The title of the page
8.2
85

Vaaranam Aayiram (2008) Sinhala Subtitles | “ජීවිතයේ උල්පත බඳු තාත්තා…” | සිංහල උපසිරැසි සමඟ

(Vaaranam Aayiram (2008) Sinhala Subtitles) (Vaaranam Aayiram 2008 Sinhala Subtitle) (Vaaranam Aayiram Sinhala Sub)

ඉතිං කොහොමද මගේ යාළුවෝ හැමෝටම…

ඔන්න අද මම ඇවිත් ඉන්නේ මගෙ 50 වෙනි උපසිරැසි ගැන්වීම අරගෙන (හෑල්ල ටිකක් දිග වේවි වෙළද දැන්විම් බලන්න කැමති නැති අය භාගයක් දුරට ලිපිය SKip කරලා කියවන්න 😁😂) ඉතිං කියන්න ඕනි 50* වෙනි උපසිරැසිය උනාට මාස ගාණක් තිස්සේ යන්තම් සත්තමට කොට කොට ඉදපු උපසිරැසියක් තමයි මේක.. මොකද කිව්වොත් මම මේ මාස කිහිපයේ මගෙ ඉගෙනීම් වැඩත් එක්ක කාර්යය බහුල නිසා..

කොහොම උනත් මේ චිත්‍රපටයට පලමු සිංහල උපසිරැසි ගැන්විම කිරිමට මා තුල තිබු අධික ආසාව නිසා දිගු කලක් කා දැමුවත් අවසානේ පරිපුර්ණ පරිවර්තනයක් සහිත උපසිරැසි කිරිමට මට හැකි උනා…

කොහොම උනත් පලමු කොට කියන්න ඕනි මේකේ පරිගණක දත්ත පිටපත මගේය කියලා….ඒක සැදිමට තමා මාසයක් විතර කල් අරගන්න මට සිද්ධ උනේ…

ඒ වගේම මම 50* වෙනි උපසිරැසි ගැන්විම දක්වා කරපු උපසිරැසි ගැන්වූ චිත්‍රපටි ගැනත් පොඩියට මතක් කරන් ගියොත්,මේ ලිපිය පරිපූර්ණ වෙවි යැයි මට හිතේනවා…ඉතිං අපි මම පෙර කරන ලද උපසිරැසි 49 ගැන සිහි කරගමු..😁

• Dream (2003) සිහින අශාවේ පෙරලෙන පිටු

• Kaadhal kondein (2003) ආලයෙන් බැදුනේමි

• Karakai Jouzu no Takagi-san S1 (2018) යහලු යෙහෙළි විහිළු තහලු

• Tamako love story (2014) මිත්‍ර මොචි ප්‍රේමය

• Hiropanthi (2022) විරයා ආවා..

• 83 (2022) ලෝක කුසලානය

• Saani kaayidham (2022) වියුරු වුන ඇය

• Sammer ghost (2021) ගිම්හාන අවතාරය

• Maaran (2022) සත්‍යවාදියා

• Hardyam (2022) හදවත

• Tomorrow S1 (2022) හෙට දින

• Tasuki ga Kirei S1 (2017) සද ලස්සනයි

• Adavallu Meeku Joharlu (2022) නෝනාවරුනි මම ඔයාලට අචාර කරමි

• Etharkkum Thunindhavan (2022) ස්ත්‍රි වාදය..

• Godzilla (1954) ගොඩ්සිලා ගේ ආගමනය

• Moon knight S1 (2022) චන්ද්‍ර නයිට්වරයා

• Radhe Shyam (2022) ෆැන්ටසි ආදර අන්දරය

• Catwomen Hantet (2022) බළල් ඇස් මාණික්‍ය

• Hal (2013) අහිමිවිම…

• Jan E Man (2021) සුභ උපන්දිනයක් ජොයිමන්..

• Jalsa (2022) ත්‍රව් මානව

• FIR (2022) ත්‍රස්තවාදීයා..

• Boku wa ashita kinou no kimi (2017) මගේ හෙට දින නුඹේ පෙර දින

මට මතක උපසිරැසි ගැන්වීම් ලෙස ඕවා සිහිකරන්න පුළුවන්. මීට අමතරව තව උපසිරැසි ගැන්වීම් 20ක් පමණ මගේ තියෙනවා..ඉතිං ඒවා නරඹන්න ඔබට අවශ්‍ය නම් Cineru වෙබ් සයිඩ් එකේ “ඉනුෂ සුදන්ගම” කියන ප්‍රොෆයිල් එක පරිශීලනය කිරිමෙන් ඔබට ඇවැසිය ලබා ගැනිමට පුළුවන්…

එහෙනම් දැනට වෙළද දැන්වීම් ඉවරයි.. එහෙනම් අපි දැන් අපේ ලිපිය පැත්තට යමු..නැත්නම් ලිපිය ගොඩක් දිග වෙන්න පුළුවන්…

Vaaranam Aayiram (2008)

“ජීවිතයේ උල්පත බඳු තාත්තා”

“තාත්තා”…ඕනම පුද්ගලයේකුගේ ජිවිතේ උල්පත , ජිවිතේ ප්‍රදාන නිමැවූකරුවා වන්නේ තම තාත්තා නැතහොත් පියා නමින් හඳුන්වන වීරයකු බදු චරිතයයි…දරුවන් කුමන අයුරේ පුද්ගලයන් වේදැයි තීරණය වන්නේ පියෙකු තම දරුවන් හදා වඩා ගන්නා අයුරෙනි….ඔහු තම ජිවිත අත්දැකීම් පෙරටු කොට ගෙන තම දරුවන් ගේ වැරැදි නිවරැදි කරමින් ඔවුන්ට ජිවිතය පිලිබදව කියා දෙයි…

පියා යනු ළමයෙකුගේ ජිවිතේ දැසින් දැක ඇති දෙවිවරයෙකි…gvm නැතහොත් ගෞතම් වාසුදේව මෙනන් නම් දමිල සුප්‍රකට අති දක්ශ සිනමාපට නිර්මාණ කරුවාට අනුව නම් ඔහුගේ පියා ද එසේ පුද්ගලායේකි.…gvm විසින් තම පියාගේ චරිත ලක්ෂන පාදක කරගනිමින් 2008 වසරේදි සිනමා පටයක් නිර්මාණය කරා එය නමින් #Varanamayiram නම් වෙනවා…

අධ්‍යක්ෂක ගෞතම් මෙනන්

Varanam ayiram සිනමා පටයේ ප්‍රදාන චරිත 2 ම හොබවනු ලබන්නේ දමිල අතිදක්ශ ජනප්‍රිය නලු සූර්යා සිවකුමාර් විසිනි….ඔහුගේ මෙහි රංගන නම් වචනයෙන් කියා නිම කරනු බැරි තරම් අනර්ඝයි…සුර්යා සහා gvm සුසංයෝගය #kaakakaaka සිනමාපටයට පසුව මෙම නිර්මාණය තුල ඉටත් වඩා දැවැන්ත අයුරින් වැජඹුණු බව අනිවර්යෙන් ම සදහන් කල යුතුය…

ප්‍රධාන නළු සූර්යා සිවකුමාර්

Gvm ගේ සිත් ගන්නා තිරපිටපත් රචනය එහි අන්තර් ගත අකර්ශනිය සිද්දි නිර්මාණයන් එනම් ; කුඩා කාලය , පාසල් කාලය , තරුණ්‍යය හා වයස්ගත වීම ආදී සිද්ධි දාමයන් ඊට අන්තර්ගතයි. තවද වචන(dialog) බාවිතයන් මෙම සිනමා පටය නරඹන ලද පුද්ගලයන්ට අමරණිය මතකයක් සනිටුහන් කිරිමට සමත් උනා…නලු වන් ගේ රංගනය මෙහෙය වා ඇති අකාරයද gvm විසින් විශිෂ්ඨ අයුරින් සිදුකරලා තියෙනවා..

හැරිස් ජයරාජ්යන්ගේ මිහිරි සංගීත තනු නිර්මාණය..සංගීත සුසංයෝජනය ඉතාමත් විශිෂ්ඨය…

ඒම ගීත සියල්ලටම පාහේ උපසිරැසි ගැන්විම සිදුකරන්න අපි යෙදුනා..

Mundhinam parthene 🌷

♪ මා පෙරදින
නුඹව දුටුවා නේ….♪
♪ දුටු තැන
මා වැටි ගියානේ…♪
♪ කටු ඇති
ඇහැක් මෙන්….♪
♪ මගේ හදවත..
තුවාල කරානේ…♪

• 𝘼𝙙𝙞𝙮𝙚 𝙆𝙤𝙡𝙡𝙪𝙩𝙝e 🎸

♪ හිත මරණව වගේනි….♪
♪ එච්චරකට ලස්සනයිනි…♪
♪ ලොව කැරකෙනවා වගේනි…♪
♪ දෙලොවක් ආකර්ෂණය වෙනවනි…♪

• 𝙉𝙚𝙣𝙟𝙪𝙠𝙠𝙪𝙡 𝙋𝙚𝙞𝙙𝙝𝙞𝙙𝙪𝙢 🌻

♪හදවත තෙත් කරනා මාමලයි…♪ (සූර්යකාන්ත මලයි..)
♪ ජලයේ ගිල්ව ඇති නෙළුම් මලයි…♪
♪ හදිසියෙ වෙනස්⁣වෙන කාලගුණයයි..♪
♪ කෙල්ලෙ , නුඹ නිසයි…♪

• Ava Enna 🗿

♪ ඇය මාව හොයන් ආපු සුරංගනාවි…♪
♪ ඇයගේ වර්ණය බුලත් රතුපාට වැනිය…♪
♪ඇයගේ සුන්දරත්වය විස්තර කරන්න…වචන නැත…♪
♪ මට දැන්ම..මෙ දැන්ම ඔනි මගේ සුරංගනාවි..♪
♪ ඇය නොමැතිව ගිණිගොඩකි හදවත..♪

එම ගීත ඉහත පරිදි සිහි කිරිමට අපිට පුළුවන්

#R.Rathnavelu ගේ කැමරාකරනය පිලිබද පැවසුවහොත් ඔහු ගන්නා ලද කැමරා කෝණයන් ඉතාමත් විශිෂ්ඨය…එම කැමරා කරනය මෙම සිනමා පටයට අමුතුම වර්ගයේ අලොකයක් අකර්ශනක් ගෙන එමට සමත් උනා කිව්වොත් නිවරැදිය.…එසේම #AnthonyGonsalvez යන පුද්ගලයාගේ සංස්කරණය(editing) මෙම සිනමාපටයේ cinematographer විසින් ගන්නලද කැමරා කොන වලට හානියක් නොවන අයුරින් සංස්කරණ කටයුතු ඉතාමත් අකර්ශනිය ලෙස සිදු කර ඇත……gvm විසින් එම සියලු කටයුතු මනා කොට මෙහෙයවා ඇත.…

දමිල සිනමා පට වලට ඇලුම්කම් දක්වන පුද්ගලයන් අනිවර්යෙන්ම මෙම වරනම් අයිරාම් #V1000 සිනමාපටය නැරඹිම අනිවාර්යයෙන්ම නිර්දේෂ කිරිමට කැමැත්තේමි..

(ලිපි සැකසුම : Shen Kevin)

ඉතිං ඔන්න මට මේ චිත්‍රපටයේ උපසිරැසි ගැන්විම සිදුකිරිම සදහා Secret N (නරා) සහොදරයාගෙ සහා shen kevin සහොදරයා ලබා දුන් සහයෝගය ගැන අනිවාර්යයෙන් මතක් කල යුතුමයි…ඔවුන් දෙපළ නොසිටින්න මෙම උපසිරැසි ගැන්විම උසස් මට්ටමින් ඔබ හමුවට මට ගෙන ඒමට නොහැකි වන්න තිබ්බා..

ඒ වගේම සමිත රමේෂ් සහෝදරයාට හා අංජුල උමේෂ් සහෝදරයාට තුති පුදන්න මම මෙ මොහොත අවස්ථාවක් කරගන්න කැමතියි…

එහෙනම් චිත්‍රපටය නරඹලා ගුණ අගුණත් කමෙන්ට් කරන් යන්නකෝ..

~ රැදී සිටින්න සැමදා සිනෙරූ සමඟ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /ProperHDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

9 comments

  1. Udaya saman
    Cineru Family Member

    ඔයා කරපු සබ් ගොඩක් බලලා තියෙනවා සහෝ..පලවෙනි කඩ ඉමට උණුසුම් සුබ පැතුම් ..මේකෙ ලස්සන සිංදු ටිකක් තිවෙනවා…දිගටම මේ වැඩේ කරගන යන්න ලැබේවා

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Kavindu Sachinthe

    හම්මෝ. . පට්ට තෑන්ක්ස් ආ.. මම මේක හොය හොය හිටියෙ. . ගොඩක් උන්ට මේල් දැම්මා මේකෙ සබ් එක කරන්න කියලා.

    මුලින්ම මේකෙ Nenjukul සිංදුව ඇහුනෙ Fahad ගෙ Maheshanta Prathiyam එකේ රිගින්ටෝන් එකේ තාලෙ ඇහිලා.

    පිස්සුවෙන් වගේ සිංදුව හොයාගත්තා. .

    තෑන්ක්ස් ආ

  4. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  5. Secret N ( නාරා )
    Cineru Family Member

    50ට සුභපැතුම් මචෝ! ❤✌✌

  6. Arawinda Sunimal

    Thanks Brother

  7. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..

  8. oshan dhananjaya

    supiri bn hoya hoya hitapu film ekk thanks bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login