The title of the page
The Call of The Wild (2020) Sinhala Subtitles
6.8
62
91

The Call of The Wild (2020) Sinhala Subtitles | මිනිසාගේ හොඳම මිතුරා | සිංහල උපසිරැසි සමඟ

The Call of The Wild Sinhala Sub

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ තමා වෙබ් එකට ගොඩවුණේ. නිකම්ම එන්නෙ නෑ කියලා දන්නවනෙ ඉතින්. අදත් හැමෝම බලාගෙන හිටපු ගොඩක්ම ලස්සන චිත්‍රපටියකට තමයි උපසිරසිය අරගෙන එන්නෙ. The Call of The Wild Sinhala Sub හැමෝම දන්නවා ඇතිනෙ මොකක්ද චිත්‍රපටිය කියලා. ඊයෙ දවසෙ තමයි හොඳ පිටපතක් නිකුත් වුණේ. ඇත්තටම කිව්වොත් ලස්සන චිත්‍රපටියක්. බල්ලෙක් වටා ගෙතුණු අපූරු කතාවක් තමයි චිත්‍රපටිය පුරාම තියෙන්නෙ. එතකොට හිතාගන්න පුළුවන්නෙ ඉතින්. හැබැයි ඉතින් මීට කලින් ආපු චිත්‍රපටිවලට වඩා වෙනස්ම පැත්තක් තමයි මේකෙ තියෙන්නෙ. මේ චිත්‍රපටිය ගැන පොඩි දේකුත් දැනගෙන ඉමු.

2020 අවුරුද්දේ පෙබරවාරි 14 වෙනිදා තිරගත වුන තවත් අලුත් ම චිත්‍රපටයක් තමා අරගෙන ආවෙ.. Imdb අගය 6.9 කුත් Rotten Tomatoes අගය 61% කුත් අරගෙන තියනවා.. කවුරුත් දන්න Indiana Jones , Star wars , Blade runner වගේ චිත්‍රපට වලට දායක වුන Harrison Ford තමා ප්‍රධාන චරිතය ට දායක වෙන්නෙ. ඒ වගේම Jumanji , Avengers Endgame වලට දායක වුන Karen Gillan එහෙමත් මේ චිත්‍රපටයෙන් එකතුවෙනවා..

Box office ආදායම මිලියන 100 ආදායම පසු කරන්න මේ The Call of Wild චිත්‍රපටය සමත් වෙනවා.. Adventure Drama ගණයට වැටෙන මේ ලස්සන චිත්‍රපටය පැයයි විනාඩි 40 ක් පුරා ගෙදරට වෙලා ඉන්න එකේ හැමෝමත් එක්කම බලන්න පුළුවන්. කිසිම අවුලක් නෑ. The Call of The Wild Sinhala Sub

මේකෙ ස්ටෝරි එක ගැන පොඩ්ඩක් කිව්වොත් බක් කියන ලස්සන සුරතලා වටා තමයි මේ කතාව ගෙවෙන්නෙ. මේ බක් හොඳ පෝසත් ගෙදරක හැදුණ හොඳ පිරිපුන් ඇඟක් තියෙන තඩි බල්ලෙක්. එයා කියන දෙයක් අහන බල්ලෙක් නම් නෙවෙයි. හරිම හිතුවක්කාර බල්ලෙක්. හැබැයි ඉතින් එයාගෙ ස්වාමියා එයාට ගහන්නවත්, සැර කරන්නවත් යන්නෙ නෑ. මෙයාගෙ මුල්ම ස්වාමියාගෙන් වෙන් වෙලා ගියාට පස්සෙ මෙයාට ස්වාමියෝ ගොඩක් හම්බෙනවා. හැබැයි ඉතින් ඒ හැමෝම හොඳ අයනම් නෙවෙයි. නපුරු මිනිස්සු ගොඩක් හම්බෙනවා. ඒ අතරින් මෙයාට විශේෂ කෙනෙක් හම්බෙනවා. එයා එක්ක තමයි මෙයා වැඩි කාලයක් ගෙවන්නෙ. අන්තිමට ඉතින් කොහොම හරි මෙයාට මෙයාගෙ නිදහස ලබාගන්න පුළුවන් වෙනවා.

ඔයිට වඩා කියන්න යන්නෙ නෑ. මොකද එහෙම උනොත් කිසිම රසයක් නැති වෙනවනෙ. හැමදාමත් වගේ උදව් කරන සමිත රමේෂ් අයියාගෙන් මේකටත් ලොකු උදව්වක් ලැබුණා. ඒ වගේම අපෙ ටීම් එකේ හැම කෙනෙක්ම උදව් කරා. ඒ වගේම සිතුම් ඉෂාර සහෝවත් මතක් කරන්න ඕන. දැන් උපසිරසි කරන්නෙ නැති උනත් ඉල්ලන ඕනම උදව්වක් බෑ නොකියා කරලා දෙනවා. එහෙනම් ඉතින් හෑලි කියෙව්වා ඇතිනෙ. උපසිරසිය අරගෙන මේ අපූරු චිත්‍රපටියත් බලලම ඉන්න.

Stay Home and Watching Movies

හැමෝටම බුදු සරණයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

5 comments

  1. The Gentlmen eketh sub denna

  2. Wow niyamaii .thanks you. Amazing fast ❤

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට

  4. THANKS SUB EKATA JAYAWEWA – BUDU SARANAI…………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login