The title of the page
Virata Parvam (2022) Sinhala Subtitles
Virata Parvam (2022) Sinhala Subtitles
8.8
84

Virata Parvam (2022) Sinhala Subtitles | “හිංසන වලට විරැද්ධව” | සිංහල උපසිරැසි සමඟ

(Virata Parvam (2022) Sinhala Subtitles) (Virata Parvam (2022) Sinhala Sub)

කොාහොමද ඔයාලට හොඳින් ඇති කියලා හිතනවා ප්‍රශ්න තියෙනවා වුනත්. තිබ්බ වැඩත් එක්ක සබ් එකක් කරන්න වෙලාව හම්බුනේ නැ ඉතිං ලැබුන පුංචි නිවාඩුවෙන් මේ අවුරැද්දෙ ආපු සුපිරිම සුපිරි ෆිල්ම් එකකට ඔන්න සිංහල උපසිරැසි ගෙනාවා.

මේක බැලුවම මට හිතුන දේ තමයි මෙහෙම ආදරේ කරන කෙල්ලොත් මේ ලෝකේ ඉන්නවා ද  කියලා. මෙි කතාව ඉන්දියාවේ වෙච්චි ඇත්ත කතාවක් පාදක කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ.  

IMdB රේට් එක ගත්තොත් 8.8/10  තරම් ලොකු අගයක් අරන් තියෙනවා . 

කතාව පැත්තට ගියොත්  ඉස්සර ඉන්දියාවේ ඉඳල තියෙනවා  නක්සල්ලා කියලා අරගලයක් කරපු පිරිසක්  .

හැබැයි මෙයාලා Ltte එක වගේ අය නෙවෙයි මෙයාලා එදා ආන්ඩුව සහ පොලිස්සියෙන් අහිංසක මිනිස්සුන්ට කරන වධ හිංසන වලට විරැද්ධව තමයි සටන් කරලා තියෙන්නේ. ඒ වගේම මෙයාලට ජනතා සහයෝගයත් ගොඩක් තිබිලා තියෙනවා. මෙයාලා ඉතිං ලොකු වනාන්තර වල තමයි හැංගිලා ඉඳල මිනිස්සුන්ට උදව් කරන්නෙ මොකද පොලිසියෙත් මෙයාලව අත්තඩංගුවට ගන්න බලාගෙනම තමයි ඉන්නෙ.

ඉතිං මේ කතාවේ කතා නායිකාව තමයි වෙල්ලන්නා මෙයා පුංචි කාලේ ඉඳලම ගොඩක් හිතුවක්කාර කෙල්ලෙක් අනික කාටවත් බය නැ ගැහුවොත් ගහන සයිස් එකේ ඉන්නෙ.මෙයාට දවසක් යාලුවෙක්ගෙන නක්සල්ලා කණ්ඩායමක ආරන්නයා කියන නායකයගේ කවි පොතක් හම්බෙලා ඒක කියවලා එතන ඉඳල ආරන්නයා කියන ඒ දැකලවත් නැති  කෙනාට සෑහෙන්න ආදරේ කරනවා.ඔන්න ඔච්චරයි ඉතිං කියන්නෙ මොකද වැඩිය කිව්වොත් වැඩක් නැ.

ඉතිං මේකේ ඉන්නෙ අපි කවුරුත් දන්න සායි පල්ලවි සායි පල්ලවි ගෙ රංගන හැකියාව නම් අම්මෝ කියලා වැඩක් නැ මම නම් ඇත්තටම ආස නිලියක් සායි පල්ලවි. මොකද ඕවර් ඇක්ටින් නැ රඟපානවද කියලා පේන්නෙවත් නැ.

අනික තමයි මේකේ සිංදු ටික 😍 BGM මේ සේරම එක්ක පැය දෙකක් ෆිල්ම් එක බලද්දී වෙලාව යනවා ⁣දැනෙන්නෙවත් නැ. මුල ඉඳලම ඇස්වල කඳුලු පුරෝගෙන කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් අනික මේකේ තියෙන කලර් එක ඇස් කඩාගෙන යන පාටවල් නැ. ඒ අත්දැකීම ගන්න ෆිල්ම් එක හොඳ කොලටියෙන් අරන් බලන්න. ඩේටා කපාගෙන බැලුවට කිසිම පාඩුවක් නැ.

එහෙනම් ඉතිං වැඩි කතන්දර ඕනි නැ මෙච්චර ලස්සන ෆිල්ම් එකක් මගැරගන්න එපා පස්සේ අපරාදේ කියලා හිතෙයි ඇ 😓

එහෙනම් ඉතිං අරගලයට ජය වේවා ✊❤️ 

ආයෙත් අලුත් ෆිල්ම් එකක් අරන් එන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර මදුසංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර මදුසංක

June 30, 2021


23
Total Subtitles

8 comments

  1. sachindu nimsara

    thanks cineru team & chathura

  2. Thasitha Nilanka
    Cineru_users

    Thanks for sub 👍👍

  3. Ppattaaaaaaaaaaaaaaaaaa

  4. Arawinda Sunimal

    ස්තුතියි උපසිරැසියට ජයවේවා තෙරැවන් සරණයි

  5. Buddhika laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට..

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  7. සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  8. keedam malayalam movie sub plz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login