The title of the page
4.6

Indemnity (2021) Sinhala Subtitles | “අභියෝගය” | සිංහල උපසිරැසි සමඟ

(Indemnity (2021) Sinhala Subtitles) (Indemnity 2021 Sinhala Subtitle) (Indemnity Sinhala Subtitle) (Indemnity Sinhala Sub) (Indemnity (2022) Sinhala Subtitles) (Indemnity 2022 Sinhala Subtitles)

හායී යාලුවනේ පොඩි කාලෙකට පස්සේ ආපහු මම ආවා ෆිලුමකට උපසිරැසියක් අරගෙන…වැඩි කතාබතා නැතුවමම කෙලින්ම අද අරගෙන ආපු ෆිල්ම් එක ගැන කියන්නම්.අද මම අරගෙන ආවේ දකුණු අප්‍රිකාවේ 2021 දී තිරගත වුන Indemnity(අභියෝගය) කියන දකුණු අප්‍රිකානු චිත්‍රපටිය. Action-Thriller ඝණයට අයිති වෙන මේ චිත්‍රපටියට මේ වෙනකොට IMDb අගය 4.6 ද, කුණු තක්කාලි අගය 84% හිමිවෙලා තියෙනවා.

Travis Taute ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණ මේ චිත්‍රපටියට Jarrid Geduld (තියෝ ඒබ්‍රම්ස්),Nicolae Fortuin (ඇන්ජෙලා ඒබ්‍රම්ස්), Gail Nkoane (රෙනෙ),Hlomla Dandala (මෝසෙස්) ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් මෙහෙමයි.තියෝ කේප් ටවුන්වල ගිනිනිවන ස්ථානයේ නියෝජ්‍ය ස්ථානාධිපති..ඒත් දවසක් ගිනි නිවීමේ සිද්ධියකදි එයාගේ හොඳම යාළුවො දෙන්න නැතිවෙනවා.ඒකෙන් එයා ලොකු මානසික පීඩනයකට ගොඳුරු වෙනවා.ඇන්ජෙලා ඒබ්‍රම්ස් කියන්නෙ එයාගේ නෝනා.එයා මාධ්‍යවේදිනියක්.මානසික ප්‍රශ්න නිසා තියෝට හරියට වැඩකරගන්නත් බැරිවෙන නිසා එයාව මාස ගානකට නිවාඩු යවනවා.ප්‍රතිකාර වලට යොමු වුණත් එයාට තමන්ගේ ප්‍රශ්නේ විසඳාගන්න බැරිවෙනවා.එක දවසක් ඇන්ජෙලාට නිර්නාමික කෝල් එකක් එනවා තියෝ ගැන හැම තොරතුරක්ම එක සමාගමක ලිපි අතරේ තියෙනවා කියලා.තොරතුරු හෙව්වහම තියෝ විතරක් නෙවෙයි එයා වගේ මානසික ප්‍රශ්නවල අන්තෙටම ගිලිලා ඉන්න සියගානකගෙම තොරතුරු තියෙනවා,ඒ දකුණු අප්‍රිකාවේ ලොකුම ආරක්ෂක කොන්ත්‍රාත්කාරයා වෙන M-Tech සමාගමේ.මේ තොරතුරු තියෝට කිව්වත් එයා විශ්වාස කරන්නෙ නෑ.ඊට පහුවෙනිදා තියෝ දකින්නෙ ඇන්ජෙලාව නිදි ඇඳේම මරල දාලා කියන එක.මිනීමැරුම් චෝදනාවට තියෝව අත්අඩංගුවට ගන්නවා. ඒ අතරේදීත් කට්ටියක්  තියෝව මරන්න හදනවා.තියෝටත් ඇයි මේ කියලා හිතාගන්න බෑ.එතකොට එයා හිතාගන්නවා මේ දේ සුලමුල මොකක්ද ,කවුද නෝනව මරලා දැක්කෙ කියලා හොයාගෙන යන්න.

ඉතුරු ටිකනං කියන්නෙ නෑ ඔයාලා බලලම ඉන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  2. Thanks cineru

  3. Thanks for sub

  4. Buddhika laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  5. Buddhika laKMal
    Cineru_users

    මචං මේක රීමේක් එකක්ද…..

  6. අපගේ රස වින්දනය උදෙසා ඔබ කරන මෙහෙයට ස්තුතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login