The title of the page
FIR (2022) Sinhala Sub
FIR (2022) Sinhala Sub
8.1
94

FIR (2022) Sinhala Subtitles | “ත්‍රස්තවාදියා” | සිංහල උපසිරැසි සමඟ

(FIR (2022) Sinhala Subtitles) (FIR (2022) Sinhala Subtitle) (FIR Sinhala Subtitle)

“FIR (2022) – ත්‍රස්තවාදියා”

කොහොමද යාලුවනේ…

ඔන්න ටිකක් ප්‍රමාද වෙලා හරි FIR චිත්‍රපටයට උපසිරැසි ගෙන ඒමට මට හැකි වුණා.. නිකන්ම නෙවෙයි සියලුම ගීත වලටද උපසිරැසි ගන්වමින්…

ඔබට මතකද 2018 වසරේ තිරගත වූ Ratchasan දමිළ චිත්‍රපටය. එහි ප්‍රධාන චරිතය නිරූපණය කල VISHNU VISHAL ගේ රංගන හැකියාව මැනවින් පිළිබිඹු කල මෙම වසරේ තිරගත වූ තවත් එක් විශිෂ්ටතම සිනමා නිර්මාණයක් වන FIR දමිළ චිත්‍රපටය පිළිබඳවයි අද කතාව…

නලු විෂ්ණු විෂාල්

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ නවක අධ්‍යක්ෂක වරයෙකු මෙන්ම , දමිළ සිනමාවේ කැපී පෙනෙන අධ්‍යක්ෂකවරයෙකු වන Gautham Menon ගේ සහයකු ද වන Manu Anand විසින්. සෙසු නළු නිලියන් ගැන සඳහන් කලහොත් Gautham Menon ද ඇතුළුව Raiza Wilson, Reba Monica John යන නළු නිලියන් සාර්ථක රංගනයක් ඉදිරිපත් කර තිබෙනවා.

චිත්‍රපටයේ කතාව පිළිබඳව පැවසුවහොත් මෑතකදී ශ්‍රී ලංකාවේ සිදුවු සෝචනීය සිදුවීම වන පාස්කු ප්‍රහාරයට බෙහෙවින් සම්බන්ධකම් පවතිනවා කිව්වොත් නිවැරදියි. ISIS සංවිධානය විසින් ශ්‍රි ලංකාවේ පාස්කු ඉරිදා දිනය සැමරීමට ගිය කිතුනු බැතිමතුන් ඉලක්කකොට සිදුකල මිලේච්ජ බෝම්බ ප්‍රහාර දාමය පාදක කරගනිමින් බෝම්බ පිපිරීමට පෙර සහ පසු කාලයේ දී ඇතිවු සිදුවීමක් ලෙසින් මෙම චිත්‍රපටයේ කතාව ගොඩනඟා තිබෙනවා.

ඉර්ෆාන් අහම්ද් කියන්නේ තමන්ගේ අධ්‍යාපනයට ගැලපෙන රැකියාවක් සොයන තරුණයෙක් නමුත් ජාති භේදය නිසා මෙයාට රස්සාවක්නම් ලබා දෙන්න කවුරු ඉදිරිපත් වෙන්නෙ නෑ . කොහොම හරි මෙයා අදුරන කෙනෙක් ගාව රස්සාවට බැදෙන්න අවස්ථාවක් ලැබෙනවා. රස්සාවක් නොමැති කම නිසා කියන වැඩකට යන්න වෙන මොහුව ත්‍රස්ත්‍රවාදියෙක් ලෙස සමාජ ගත වෙන්නෙ නොසිතූ අන්දමින්..

ඉර්ෆාන්ට ඇත්තටම හම්බුන රැකියා කුමක්ද….?

ඉර්ෆාන් රස්සාවක් හෙවූ ත්‍රස්ත්‍රවාදියෙක් ද…..?

නැත්තම් යම් කල්ලියක් විසින් ඔහුව කොටුකර ගත්තද….?

ඒ ගැන දැනගන්න නම් FIR අනිවාර්යයෙන්ම නරඹන්න කියලා කියනවා…

FIR යනු සෑම මුස්ලිම්වරයෙකුම අන්තවාදියෙකු නොවන බව ගෙනහැර පාන දමිළ සලරුවකි….

එහෙනම් මේ චිත්‍රපටය නරඹලා උපසිරැසියෙ ගුණ අගුණත් කියාගෙන යන්නකෝ…

ලිපි සැකසුම : Shen Kevin

..උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ..

(FIR 2022 Sinhala Subtitle) (FIR Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  2. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    එල එල ජයවේවා ❤👌

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Silambattam film eka dennako

  5. සනිරු අරවින්ද

    සබ් එක මරු ස්තුතියි සහෝදරයා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login