Vikram Vedha (2022) Sinhala Subtitles
Vikram Vedha (2022) Sinhala Subtitles
7.1
79
88

Vikram Vedha (2022) Sinhala Subtitles | “නීතියේ අපරාධ” | සිංහල උපසිරැසි සමඟ

(Vikram Vedha (2022) Sinhala Subtitles) (Vikram Vedha (2022) Sinhala Sub) (Vikram Vedha Sinhala Sub)

(Vikram Vedha Sinhala Sub)

සුභ දවසක් වේවා ඔයාලා හැමෝටම! ඔන්න කොහොම හරි හිමින් හිමින් කොටලා කොටලා මගෙ *50* උපසිරැසියටත් ආවා 🤗 50ක්‌ ගැහුවද කියලා හිතාගන්න බැරි තරම් ඉක්මනට වැඩේ වෙලා තියෙනවා කොහොම හරි.. නිකන් ආසාවට සබ් ගහන්න හිතිලා දාපු email එකකින් මෙච්චර දුරක් එයි කියලා නම් කවදාවත් හිතුවේ නෑ.. ඒත් කොහොම හරි ඔයාලගේ පිහිටෙන් මෙච්චර දුරක් ඇවිල්ල තියෙනවා 🥺❤️ මට මේ ගමන එන්න සපෝර්ට් කරපු අයව කොහොම අමතක කරන්න ද…?

පලවෙනි සබ් එකේ ඉදන් මේ දක්වා සබ් ගහන හැටි පවා කියලා දීලා මට ෆිල්ම් තෝරලා බේරලා දීලා මට ෆුල් සපෝර්ට් එකක් දීගෙන මාත් එක්ක ඉන්න සමිත අයියව මුලින්ම අනිවාර්යෙන් මතක් කරන්නම ඕන 🙂♥️ ඊයෙත් අදත් මගෙ වැරදි අඩුපාඩු කියලා හදල දීලා, ඕන වෙලාවක බොක්කෙන්ම මගෙ සපෝර්ට් එකට ඉන්න අංජුල අයියා, පීටර් අයියා, මදුෂාන් අයියා, අශේන් අයියා, කවිෂ්ක සහෝ වත් අනිවාර්යෙන් මතක් කරන්නම ඕන 🙂♥️

ඊටපස්සේ අමතක කරන්නම බැරි මගෙ දුක අහන තුන්දෙනා 🤭 මොන වදයක් දුන්නත් මට ඕන වෙලාවක ඕනම උදව්වක් කරන උචිනි අක්කා, ඉදුවර මල්ලි, රොෂේන් සහෝදරයා ගොඩක් ස්තුතියි ඔයාලටත් 🥺❤️ ඒ වගේම සිනෙරූ පවුලේ සාමාජිකයන් හැමෝම ආදරෙන් මතක් කරනවා..මේ සෙට් එක නැත්තම් මාත් නෑ මගෙ සබ්ත් නෑ.. ඒ නිසා ඒ ක්‍රෙඩිට් එක අනිවාර්යෙන් එයාලට දෙන්න ඕන, ගොඩක් ස්තුතියි ගොඩක් ආදරෙයි ❤️🙂

ඒ වගේම හැමදාම කමෙන්ට් කරන Kantha_DLA, Sanjeewa Malith, Kasun, Lakmal මේ සෙට් එක වගේම මෙතන මගහැරුණු නම් ගොඩක් ඇති.. එයාල කවුරුත් තරහ වෙන්න එපා කියලා අහිංසකව ආදරෙන් ඉල්ලන ගමන්ම, ඒ වගේම අපෙන් සබ් ගන්න, අපිත් එක්ක ඉන්න ඔයාලා හැමෝටම ගොඩක්ම ස්තුතියි.. ජයම වේවා.. හැමෝටම ආදරෙයි 🙂♥️

අද වෙනසකටත් එක්ක ෆිලුමේ විස්තරේ ලියන්න අපේ ඉදුවර නිසල් සහෝදරයාට බාරදුන්නා…යං ඒ දිහාට ❤️

පොඩි Esub කේස් එකක් නිසා මේ ෆිල්ම් එක අරන් එන්න අපේ සමිත අයියා, උචිනි අක්කා සහ රොෂේන් සහෝදරයා දුන්නු ගින්දර සපෝර්ට් එකට ගොඩක් ස්තුතියි ❤️🤟

ඉතින් මේ ෆිල්ම් එක ගැන කියවනම් මේක ඔයාලා හැමෝම වගෙ දන්න Vikram Vedha 2017 ටැමිල් ෆිල්ම් එකේ හින්දි රීමේක් එකක්..

මේ ෆිල්ම් එක අයත් වෙන්නෙ Action/Thriller කියන ගණයට..රීමේක් එකක් උනත් හොද කොලිටියට කරපු රීමේක් එකක් කියලා කිසිම සැකයත් නැතුව කියන්න පුලුවන්.. මොකද ඇක්ෂන් එහෙම ගින්දර ටිකට තියෙනවා 🥺❤️🔥💪

මේ ෆිල්ම් එකේ අපි හැමෝම දන්න සුපිරි තරුව “රිතික් රෝශන්” වේදාගෙ චරිතයට රංගනයෙන් දායක වෙන අතරෙ වික්‍රම් කියන පොලිස් නිලධාරියගෙ චරිතයට අපි හැමෝම දන්න සුපිරි තරුව “සයිෆ් අලී කාන්” රංගනයෙන් දායක වෙනවා ♥️

රිතික්ව දැක්ක ගමන් හැමෝම අහනවනේ Dance නැද්ද කියලා.. ඔව් මේකේ ලස්සන සින්දු ටිකකුත් එක්ක Dance ටිකකුත් තියෙනවා.. ඔයාලම බලන්නකෝ 🤗

ඉතින් මේ රිතික් / සයිෆ් දෙන්නගෙන රංගන හැකියාව ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ 🙂🔥සේදුපතිගෙයි / මාදවන්ගෙයි රංගනයට නොදෙවෙනි රංගනයක් මේකෙත් අපිට බලාගන්න පුලුවන්..

මේ ෆිල්ම් එක ඉන්දියානු රුපියල් කෝටි 120 ක පමණ මුදලකින් නිපදවුවත් ඒ තරම් ආදායමක්නම් ලබාගන්න මේකට හැකි උනේ නෑ..ඒ නිසා මේකට flop එකක් කියලා තමයි කියන්න වෙන්නෙ 🥲

ෆිල්ම් එකේ කතාව ගැනනම් මම මොකුත් කියන්න යන්නෙ නෑ මොකද ඔයාලා ගොඩක් අය දන්නවා ඇතිනේ..Vedha කියන්නෙ මැරයෙක් වගේම Vikram කියන්නෙ පොලිස් නිලදාරියෙක්.. මේ දෙන්නගෙ අතරෙ කරට කර යන සටනක් තමයි මේ ෆිල්ම් එකෙ තියෙන්නෙ.. දෙන්නගෙම සටන කිව්වට අන්තිමට කව්ද හරි කව්ද වැරදි කියලා හිතාගන්න බැරි තැනකට ඔයාලත් එයි 🥲 අන්තිමට දෙන්නම වැරදි නෑ කියලත් තේරෙයි.. එහෙනම් කව්ද වැරදිකාරයා 🤔 ඒකට උත්තරේ දැනගන්න ඔයාලම ෆිලුම බලන්නකෝ එහෙනම් 😚

හැමෝටම බුදු සරණයි! ජේසුපිහිටයි!

Cineru එක්කම ඉන්න.. අලුත්ම ෆිල්ම්ස් බලන්න 😉🤍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |8839|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


55
Total Subtitles

23 comments

  1. Uchini Perera
    Cineru Family Member

    50*වෙනි කඩඉමට සුබ පැතුම් මල්ලි.. ❤
    ඒ වගේම සබ් එකටත් ස්තූතියි.. 💜️

  2. Induwara nisal

    සුබ පැතුම් සගෝ 50 කඩයිමට..සබ් දෙනකන් බලාගෙන හිටියෙ ෆිල්ම් එකත් බාගෙන.. අපි වෙනුවෙන් කරන ඒ කැපවීමට ගොඩක් පිං සගො❤️

  3. 50 ta subapethum sahoo….. jaya wewaaa………

  4. අඩෝ ඉමෝසනල් ඩැමේජ් එකක් මේකනම් , මම මොකක්ද බන් කරේ 💔💔 , අඩුම එක ටයිම් ලයින් එකක්වත් ගහන්න උදව් උන්නෑනෙ , මලයාලමක් වගේ එකක් හොයාගන්න උදව් කරන විදිහ මම පෙන්නන්නම් 😢

    සබ් එක බාගත්තා , 50 ට සුබපැතුම් සගෝ , ආදරෙයි , තෙරුවන් සරණයි ❤️

    • ආදරෙයි සහෝ තෑන්ක්ස් ❤️ තෙරුවන් සරණයි ❤️

  5. Anjula Umesh
    Cineru Family Member

    50* ට සුබ පැතුම් මල්ලී..💛

  6. 50 ta congratulations..

  7. Thasitha Nilanka

    50 උපසිරැසියට සුභ පැතුම් 👍 ජය වේවා!

  8. Sanjeewa Malith

    සුබපැතුම් mage සහෝදරයා ❤ 🔥 ඉස්සරහට ලොකු ගේමක් ගහමු…සුපිරි film එක්ක ❤❤

  9. Transmutation Sinhala sub

  10. Peter Barthelot
    Cineru Family Member

    ඕං මගෙනුත් 50 ට සුබ පැතුම්… වැඩි වැඩියෙන් මගේ සබ් සින්ක් කරන්න ලැබේවා

    • ස්තුතියි පීටර් අන්නා ආදරෙයි ♥️🥺 ඔයාටත් තව තවත් කැම් කොපි වලට සබ් ගහන්න ලැබේවා 🤭♥️

  11. 50වෙනි උපසිරැසයට සුබ පැතුම් මචං… කිසිම ලාබයක් නැතිව අපිවගේ ෆිල්ම් පිස්සන්ට තමුන්ගෙ වටිනා කාලය කැපකරලා සබ් හදනවට රොම්බ තෑන්ක්ස් බ්‍රෝ….. ෆිල්ම් බලන උන්ට සබ් දෙන්න මහන්සිවෙනවා වගේම ඔයාගේ පෞද්ගලික ජීවිතයේ වැඩ ටිකත් සාර්තකව කරන්න පුලුවන්න වෙන්න කියලා මං ප්‍රාර්තනා කරනවා…
    පුලුපුලුවන්වෙලාවට තව තවත් සබ් ගෙනල්ලා 100. 150. 200 කඩයිමත් පහුකරමු මචං….

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  12. niyami sago niyamayi සුබපැතුම් mage ekaa

  13. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!

    ගොඩක්ම ස්තූතියි ශානා සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Apiwenuwen kaalaya, mahansiya, kepakireemata
    Godaka pin kollo …
    Double salute half century ekata….!!!
    Nidukwewa..! Nirogiwewa..! Deergausha labeewa..!

  14. බොහොම ස්තුතියි

  15. Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *