The title of the page
7

Vidhi Nadhiye (2022) Sinhala Subtitles | “දෛවයේ ගංඟාව” | සිංහල උපසිරැසි සමඟ

ඉතින් කොහොමද කට්ටියට සෙට් එකම හොඳින් ඇති කියලා හිතනවා.. ඉතින් එක දිගටම ෆිල්ම්ම දුන්නු නිසා මට හිතුනා ආයේ ෂෝර්ට් ෆිල්ම් එකක් කරන්න කියලා.. ඉතින් ඔහේ යූටුබ් එකේ කැරකි කැරකි ඉන්නකොට මම දැක්කා පොඩි යූටුබ් වීඩියෝ එකක් ඒ පොඩි වීඩියෝ කෑල්ල දැක්කම පට්ට ආස හිතුනා.. ඒත් ඒ වීඩියෝ කෑල්ලේ මේ ෂෝර්ට් ෆිල්ම් එකේ නම තිබුනේ නැහැ.. ආයේ ඉතින් ලස්සන දෙයක් නම් අනිවා කමෙන්ට් වල කට්ටිය නම අහලා තියෙනවනේ ඒවට දන්න කෙනෙක් අනිවා උත්තරත් දෙනවනේ.. ඉතින් මම ඒ යූටුබ් වීඩියෝ එකේ කමෙන්ට් බැලුවම නම දාලා තිබ්බේ එක්කෙනෙක් ” Vidhi Nadhiye ” කියලා ඒ ෂෝර්ට් ෆිල්ම් එක දාලා තිබ්බේ ” Annaatthe ” කියන යූටුබ් චැනල් එකේ..

ඉතින් මේ ෂෝර්ට් ෆිල්ම් එකේ ඉංග්‍රීසි සබ් එකක් තිබ්බේ නැහැ.. ඒ නිසා මට අලුතින් ටයිම් ලයින් ගහන්න උනා සබ් එක කරගෙන යන්න.. ඉතින් මම ටයිම් ලයින් ගහලා මේ ලස්සන ෂෝර්ට් ෆිල්ම් එක ඔයාලට බලන්න අරගෙන ආවා.. මේකේ රචනය හා අධ්‍යක්ෂණය ” ශ්‍රීනාත් රංගනාතන් ” එතකොට මේකේ ප්‍රධාන චරිත දෙක කරන්නේ.. ” අරවින්ද් සහ මංජු භාෂිනී ” ( ඉතින් කලින් වගේම සුපුරුදු විදිහට මේකේ කවරේ හැදුවෙත් මම ) හරි දැන් අපි කතාව පැත්තට යමු නේද ?

වරුන් පාරේ බයික් එක තියාගෙන ඉන්නවා.. එතකොට එතනට එක පාරට කෙල්ලෙක් ඇවිත් ” මොකෝ උනේ ” කියලා අහනවා.. පාරේ එක පාරට එහෙම ඉන්නකොට අඳුරන්නේ නැති කෙල්ලෙක් ඇවිත් කතා කරාම කවුරු උනත් හොල්මන් වෙනවනේ මේ මොකෝ කියලා.. ඉතින් වරුනුත් වැඩිය හිතවත් වගේ කතා නොකර ” ඇයි ” කින්දමන්ද එහෙම අහන ගමන් තමයි ඒ කෙල්ල අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ.. වරුන්ගෙන් ඒ කෙල්ල අහනවා බයික් එකේ මොකක් හරි ප්‍රශ්නයක්ද මම උදව් කරන්නද කියලා.. ඉතින් ඔහොම කතා කරලා පස්සේ වරුන් ඒ කෙල්ලට කියනවා හරි මාව මැකෑනික් ෂොප් එකට ගිහින් දාන්න පුලුවන්ද කියලා.. ඉතින් ඒ කෙල්ල වරුන්ව ගිහින් දානවා මැකෑනික් ෂොප් එකට..ඉතින් මෙතනින් පස්සේ කතාව ඔයාලම අරගෙන බලන්න මොකක්ද වෙන්නේ කියලා..

ඉතින් මේ ෂෝර්ට් ෆිල්ම් එක බැලුවම මේකේ මාරම දෙයක් නේද තියෙන්නේ කියලා මට හිතුනා ඒ ඇයි කියනවා නම්.. අපි හිතින් කොච්චර අයට ආදරේ කරනවද.. ඒ වගේම හිතින් ඒකපාර්ශවිකව අපි කීදෙනෙක්ට නම් ආදරේ කරනවද ඇත්තටම බහු වචනයක් විදිහට නැතුව ඒක කිව්වා නම් හරි අපි හිතින් ආදරේ කරන කෙල්ලෙක්.. ඒ වගේම කෙල්ලෙක් නම් කොල්ලෙක්.. ඒ වගේ ඒකපාර්ශවීය ආදරේ කරන අය මේ ලෝකේ කොච්චර ඇතිද ? අපි ආදරේ කරනවා කියලාවත් සමහර අය අපි මැරෙනකල්ම දන්නේ නැහැ අපි ඒක කියන්නේ නැති නිසා.. ඒ වගේම අපිට කවුරු හරි ආදරේ කරනවා ඇතිද කියලාවත් අපි දන්නේ නැහැ.. අපි නොදැනුවත්ව අපිට ආදරේ කරන කෙනෙක් ඉන්නත් පුළුවන් නේද ? කවුද ඉතින් මේ දේවල් ගැන දන්නේ..

ඉතින් මේ ගැන තමයි මේ කතාව.. 

ඔයාලටම බලන්න කියලා මන්ම කිව්වද මන්දා.. ඒ මොනවා උනත් මේක නම් මාරම ලස්සන ඇත්තම සිද්ධියක් ඔස්සේ නිර්මාණය කරපු පට්ට ෂෝර්ට් ෆිල්ම් එකක්.. එහෙනම් මේ කතාව ගැන කිව්වා ඇති කියලා හිතෙනවා..
දැන් ඉතින් මේක ඔයාලගේ අනිවා අරගෙන බලන්න ඔයාලා යූටුබ් ෂෝර්ට් ෆිල්ම් බලන්නෙම නැතුව ඇති කියලා මම හිතනවා.. ඒකයි මම මේක අරගෙන ආවේ ඔයාලට බලන්න.. මේ වගේ තව ඔයාලට මගහැරුණු ලස්සන ෂෝර්ට් ෆිල්ම් තියෙනවා.. මේ එකක් විතරයි..
එහෙනම් අනිවාර්යෙන් අරගෙන බලන්න කියලා කට්ටියටම ආරාධනා කරනවා..
එහෙනම් මම ගියා ආයේ අලුත් දෙමළ සබ් එකක් එක්ක එන්නම් එතකන් බායි මම ගියා..!!

📝 සීක්රට් එන් ( නාරා ) 📝
Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  3. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    වීඩියෝ පිටපත Download කරගන්න මේ සයිට් එකට ගිහින් ” https://www.y2mate.com/en256
    මේ යූටුබ් link එක ” https://www.youtube.com/watch?v=xYmpuRVpGNg ” copy කරලා paste කරන්න එතකොට ඔයාලට කැමති සයිස් එකේ වීඩියෝ පිටපතක් ගන්න පුළුවන්

  4. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..s

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login