මිනිහාගේ ඒ උත්සහාය අපි අගය කරන්න ඕනි…. ( වෑව් ) ගිය අවුරුද්දේ අජිත් විජේ වගේ ප්‍රමුඛ පෙලේ කොලිහුඩ් නළුවො කරපු බිස්ට් , වලිමෙයි එක්ක බලද්දි ලේජන්ඩ් කියන්නේ දහයෙන් සම්පතක්….( සිරාවට ) ප්‍රශ්නේ මේකයි සරවනන්ව ඒ කැරැක්ටර් එකට ගැලපෙන්නේ නැති එක…ඒත් හොද ඇක්ට් එකක් දෙන්න සරවනා උපරිම උත්සහා කරලා තියෙනවා දැක්කා ෆිල්ම් එක ඇතුලේ…මට අනුව නම් ඒ උත්සහය සාර්ථකයි…

උස්සපු ඇක්ෂන් වුණත් ලස්සන ඇක්ෂන් ටිකක් තිබ්බා ෆිල්ම් එක ඇතුලේ…හැරියගේ මියුසික් වලින් ෆිල්ම් එකේ ගොඩක් තැන් අලස කරේ නැහැ… ( meca attc ) කථාවස්තුව පොඩියි ඒත් චරිත වටේ කථාව කියන්න ගිහින් අනවශ්‍ය රන්ටයිම් එකක් දිග් කරන් තිබ්බ එක තමා මම හිතන්නේ සරවනාගේ මුහුණට අමතරව ෆිල්ම් එක ෆ්ලොප් වෙන්න ලොකුම හේතුව….ලයින් ගහන් කරපු වැඩක් මම…ඇත්තටම මමත් භාගයක් කොපියට කරලා අතඇරලා දපු ෆිල්ම් එකක් මේක ott රිලිස් කරන්නෑ කියලා තිබ්බ නිසා..ඒත් OTT රිලිස් කරාට පස්සෙ ලයිනෙන් ලයින sync කරලා ගත්තා… (මෝකෝ යකෝ ඔච්චරයි අමාරුවෙන් ඕක ගැහුව්වෙ..බොන්ග් )

මගේ උපාංග වල සවුන්ඩ් සිස්ටම් එකේ පොඩි තාක්ෂණික ගැටලුවක් නිසා සමහරක් වචන මට සැහැල්ලු කරන්න සිද්ධ වුනා ( මගේ නොදැනිම නිසා ) වැරැදි ඇති…මොකද දන්න දෙමලත් සමහරක් තැන් වල පැටලුණ නිසා මට ( හී..කන් ඇහෙන්නෑ බං) ඒ උනත් ඔයාලට සුපුරුදු පරිදි බලන්න තේරෙන සිංහලෙන් සබ් එක ගහලා ඉවරයක් කරන්න මට පුලුවන් උනා… ( අත් පුඩියක් ගහන්නලා ) ගොඩක් මැසෙජ් සමාජයට දෙන ෆිල්ම් එකක් ඒ මැසෙජ් අතර සරවනා ස්ටෝස් එක මාකට් කරගත්තු ඩයලොග් නැතුවම නෙමෙයි…😵 කොහොම උනත් ලේජන්ඩ් සරවනාගේ ෆිල්ම් එකක් කියලා අමතක කරන්න එපා බලනකොට…( හී..හී ජෝක් එකක් මම කරේ දැන් )

පණිවිඩ වලින් බිදක්

“ළදරුවන්ට ගොඩක් කාලයක් තිස්සේ මව් කිරි ලබලා දෙනවා නම්..දියවැඩියා රෝගීන් බිහිවෙන එක ගොඩක් අඩු වෙනවා”

කථාවෙන් බිදක් (Spoil)

ලෙජන්ඩ් සරවනා කියන්නේ ලෝක පූජිත විද්‍යාඥයෙක් එයා තමන්ගේ ගමට එන්නේ ලොකුම ලොකු ගෞරවයක් එක්ක ගමට සේවය කරනවා කියලා හිතාගෙන…ඉතිං ඔහොම ඉන්න සරවනාට මිනිස්සු විදින දුක දැකලා දියවැඩියාවට ප්‍රතිජීවකයක් හොයාගන්න හිතෙනවා..එයා මේ ප්‍රතිජීවකය හොයාගෙන යනවට වෛද්‍ය මාෆියා වලින්නම් පොඩ්ඩක්වත් කැමති නැහැ..ඒ නිසා ලොකු කරදර ටිකකට අපේ සරවනාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා…

එහෙනම් කෙල්ලනේ කොල්ලනේ නන්ඩ්‍රි කිව්වා වනක්කම් කිව්වා අදට අපි ගියා…

මතකනේ මම කලින් කිව්වා මේ ෆිල්ම් එක ලේජන්ඩ් සරවනාගේ ෆිල්ම් එකක් කියලා අමතක කරන්න එපා බලනකොට විශුල් එකකුත් ගහලා නටන්න ගයන්න ලයික් කරන්න ශෙයාර් කරන්න තැන්කිව් උම්මා…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

7 comments

  1. Sanjeewa Malith

    Thank u brother subtitles akata බලන්න hithagana hitapu akak ගොඩක් aya hoda ne කිව්වත්

    • ඉනුෂ සුදන්ගම
      Cineru Family Member

      හොදයි කියන්නත් බැහැ නැහැයි කියන්නත් බැහැ…
      පට්ට වියදමක් කරලා හදලා තියෙන්නේ එක බලන කොට තේරෙනවා….ඒත් ඉතිං සරවනාව ඒ චරිතයට ගැලපෙන්නේ නැති සින් එකයි කථාව වටේ යෑමයි නිසා කතාව ෆ්ලොප් වුණා….

      සරවනාට හොදට ඇක්ට් කරන්න පුලුවන් හැබැයි…පොඩ්ඩක් රියලිස්ටික් වලට බර කථාවක් කරන්න තිබ්බා හැබැයි සරවනාට නළුවෙක් වෙන්න ඔනි නම්…කොහෙද ඉතිං ගොයියට විරයෙක් වෙන්න ඔන උනානේ

  2. මමත් මේ ෆිල්ම් එක එනකම් බලන් ඉදියේ.. නලුවන් වෙන්න පුලුවන් හොද රූපයක් තියන කෙනෙක්ට විතරද, ධනුෂ්ටත් මුල් කාලෙ මිනිස්සු සැලකුවේ පහත් විදියට. Thanq sub එකට.

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ඉනුෂ සොයුර ……….

    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

  4. Pattaaaaaaaaaaa

  5. Thasitha Nilanka
    Cineru_users

    Crazy fellow Telugu movie ekata sub dennako

  6. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login