The title of the page
Vichithram Sinhala Subtitle
Vichithram Sinhala Subtitle
7.5
91

Vichithram (2022) Sinhala Subtitles | “අමුතු බංගලාවේ අභිරහස” | සිංහල උපසිරැසි සමඟ

(Vichithram (2022) Sinhala Sub) (Vichithram (2022) Sinhala Subtitles) (Vichithram (2022) Sinhala Subtitle) (Vichithram Sinhala Sub) (Vichithram Sinhala Subtitle)

Vichithram(2022) විචිත්‍රම් (අමුතු බංගලාවේ අභිරහස)

Vichithram | Now Showing | Book Tickets | VOX Cinemas UAE

සුභ දවසක් වේවා සිනෙරූ වාසී සියළු දෙනාට!

හායි එහෙනම් මම අදත් ආවෙ අළුතින්ම OTT  වලට රිලීස් වෙච්ච සුපිරි මලයාලම් ෆිල්ම් එකකුත් අරගෙනයි. ඇත්තටම කියනව නම් මම කරපු සබ් වලින් ගොඩක්ම බාධාවල් ආපු සබ් එක තමයි මේක. සබ් එක සම්පූර්ණයෙන්ම ඉවර කරල සේව් කරද්දි වැරදි එන්කෝඩින් එකකින් සේව් වෙච්ච නිසා සබ් එක ආයෙම මුල ඉඳල ආයෙම සැරයක් කරන්න වුනා. ඒත් කමක් නෑ කොහොම හරි ඉක්මනට දෙනවා කියල හිතාගෙන ඉද්දි කරන්ට් එක දවසකට කිට්ටු කාලයක් නැති වුනා. කොහොම හරි මේ බාධා ඔක්කොම අස්සෙ සබ් එකේ වැඩ ඉවර කරල අරගෙන ආවා. ඒ වගේම මම කරපු ෆිල්ම් වලින් ගොඩක්ම අමාරුම වචන අහු වුනෙත් මේ ෆිල්ම් එකේදිමයි. ඒවටත් මගේ හිතවත්ම මිතුරෙක්ගෙන් උදවු අරගෙනයි මේක මම අරගෙන ආවෙ (නම කියන්න එපා කියල කියපු නිසා දාන්නෙ නෑ) එයාටත් ස්තුති කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා. කොහොම හරි දුක කිවුවා ඇති අපි යමු ෆිල්ම් එකට.

විචිත්‍රම් කියන එකේ තේරුම අමුතු කියන වචනෙ වුනත් මම මේකෙ නමට “අමුතු බංගලාවේ අභිරහස” කියල දැම්මෙ මේක ගෙදරක් මූලික කර ගෙන ගොඩ නැගිච්ච කතාවක් නිසා IMDB මීටරේ 7.5 ක් වෙනකන් කරකවපු ගූගල් පරිශීලක මනාපෙ 91% ක් ගන්න පුළුවන් වුනු ෆිල්ම් එකක් තමයි විචිත්‍රම් කියන්නෙ. ටොම් චාකෝ, බාලු වර්ගීස් ,ලාල් වගේ නළු නිළියන්ගෙ රංගනයෙන් හැඩ වුන අභිරහස් කාණ්ඩයට අයිති චිත්‍රපටියක් තමයි අද අරන් ඇවිත් තියෙන්නෙ.

Vichitram Review: A Sincere Family Drama Disguised As An Unusually Sombre Horror Film

කතාව ගැන කියනවනම් අම්මා කෙනෙක් සහ පුතාල පස් දෙනෙක් පියා මිය ගිය පසු පත්වෙන ආර්ථික අපහසුතා එක්ක ඉන්න නිවසත් ඔවුන්ට අහිමි වෙනවා. පසුව තම මවගේ මහ ගෙදර වන පුත්තන්කූර් වලට සංක්‍රමනය වීමත් ( මවගේ සහෝදරයා මිය ගිය පසු) ඇතිවන සිද්ධි දාමයක් වටා තමයි මේ කතාව ගොඩ නැඟිලා තියෙන්නෙ ඒ වගේම මේ ච්ත්‍රපටියෙ ඉන්න සහෝදරයො පස් දෙනාට තියෙන්නෙ එකිනෙකට වෙනස් ගති ලක්ෂණ.  ඒ වගේමයි කතාවෙ අවසානෙන් හිතෙන්නෙ නම් දෙවනි කොටසක් එයි කියලයි ඒ ගැනත් බලාපොරොත්තු තියාගෙන මේ ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනවා. එහෙනම් කතා ඇති වැඩිය කිවුවොත් කුතුහලේ නැති වෙන නිසා මම මෙතනින් නවත්තනවා. ආයෙත් මලයාලම් ෆිල්ම් එකක් අරන් එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

බායි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශිහාන් අමරකෝන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශිහාන් අමරකෝන්

April 5, 2023


8
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශිහාන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Aluthma filmswalata sub dena
    hamotama Godak pin……..!

  2. laKMal
    Cineru_users

    මහන්සියට රෙස්පෙට් මචං..
    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  4. Thanks brother sub එකට …🙏❤️🙏 ජය වෙවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login