The title of the page
Velvet Nagaram Sinhala Sub

Velvet Nagaram (2020) Sinhala Subtitles |යුක්තිය සොයා| සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් ආයෙත් මේ වසරේම නිකුත් උන ලස්සන දමිල සිනමා සිත්තමකට උපසිරැසි අරගෙන ආව මම ඔයාල හැමෝම දන්න අශේන් මදුරංග (චූටි හිතුවක්කාරයා )
මේ ටිකේ නිමාඩු නිසා ඉතිං මෙහෙම උපසිරැසි හදනවා ,ආයෙ වැඩ පටං ගත්තම තමා 😥🙄(Velvet Nagaram Sinhala Sub)

එහෙනම් ෆිලුම ගැන විස්තර ටිකක් බලමු……….

2020 මාර්තු මස 6 වෙනිදා ඉන්දියාවේ දී නිකුත් උන මෙය Thriller/Action යන කැටගරි වලට අයත් වෙලා තියෙනවා …
Manoj Kumar Natarajan විසින් අධ්‍යක්ෂනය කර ඇති මෙහි ප්‍රෙදාන චරිතය නිරූපනය කරන්නේ නිලියක් ඒ වෙන කවුරුත් නෙමේ ඔයාල හැමෝම දන්න දක්ශ නිලියක් වෙන Varalaxmi Sarathkumar Usha විසින් ………

Velvet Nagaram Sinhala Sub RJ Ramesh Thilak
🌟Maalavika Sundar
Velvet Nagaram Sinhala SubPrakash Raghavan Deepak
Velvet Nagaram Sinhala SubKasthuri Gauri
Velvet Nagaram Sinhala SubSanthosh Krishna

Velvet Nagaram 2020 Sinhala Sub

ඇතුලු ප්‍රෙසිද්ද නලු නිලියන්ගේ රංගනයෙන් ලස්සන වී ඇති මෙම සිනමා පටයට 6.1/10 IMDB ලැබී ඇත.කතාව ගැන මම කියන්න ඕනේ නෑ අපේ ඉන්දීවරී අක්කාගෙන් අහගමු…………..
කොඩෛකානල් ප්‍රදේශයේ ඇති වනයක එක්වරම ගින්නක් හටගනී. එම ගින්න නිසා වනාන්තරය තුළ තිබුනු ආදිවාසී ගෝත්‍රයකට අයිති ගම්මානයක් සම්පූර්ණයෙන්ම විනාශ වෙයි. මේ වෙනුවෙන් හඬ නැගූ නිළියක්, පරිසරවේදිනයක් සහ සමාජ සේවිකාවක් වන ගෞරිගේ හදිසි මරණයෙන් පසුව ඇයගේ මාධ්‍යවේදී මිතුරියක් වන ඌෂා විසින් ගෞරි මියගියේ කෙසේද යන්න සොයා බලයි. තර්ජන, ගර්ජන, ත්‍රාසය සහ අවනීතිය අතරින් සිදුවන ඌෂාගේ ⁣ගවේෂනය සාර්ථක වේවිද?

2020 මාර්තු හයවෙනිදා තිරගත වීම ආරම්භ කරපු වෙල්වට් නගරම් චිත්‍රපටිය
මනෝජ් කුමාර් නටරාජන් මහත්මයාගේ පළවෙනි සිනමා අධ්‍යක්ෂණය ලෙස හඳුන්වන්නට පුලුවන්.
අධ්‍යක්ෂකවරයාට අනුව මෙම චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නෙ 2010 අවුරුද්දේ කොඩෛකානල් වල සිදුවුනු සත්‍යය සිදුවීමක් ඇසුරෙන්.
මෙහි 1st look එක 2018 වසරේ දෙසැම්බර් මාසයේදි විජේ සේතුපතිගේ ට්වීටර් ගිණුම හරහා අන්තර්ජාලයට මුදා හැරලා තියනවා.
මෙය ප්‍රමාදවීම් කිහිපයකට පසුව තමයි 2020 මාර්තු මාසයේදී මෙම චිත්‍රපටිය ප්‍රදර්ශනය අරඹන්නේ.

Velvet Nagaram  Sinhala Sub

වෙල්වට් නගරම් සඳහා රංගනයෙන් දායක වන නළුනිළියන් ගැන ටිකක් කතාකලොත්;
ප්‍රධාන චරිතය එහෙම නැත්තන් ලීඩ් කැරැක්ටර් එක සඳහා දායක වන්නේ වරලක්ෂ්මී සරත්කුමාර්. නයන්තාරා විසින් නැවත අරඹන ලදි කාන්තා කේන්ද්‍රීය සිනමා සංකල්පය ඇතුලේ ඉන්න උත්සාහ කරන කෙනෙක් විදියටයි මම වරලක්ෂ්මී සරත්කුමාර් දකින්නේ. මේ චිත්‍රපටියත් කාන්තා චරිතයක් වටා ගෙතුණු ත්‍රිලර් කාණ්ඩයේ චිත්‍රපටියක්. වරලක්ෂ්මී ගැන වැඩි දෙනෙකුගේ එතරම් ප්‍රසාදයක් නැහැ. සමාජ මාධ්‍යය තුළ ඇතැම් විට ඇය ගැන පළවෙන දේවල් වලින් එහෙම හැඟීයනවා.

නමුත් වරලක්ෂ්මී කියන්නේ ගණිකාවකගේ ඉඳලා පොලිස් නිලධාරිනියක්, පෙම්වතියක් දක්වා පරාසයක විහිදුණු ඕනෑම චරිතයක් කිසිදු ගැටලුවකින් තොරව රඟපාන්නට පුලුවන් හැකියාවක් තිබෙන නිළියක්.
ඇය එසේ රඟපානවා මා දැක තිබෙනවා. එසේම එම සියලුම චරිත සඳහා වරලක්ෂ්මී විසින් 100% සාධාරණය ඉටු කර තිබෙනවා. නමුත් ඇය සීනිබෝල නිළියක් නොවෙයි.
ඇය බොරුවට හුරතල් වන්නේ නැහැ.
කෙලින් කතා කරන තැනැත්තියක්.ඇය කරන චරිත වලද මෙම ගතිය දකින්නට පුලුවන්. එනිසාම ඇයව බොහෝ දෙනෙකුට රුස්සන්නේද නැහැ.
නමුත් එය වරලක්ෂ්මීගේ වරදක් නම් නොවෙයි.
එහෙත් ප්‍රේක්ෂක ආකර්ශනය ඉතා ඉහළින්ම ති⁣බෙන ඇතැම් සීනිබෝල නිළියන්ට වඩා ඇගේ සිනමා භාවිතාව ඉතා ඉහළයි.

Velvet Nagaram Sinhala Sub

වරලක්ෂ්මීට අමතරව රමේශ් තිලක්, කස්තුරි, ප්‍රකාශ් රාඝවන්, අර්ජාන් වගේ
නළු නිළියන් පිරිසක් මේ සඳහා සම්බන්ධව සිටිනවා.
මෙයින් රමේශ් තිලක් ඇරෙන්නට අනිකුත් නළුනිළියන් නිතර දැක පුරුදු අය නොවෙයි.
නමුත් අධ්‍යක්ෂකවරයා විසින් ඉතාම දක්ෂ අයුරින් ඔවුන්ව හසුරුවා ගෙන තිබෙනවා.

නවක අධ්‍යක්ෂකවරයෙක්ගේ පළමු සිනමා නිර්මාණය කියලා නොහිතෙන මට්ටමකින් චිත්‍රපටිය නිර්මාණය කරලා තියනවා. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි තිස්පහක් පමණ වනවා.
කිසිදු අනවශ්‍ය දර්ශන හෝ සිද්ධි නැහැ. විහිලු නැහැ. නැටුම් නැහැ. හුරතල් නිළියන් සහ සික්ස් පැක් නළුවන් කිසිවෙකුත් නැහැ.
නමුත් මෙය චිත්‍රපටියක් විදියට සාර්ථකයි.
පළමු චිත්‍රපටි අධ්‍යක්ෂණය විදියට සාර්ථකයි. ඇඟ හිරි වැටෙන ත්‍රාසයක් නැහැ. එහෙම නෑ කියලා කිසිදු අයුරකින් ගැටලුවකුත් නැහැ.

වෙල්වට් නගරම් ආරම්භ වන්නේ කොඩෛකානල් ප්‍රදේශයේ වනාන්තර ආශ්‍රිතව සුන්දර දර්ශන දැක්වෙන රූපරාමු කිහිපයකින්.
එය ඔබව වනගත සුන්දරත්වයක සිට නාගරික ප්‍රචණ්ඩත්වයක් දක්වා ක්‍රමිකව රැගෙන යනවා. විශේෂයෙන්ම චිත්‍රපටියේ දෙවන අර්ධය ඉතා උද්යෝගීමත්. ඉතින් මේ දිනවල පවතින ඇඳිරි නීති තත්වය නිසා නිවසටම කොටුවී සිටින ඔබ වෙනුවෙන් සිනෙරූ උපසිරැසි කණ්ඩායම විසින් ගෙන එනු ලබන තවත් චිත්‍රපටියක් තමයි වෙල්වට් නගරම්. ත්‍රිලර්/ඇක්ෂන් වර්ගයේ චිත්‍රපටි නරඹන ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටියක් බවත් පැවසිය යුතුමයි.

සියලු දෙනාම එකමුතුව වර්තමානයේ පවතින මෙම ව්‍යවසනකාරී තත්වයෙන් ගැළවෙමු කියන ඉල්ලීමත් සමග මම නවතිනවා.ඔබ ගෙදර ඉන්න. අපි සිංහල උපසිරැසි දෙන්නම්🙏🙏
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා …………සිනෙරු උපසිරැසි අංශය වෙනුවෙන් මම අශේන් මදුරංග (චූටි හිතුවක්කාරයා ) හැමෝටම බුදු සරණයි /දෙවි පිහිටයි 🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

9 comments

  1. Thanks සබ් එකට

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍

  3. ashen maduranga thank bro sinhl;a sube ekata {ruler 2019 telugu} film ekat sube dannako ///

  4. Lalani Maduwanthi

    Thank you malli

  5. Sub eka hariyta wed na bro..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login