The title of the page
7
89

V1 Murder Case (2019) Sinhala Subtitles|V1 අපරාධ නඩුව|සිංහල උපසිරැසි සමග|

ආයුබෝවන් හැමෝටම!!

ඔන්න අද මගෙ 11 වෙනි සිංහල උපසිරැසි ගැන්වීම විදියට අරන් ආවේ තවත් පට්ට ටැමිල් ත්‍රිලර් ෆිලුමක්…මේකෙ නම V1 (Murder Case)..මේක තිරගත වු⁣ණේ 2019 අඟ භාගයේදි..නමෙන්ම පේනවනෙ මේක අපරාධයක් ගැන තියන කතාවකි වෙන්න ඇති කියලා..ඉතින් මේකෙ ප්‍රධාන චරිතෙ රඟපාන්නෙ රාම් අරුන් කියන නලුව තමයි..මේකෙ විශේෂත්වය වෙන්නෙ මේ චිත්‍රපටියෙ අපිට හැමදාස හුරු නලු නිලියො ඇරෙන්න අපේ ඇහැට නැහුරු නලු නිලියන් සෙට් එකක් තමයි යොදාගෙන තියෙන්නෙ..මේකෙ IMDb රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් 6.6 වගේ හොඳ අගයක් හිමි කරගෙන තියෙනවා..කොහොම වුනත් චිත්‍රපටිය පටන් ගත්ත වෙලාවෙ ඉදන් කුතුහලේනම් අවසාන භාගෙ වෙනකන්ම අපේ හිත් වල රැදිලා තියනවා..ඉතින් එහෙනම් කතාව පැත්තට ටිකක් ඔලුව දාලා බලමු..

මේ කතාවේ ප්‍රධාන චරිතෙ තමයි අග්නි කියන්නෙ..අග්නි පොල්ස් පරීක්ෂකයෙක්..ඒත් එයාට නයිට්‍රොෆෝබියා තත්ත්වයක් තියනවා..ඒ කියන්නෙ අග්නි කලුවරට බයයි…ඒ නිසා අග්නි පොලිස් පරීක්ෂකකම පැත්තක තියල අධිකරණ වෛද්‍යව⁣රයෙක් වෙනවා..ඉතින් මේ කතාව පටන් ගන්නෙ නර්මදා කියන තරුණියගෙ මිනීමැරුමෙන්…ඉතින් මේ මිනීමැරුම ගැන කිසිම සාක්ෂියක් පොලීසියට හම්බවෙන්නෙ නෑ..මේ කේස් එක බාර වෙන්නෙ ලූනා කියන තරුණ පොලිස් නිළධාරියට..ඉතින් එයා අග්නිගෙ හොඳම යාලුවා..ලූනා මේකට අග්නිගෙ උදව් බලාපොරොත්තු වෙනවා..අන්න එයෙම තමයි අග්නි මේ නඩුවට සම්බන්ධ වෙන්නෙ…

ඉතින් අග්නිත් එක්ක ලූනා එකතු වෙලා මුලු පැත්තම පීරලා එක එක සැකකාරයෝ හොයාගෙන ඇවිත් ප්‍රශ්න කරනවා..හැමෝම හිතන්නෙ නර්මදාගෙ පොම්වතා වෙච්ච ඉන්බා මේ දේ කරා කියලා…ඉතින් ඉන්බා ඇවිත් අග්නි ඉස්සරහ පාපොච්චාරණය කරනවා ඉන්බා නර්මදාව මරා ගත්තා කියලා..ඒත් අග්නි දැනගන්නවා ඉන්බා හිතේ තියන දුකටයි මේ පාපොච්චාරණය කරේ කියලා..ඉතින් ප්‍රශ්න කරන්න ගේන හැමෝම මේක හරවන්නෙ ඉන්බගෙ පැත්තටමයි..මේත් එක්කම අග්නියි ලූනායි ආපහු ඉන්බව හොයන් ගෙදරට යනවා..ඒ ගිහින් බලද්දි ඉන්බත් මැරිලා…..දැන් එකම ගෙදර මිනිමැරුම් දෙකයි..

කොහොම හරි දැන් තවත් කුතුහලයත් එක්කම මේ නඩුව දිගට අැදෙනවා..මොන ප්‍රශ්න ආවත් අග්නි මේ සිද්ධිය අතාරින්නෙත් නෑ…ඉතින් මීට වඩා කතාව දිගට කිව්වොත් ඔයාලට බලන්න දෙයක් ඉතුරු වෙන්නෑ…අවසානෙට මොකද වෙන්නෙ කියල බලන්නම් මේ ෆිලුම බලල ඉන්නම වෙනවා…විශේෂ දෙයක් කියන්න තියනවා..ඒ තමයි මේ උපසිරැසිය වෙනුවෙන් අශේන් මදුරංග සහෝදරයට විශේෂ ස්තූතියක් හිමිවෙන්න ඕන…එහෙනම් අදට මම නවතින්නම්……හැමෝටම සුබ දවසක්…✋❤️

අන්තිමට තව දෙයක් කියන්නම්… මේ ෆිලුමේ අවසානෙට සිද්ධ වෙන්නෙ “ඔයාලා කීයටවත් හිතපු නැති දෙයක්”..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

10 comments

  1. Sthuthi obata …

  2. thanks sub ekata (anjula umesh) jayawewa……….

  3. Thanks sub ekata panther Jeri jaan 2019 sub dennko SRT walin dennko please thanks

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. ade thanks bn ubata mokak hari sup ekak onnm kiyapn

  6. Lasitha Chathuminda

    letter eke podi awlak tiyenawa.. agni merenwa kiyala.. anyway thanx.

  7. Thanx malli ❤️❤️❤️

  8. thanks….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login