The title of the page
Vinci Da (2019) Sinhala Subtitles
Vinci Da (2019) Sinhala Subtitles
7.4
95

Vinci Da (2019) Sinhala Subtitles | නීතිය අතට ගත් දාම ඝාතකයා | සිංහල උපසිරැසි සමඟ

(Vinci Da (2019) Sinhala Subtitles)

එහෙනං ඔයාගේ නම මොකක්ද?
ඩා වින්චිගේ රසිකයා, වින්චි ඩා ද? ”
මගේ නම මොකක් උනත් “

එදා ඒ බුද්ධිමතුන් දෙන්නා
“තිබ්බ නම ජනප්‍රිය උනා. “

ඒ නම මාත් එක්කම හිටියා. “

ඔව්, මම වින්චි ඩා. “

මේ මගේ කතාව.”

මේක මගේ කතාව විතරක් නෙවෙයි. “

මේක එයාගෙත් කතාව. “

 

කට්ටිය බලනවා ඇති මේ මොකක්ද කිව්වේ කියලා අද මම ආවේ මගේ පළවෙනි කඩයිම පහුකරලා දාන්න..උපසිරැසියක් කරනවා කියන්නේ ටිකක් විතර ටිකක් කිව්වට ගොඩක් මහන්සි වෙලා වෙලාව නාස්ති කරගෙන වැඩ පාඩු කරගෙන කරන වැඩක්.. මම ඉතින් වැඩිය කියවන්න දන්නැති නිසා කෙටියෙන් විස්තරයක් කරන්නම්..කැමති අය කියවල යන්න අකමැති උදවිය සබ් එක අරගෙන පුලුවන් නම් අදහස්, යෝජනා, බැනුම් තියෙනම් පහළින් කියාගෙන යන්න.

ඉස්සෙල්ලම කියන්න ඕන මාව Cineru සයිට් එකට අරගත්ත සමිත රමේශ් ලොක්කත් පීටර් බාත්ලට් ලොක්කටත් ස්තූතිය පුදුකරනවා.. ඒ වගේම cineru උපසිරැසි කණ්ඩායමේ ඉන්න වචනෙකින් හෝ උදව්වක් දීපු ( ඊට වඩා කරලා තියෙනවා ) අශේන්, මදුශාන්, ඩිලාන්, සොමේශ්, අසංක, සුදශ්නි ,දර්ශන,රසල්, අමන්දා, පැතුම්, අරුණ, සොනාල්, චතුනිකා, සිතුම්, චානක, ඉනෝකා, ජයශාන්, විසූ, දිනේශ්, සිතුම්, නදුන්, රුමේශ්, ශශික, උදය, සලිතමලින්ද, ශෙහාන්, විදුර, තාරුක, අංජන, සංදීප, නිත්‍යා, ලහිරු, වගේම නම් නොකිව්ව අයටත් ගොඩක් ස්තූති..

ඒ වගේම මම විශේෂයෙන් ස්තූති කරනවා අංජුල උමේශ් සහෝදරයට මට 50 වෙනි එකට හොඳ ෆිල්ම් එකක් හොයල දෙන්න කිව්ව වෙලාවේ එයා කරන්න හිටිය ෆිල්ම් එක මට දුන්න එකට.. 50 වන උපසිරැසිය වෙනුවෙන් මම අද අරගෙන ආවේ ටිකක් විතර වෙනස් කතාවක් ඒක තමයි 2019 අවුරුද්දේ තිරගත VINCI DA ( වින්චි ඩා ) කියන බෙන්ගාලි සිනමාපටය. මේක අයිති වෙන්නේ Crime/ Mystery/ Thriller ගනයට. ඒත් මේ සිනමාපටය ඔබ බැලුවොත් මේක Revenge  ගනයටත් ගන්න පුලුවන්. මේකට ලැබුන IMDb, Google User වගෙ අගයන් ඉතාමත් හොඳ මට්ටමක තියෙනවා..ඒ කියන්නේ ඉතින් මේකත් එක්තරා විදියක සුපිරියක් කියන එකනේ.. මාව සැකයි වගේනම් Trailer එක බලලා එන්න…

කතාවට බහිමු,

  වින්චි ඩා කියන්නේ තාත්තගේ අඩිපාරේ ගිහින් තමන්ම අලුත් අලුත් දේවල් හොයාගෙන බිහිවෙච්ච අලුත් තාලේ වේශ නිරූපණ ශිල්පියෙක් ඒ කියන්නේ මේකප් ආර්ටිස්ට් කෙනෙක්. මෙයාගේ මේකප් ටිකක් විතර වෙනස්.

අලුත් තාක්ශනයත් එක්ක වින්චි ඩාට පුලුවන් කාගේ හරි ෆොටෝ එකක් බලගෙන ඒ විදියටම ඒ කෙනාව නිර්මාණය කරන්න. ඒක හරියට prosthetic විද්‍යාව වගේ.. යටි පතුලෙ ඉඳන් කෙසි ගහට යනකං ඒ විදියටම මේකප් එක ( මේකප් කිව්වට ඒක කෘතීමව හදපු වෙස් මූණක් වගේ ) කරන්න පුලුවන්.. ඒත් ඔයාලට තේරුනේ නැත්තං Google එකේ Prosthetics Makeup කියලා Search කරන්න.. 

උඩ කිව්වෙ මේ කතාවේ ඉන්න එක ප්‍රධාන චරිතයක් ගැන. අනිත් කෙනා තමයි ආදි බොස්. එයා ලෝයර් කෙනෙක් වෙන්න හීන දැකපු කෙනෙක්.. ඒ හීනෙට සමුදෙන්න වෙන්නෙ එයා  කරපු අපරාධයක් නිසා චිත්‍රප්ටිය

පටන් ගද්දිම ඔයාලට පෙනෙයි. එක්තරා විදියක අමුතු සීරියල් කිලර් කෙනෙක්. ගොඩක් අය සීරියල් කිලර් කෙනෙක් කිව්වම දන්නේ අහුවෙච්ච කෙනාව පිස්සෙක් වගේ කපල කොටල මරල දාන මානසික රෝගියෙක්ට.

ඒත් මේ ආදි බොස් සීරියල් කිලර් කෙනෙක් විදියට වැඩකරන්නේ නීතියට අනුව, එයා කියන විදියට ජීවිතයයි මරණයයි නීතියට දෙවෙනි වෙනවයි කියලා.. ආදි බොස් එක්තරා විදියක මොළකාරයෙක්. ආදි බොස්ගේ ගොදුරු වෙන්නේ සමාජේ ඉන්න ජරාම වැරදි කරලා සල්ලි බලේ නිසා අහිංසක මිනිස්සුව අනාත කරපු අයව ඒ අය කලින්ක් කරපු වැරැද්දම ආයෙත් කරවලා.. ටිකක් අමුතුයි නේ.. බැලුවම තේරේවී අනිවාර්යයෙන්ම..

මේ ඔක්කොම පටන් ගන්නේ ආදි බොස් වින්චි ඩා හම්බෙන්න ගෙදරට ආව වෙලාවේ..වින්චි ඩාගෙ ප්‍රශ්න පිරුණු ජීවිතේට ඊට වඩා ලොකු ප්‍රශ්නයක් අරගෙන තමයි ආදි බොස් එන්නේ.. එහෙනං ඉතින් ඔයාලම බලන්නකෝ 

නීතියට අනුව වැරදී කාරයොන්ට දඬුවම් කරන ආදි බොස් සහ තමන්ගෙ ජීවනෝපාය කරගෙන ජීවත් වෙන වින්චි ඩා එක්ක කරන දේ.. හැබැයි අන්තිමට කවුරුත් හිතන්නෙ නැති දෙයක් තමයි වෙන්නේ, ඒක සිද්ධ වෙන්නේ වින්චි ඩා පණ වගේ ආදරේ කරන ජයාට වෙන එක්තරා සිදුවීමක් නිසා.. 

මේ සිනමාවට අදාළ ඉතුරු විස්තර සහ ප්‍රක්ශක ප්‍රතිචාර කිහිපයක් යටින් දාන්නම්…

එහෙනං අදට යනවා… තවත් උපසිරැසියකින් හම්බෙමු.. පරිස්ස්මෙන් ගෙදරට වෙලා ඉන්න..බුදු සරණයි…

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමිල පැතුම් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමිල පැතුම්

February 22, 2020


57
Total Subtitles

11 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    50* ට සුභ පැතුම් මිතුර…💜️❤💚💕

  2. amila
    Cineru Family Member

    Thanks

  3. amila
    Cineru Family Member

    Ela

  4. 50ට සුබ පැතුම් අයියා..❤️💪

  5. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    50 සුභ පැතුම් අමිලයා ..❤️

  6. Supun Sadeepa
    Cineru Family Member

    Congratulations 😍

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ 50වෙනි සබ් එකට සුබ පැතුම්

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. congratulations broo & Thnk for sub

  10. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි ……. Amila Pathum

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login