8
97

Virupaksha (2023) Sinhala Subtitle | “ආදරයෙන් අවසන් කළ පළිගැනීම” | සිංහල උපසිරැසි සමඟ

(Virupaksha (2023) Sinhala Subtitles) (Virupaksha (2023) Sinhala Subtitle) (Virupaksha (2023) Sinhala Sub) (Virupaksha Sinhala Subtitle) (Virupaksha Sinhala Sub)

සුභ දවසක් හැමෝටම ,

ඔන්න මගේ 22වෙනි උපන් දිනේට තෑග්ගක් විදියට ඔයාලට අද අළුත්ම උපසිරසක් අරගෙන ආවා,

පසුගිය අප්‍රේල් 23 වෙනිදා තිරගතකිරීම් ඇරඹි මේ ‘විරූපාක්ෂ’ ෆිල්ම් එක පසුගිය මැයි 18 වෙනිදා වෙද්දි කෙමෙන් කෙමෙන් ආදායම ඉන්දියානු රු. 100CR පහු කරන්න සමත් වෙනවා. අධ්‍යක්ෂක කාර්තික් වර්මා සමගින් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සුකුමාර්ගේ තිර රචනයෙන් නිර්මාණය උනු විරූපාක්ෂ චිත්‍රපටය Action/Mystery/Thriller/Drama ශානරයට අයත් එකක් වෙන අතරම පැය 2 විනාඩි 21ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක මේ වෙද්දි IMDB – 8/10 ක තරම් ඉහල අගයක රැදිලා තියෙනවා. ඒවගේම කියන්න ඕන විරූපාක්ෂ දමිළ , හින්දි භාෂා පරිවර්ත මේ වන විටත් ඉන්දියාවේ තිරගත වෙන අතරම ලොවපුරා ප්‍රේක්ෂක ප්‍රතිචාර තවමත් නොඅඩුව ලැබෙමින් පවතින ෆිල්ම් එකක්

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Sai Dharam Tej – [සූර්යා]
Samyuktha Menon – [නන්දිනී]
Sonia Singh – [සුදා]
Ravi Krishna – [කුමාර්] / [බයිරවා]
Rajeev Kanakala – [හරිස්චන්ද්‍ර ප්‍රසාද්]
Sunil – [අබ්බයි රාජු]

මේ කතාව පටන් ගන්නෙ රුද්‍රවනම් කියන කැලේකින් වටවුනු සීමිත ජනග්‍රහණයක් වාසය කරන ගමකින්,ඒවගේම මේ ගමේ හේතුවක් නැතිව දරුවන් මැරෙන වසංගතයක් තිබ්බා..ඔය අතරම මේ ගමට එනවා වෙන්කටාචලපති , ඔහුගේ පවුලත් එක්ක පදිංචි වෙන්න, වෙන්කටාචලපතිගේ බිරිද අංශභාගී රෝගයෙන් පෙළෙන කෙනෙක් වගේම තව එයාට දුවෙක් වගේම පුතෙකුත් හිටියා. වෙන්කටාචලපතිගේ අරමුණ උනේ මොන විදියකින් හරි එයාගේ බිරිදව සුව කර ගන්න අරමුණක්. වෛද්‍ය විද්‍යාවෙන් එයාට පිහිටක් නොලැබුණු තැන එයාට පුරාණ වේද ග්‍රන්ථ වලින් පිළිතුරක් සොයන්න ගත්තා..

මේ වේදවල තියෙන්නෙ යන්ත්‍ර – මන්ත්‍ර – තන්ත්‍ර කියන ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගෙන කරන දෙයක්. ඒවගේම මේවා කෙනෙක්ට හොද පැත්තට වගේම නරක පැත්තටත් යොදා ගන්න පුළුවන්. බිරිද සුව කිරීමේ අරමුණින් දිනක් මල සිරුරක් නිවසට අරන් එනවා දැකපු ගමේ කෙනෙක් මේක වැරදියට තේරුම් ගත්තා. ගම්වල කටකතා ගැන කියන්න ඕන නෑනේ.. , ගමේ දරුවන් මියදෙන්නේ වෙන්කටාචලපති ඔවුන්ට හූනියම් කරන නිසා කියන වැරදි අදහසින් කුපිත වී වෙන්කටාචලපතිගේ නිවසට කඩාවදින ගම් වැසියන් වෙන්කටාචලපති හා ඔහුගේ බිරිද ගසකට තබා බැද පණපිටින් පුච්චා දමනවා. නමුත් ඔවුන්ගේ දරුවන්ට හානියක් නොකරන්න ගම්මුන් වගබලා ගත්තා..

එතනින් එහාට මොකද වෙන්නෙ කියලා ඔයාලම බලලා ඉන්නකෝ..

හැමදාමත් වගේ තිරය පිටුපස ඉදන් උදව් කරන මදුශාන් ප්‍රියංකර සොයුරාට විශේෂ ස්තුතිය !

එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |6082|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිෂ්ක සංකල්ප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිෂ්ක සංකල්ප

July 7, 2022


17
Total Subtitles

13 comments

  1. Agent telugu movie akath ikmanata dena

  2. ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන් දිනක් වේවා……..!

    ගොඩක්ම ස්තූතියි කවිෂ්ක සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. බොහෝම ස්තූතියි උපසිරසියට…….

  5. Sanjeewa Malith

    සුපිරි thank u subtitles akata

  6. Anushka Udayanga

    Anith ewage mega link nedda thama

  7. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  8. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  9. meka pattama film ekak. sub eka supiri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *