The title of the page
Don Sinhala Subtitle
Don Sinhala Subtitle
7.4
95

Don (2022) Sinhala Subtitles | “සැඟවූ පිය සෙනෙහස” | සිංහල උපසිරැසි සමඟ

(Don (2022) Sinhala Subtitles) (Don 2022 Sinhala Subtitle) (Don Sinhala Sub) (Don (2022) Sinhala Sub)

ඉතින් ඔන්න ආයෙත් අලුත් දෙමල ෆිල්ම් එකක් ඔයාලට බලන්න අරගෙන ආවා.. මුලින්ම කියන්න ඕනේ ආපු ගමන්ම මේ ෆිල්ම් එක දෙන්න බැරි උනා හෝල් කොපි එකට සබ් එක කරේ නැති නිසා.. ඒකට හේතුව ඉතින් “සිවකාර්තිකේයන්” කියන්නේ මම ආසම නළුවා.. එයාගේ හෝල් කොපි මම බලන්නේ නැහැ.. ඔරිජිනල් එනකල්ම හිටියා ඉතින්.. අන්න ඒක නිසා සබ දෙන්න පරක්කු උනා.. තව ඉතින් වැඩත් එක්ක ආපු ගමන් සබ කරන්න වෙලාවක් තිබ්බේ නැති නිසා අද තමයි ඔයාලට මේක දෙන්න පුළුවන් උනේ.. ඉතින් ඒකට සොරි වෙන්ට ඕනේ..

හරි ෆිල්ම් එක ගැන පොඩි විස්තර ටිකකට යමු..

මේ ෆිල්ම් එකේ වැදගත්ම දේ මොකක්ද කියනවා නම් මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂක “සිබි චක්‍රවර්තී” ගේ පළවෙනිම ෆිල්ම් එක මේක.. ආයේ කතා දෙකක් නැහැ පට්ට අනාගතයක් තියෙන කොල්ලෙක්, එකෙන්ම ඒක නම් විශ්වාසයි.. ඒ තරම් කොල්ලා දක්ෂයෙක්.. එතකොට ෆිල්ම් එකේ රඟපාන අය ගැන කියනවා නම්.. මගේ ආසම නළුවා “සිවකාර්තිකේයන්” “ප්‍රියංකා අරුල් මෝහන්” “S.J සුර්යා” “සමුතිරකනි” තව ඉන්නවා දන්න කියන අය හුඟක්.. එතකොට මේ ෆිල්ම් එකේ බොක්ස් ඔෆිස් ගැන කියනවා නම්.. මේක “සිවකාර්තිකේයන්” ගේ වැඩිම ආදායමක් ලබපු ෆිල්ම් එක කිව්වොත් හරියටම හරි.. මේ ෆිල්ම් එක කෝටි 125කට අධික ආදායමක් ලබන්න සමත් වෙලා තියෙනවා මාසයක් වගේ ඇතුලත.. ආ තව ටිකෙන් අමතක වෙනවා මේ ෆිල්ම් එකේ සංගීතය “රොක් ස්ටාර් අනිරුද්” ආයේ ෆිල්ම් එකේ සිංදුවක කියනවා වගේ “නම්ම තොට්ටාලේ හිට්ආචි..” තමයි (අපි ඇල්ලුවත් හිට් වෙනවා) තව විශේෂ සිදුවීමක් තියෙනවා දෙමල සිනමාවේ සුපිරි තරුව “රැජිනිකාන්ත්” “DON” ෆිල්ම් එකේ හැමෝමව ගෙන්නලා එයාලට සුභ පැතුවා.. ඒක ලේසියෙන් ලැබෙන අවස්ථාවක් නෙවෙයි ඒක හැමදේටම වඩා හුඟක් වටින දෙයක්..

( සිවකාර්තිකේයන් (Actor) / සිබි චක්‍රවර්තී (Director) / අනිරුද් රවිචන්ද්‍ර  (Music Composer)
හරි කතාව පැත්තට යමු නේද?
කතාව ගැන මම මේ විදිහට කියන්නම්.. මට දැනුන විශේෂ දේවල් වලින්.. මේ ෆිල්ම් එකේ මාරම පණිවිඩයක් තියෙනවා.. ඒ වගේම මාරම දෙබස් වගයක් තියෙනවා.. අපේ භාෂාවෙන් කියනවා නම් බොක්කටම වදින ෆිල්ම් එකක් මේක.. කෙටියෙන් කියනවා නම් මේ ෆිල්ම් එක අපි හැමෝම බලන්නම ඕනේ ෆිල්ම් එකක්..
(රැජිනිකාන්ත් සමඟින් සිබි චක්‍රවර්තී)
මම වීඩියෝ එකක් බැලුවා “සිබි චක්‍රවර්තී” “DON Success Meet” එකේදී කියනවා..(දෙමලෙන් කියන්නේ) ඒකෙදි  කියනවා.. මේ ෆිල්ම් එක බලපු එක පවුලක් එයට කිව්වා කියලා.. “අපේ පුතා මේ ෆිල්ම් එක බලපු දවසේ ඉඳලා අපිත් එක්ක හුඟක් ලඟින් ඉන්නවා.. ඉස්සර එයා අපිත් එක්ක එච්චර ලඟින් හිටියේ නැහැ.. ඒත් දැන් හුඟක් එයා වෙනස්.. මේ ෆිල්ම් එක බලපු දවසේ ඉඳලා තමයි ඒ  ” කියලා.. තව එයා ඒ වීඩියෝ එකේ කියනවා මේ වගේ හුඟක් එයාට ආපු සුභපැතුම් ගැන..
මීට වඩා මේ ෆිල්ම් එක ගැන විස්තරයක් ඕනෙත් නැහැ.. මේකම ඇති.. එහෙනම් අද ඉඳලා මේ ෆිල්ම් එක ඔයාලගේ.. බලපු නොබලපු හැමෝම බලන්න.. (අනිවා අරගෙන බලන්න..)
එහෙනම් මම ගියා ආයෙත් අලුත් දෙමල ෆිල්ම් අරගෙන එන්නම් එතකන් බායි කිව්වා..
ජයවේවා!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

11 comments

  1. udaya saman
    Cineru Family Member

    supiri ban.supiriyak mageth asama naluwek..any way thanx for the sub

  2. Asitha Deshan
    Cineru Family Member

    daala….daalaa..daalaa… 🙂 🙂 nice work ayya

  3. Asitha Deshan
    Cineru Family Member

    Daala..Daalaa

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  5. ඉනුෂ සුදන්ගම
    Cineru Family Member

    අයිත් බලනෝ 😁

  6. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login