The title of the page
Vishudha Mejo (2023) Sinhala Subtitles
Vishudha Mejo (2023) Sinhala Subtitles
4.5
82

Vishudha Mejo (2023) Sinhala Subtitles | ජීනා මේජෝට කැමති වෙයිද? | සිංහල උපසිරැසි සමඟ

(Vishudha Mejo (2023) Sinhala Subtitles) (Vishudha Mejo (2023) Sinhala Sub) (Vishudha Mejo Sinhala Subtitles) (Vishudha Mejo Sinhala Sub)

හායි ඔන්න මන් අද ඔයාලට අරන් ආවේ Vishudha Mejo මලයාලම් ෆිල්ම් එක.මේ ෆිල්ම් එකට සබ් කරන්න හිතුනේ මේකේ trailer එක ආපු දවස් වලමයි.ඒත් මේ ෆිල්ම් එකේ WEB පිටපත් අන්තර්ජාලයට නිකුත් වුනේ ජනවාරි 23 වැනිදා.සිනමාශාලා වලට තිරගතවෙලා අවුරුද්දකට විතර පස්සේ.ඒත් මේ චිත්‍රපටය මීට මීට මාස 5කට කලින් Goodwill Entertainments කියන Youtube නාලිකාව හරහා කිසිම උපසිරැසියක් නොමැතිව ප්‍රචාරය කරලා නැරඹුම් වාර 2M+ ලබාගෙන තියෙනවා.

මලයාලම් රසිකයෙක් විදියට Mathew thomas ඉන්න ෆිල්ම් එකක් මගහරිනවා කියන්නේ කරන්නේ නැති දෙයක්නේ.ඒ නිසාමයි මමත් මේ සබ් එක කරේ.මෙහි ප්‍රධාන චරිත ලෙස Dinoy Paulose,Lijo Mol Jose සමගින් Mathew thomas  රංගනයෙන් දායක වෙනවා.මීට අමතරව Baiju Ezhupunna,Shiney Sarah,Abhiram Radhakrishnan,Siju sunny යන අය රංගනයෙන් දායක වෙනවා.ඒ වගේම හැමෝම දන්න Anaswara Rajan සහ Hakkim sha ආරාධිත රංගනයක් ලෙස රංගනයෙන් දායක වෙනවා.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kiran Antony.ෆිල්ම් එක 5.5/10 IMDb අගයක් වගේම 82% ගූගල් පරිශීලක කැමැත්තකුත් ලබා ගෙන තියෙනවා.ෆිල්ම් එකේ සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Justin Varghese විසින්.ලස්සන සින්දු ටිකක් තියෙනවා.කේරල පරිසර සුන්දරත්වය ඒ සින්දුත් එක්කම විදගන්න මේ ෆිල්ම් එකෙන් පුලුවන්.

කතාව පැත්තට ගියොත්,මේජෝ කියන්නේ introvert personality එකක් තියෙන පුද්ගලයෙක්.ඒ කියන්නේ වැඩිය කතා බහ කරන්නේ නැති,වැඩිය යාලුවෝ නැති,යාලුවෝ හදාගන්න එච්චර කැමති නැති,ලැජ්ජාශීලී, සමාජය එක්ක එච්චර ගැටෙන්නේ නැති කෙනෙක්.පොඩි කාලෙදිම තමන්ගේ අම්මා නැති වීම මේකට ලොකු හේතුවක් වෙනවා.එතකොට Mathew, ඒ කියන්නේ ඇම්බ්‍රෝස් එයාට සහෝදරයෙක් වගේ.එයා අල්ලු අර්ජුන් ෆෑන් කෙනෙක්.කොහොම හරි මේ මේජෝගේ ජීවිතේට ජීනා එනවා.මේජෝ මේ ජීනාගේ හොදම යාලුවෙක් වෙලා අන්තිමට එයාගෙන් කැමැත්ත අහන තැනටම පත් වෙනවා.ජීනා මේජෝට කැමති වෙයිද එයාගේ මේ ඉන්න විදියට ජීනා කැමති වෙයිද කියලා ඔයාලම බලන්නකෝ.

එහෙනම් කතාව රසවිදින්න.සුභ දවසක්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
VDK සත්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
VDK සත්සර

August 4, 2022


18
Total Subtitles

2 comments

  1. රංගික සිනෙත් කාරියවසම්

    සුපිරි මචං.දිගටම මලයාලම් සබ දෙන්න

  2. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login