The title of the page
V 2020 Sinhala Sub
V 2020 Sinhala Sub

V (2020) Sinhala Subtitle | බිහිසුනු පලිගැනීමක ඝාතන රැල්ල| සිංහල උපසිරැසි සමඟ

(V 2020 Sinhala Sub)ආයුබෝවන් යාලුවො හැමදෙනාටම.ඔන්න එහෙනම් ගොඩ දෙනෙක් කාලෙක ඉදන් ඇඟිලි ගනිමින් බලන්න හිටිය අපූරු තෙලිඟු සිනමාපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි මම ආවේ.

ඉතින් මටනම් අද ගොඩක් වැදගත් දවසක්.මොකද මම මේ ඔයාලට අරගෙන එන්නෙ මගේ 100* වැනි උපසිරැසි ගැන්වීම නිසා.ඉතින් චිත්‍රපටය ගැන කතා කරන්න කලින් පොඩි දේවල් ටිකක් කියලම ඉන්නම්.

2018 දෙසැම්බර් 30 වෙනිදා තමයි මං මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම කලේ. ඒ Aaha Kalyanam (2014) කියන නානිගෙ ෆිල්ම් එකකට මයි.ඉතින් එදා ඉදන් කරපු මේ උපසිරැසි 100 අතරට තෙලිඟු ප්‍රමුඛ දමිළ,මලයාලම්,කන්නඩ,ඉංග්‍රීසි,කොරියන්,චයිනිස්,තායි ඇතුලු භාෂා රැසක චිත්‍රපට 70 කට ආසන්න ප්‍රමාණයකුත් , සම්පූර්ණ කොරියානු කතා මාලාවක් හා තවත් විවිධ භාශාවල කතාමාලා වල කතාංග කිහිපයකටත් සිංහල උපසිරැසි මම ඔයාලට ලබා දීල තියෙනවා.

ඉතින් වසරකට අධික කාලයක් මේ වගේ වැඩක් කරන එකත් ලේසි නෑ අනිත් අයගෙ සහයෝගය නැත්නම්. ඒ වෙනුවෙන් මුලින්ම ස්තූතියි කරන්න ඕන මට උපසිරැසි අඩවියේ අවස්තාව ලබා දීල තියෙන සමිත රමේශ් අයිය ඇතුලු ඇඩ්මින් මඩුල්ලට.ඒ වගේම මගේම ආදරණීය සිනෙරූ උපසිරැසි අංශයේ සහෝදරයො ටිකටත් , මුල් අඩිතාලම දාගන්න සහය වුනු ජේෂ්ඨ උපසිරැසි අයියලටත් , අපේ ආටිකල් ගෘප් එකේ අයියල , අක්කල සෙට් එකටත් ස්තූතියි කරන්න ඕන..ඒ වගේම නිදිමරන් සබ් ගහනකොට අවශ්‍ය හැමදේටම මට උදව් කරන මගේ ආදරණීය අම්මටයි , තාත්තටත් ස්තූති කරන්න ඕන.

ඉතින් මේ හැමෝම එක්ක කවදාවත් අමතක නොවන ආදරණිය උපසිරැසි ලබාගන්න ඔයාල, සමාජ මාධ්‍ය ඔස්සෙ සහයෝගය දෙන යාලුවො හැමෝටම ගොඩක්ම ස්තූතියි..ඒ හයිය නැත්නම් මෙච්චර දුරක් එන්න ලැබෙන්නෙ නෑ..ඉතින් සතුට වැඩිකමට කියෙව්ව වැඩීද මන්ද.කමක් නෑනෙ 😁

හරි එහෙනම් හැරෙමු චිත්‍රපටය පැත්තට.
Thriller කාණ්ඩයේ සුපිරි තෙලිඟු චිත්‍රපටයක් විදියට තමා අපිට V චිත්‍රපටය මුණ ගැහෙන්නෙ.ඉතින් මේක මේ අවුරුද්දේ මාර්තු 25 තමා තිරගත කරන්න සූදානම් කරල තිබ්බෙ.නමුත් ඇති වූ කොරෝනා වෛරස් තත්වය එක්ක තවමත් විවෘත නොවන ලෙසට ඉන්දියාවේ සිනමාශාලා වසා දැමුවා.ඉතින් මේකත් එක්ක තමයි OTT Platform හරහා චිත්‍රපටය නිකුත් කරන්න ගත්තේ.ඉතින් ඒ විදියට ජනප්‍රිය නලුවෙක්ගේ , ලොකු බජට් එකක් සහිත තෙලිඟු චිත්‍රපටයක් නිකුත් වන පලවෙනි අවස්තාව තමයි මේක.

ඉතින් ඉන්දියානු රුපියල් කෝටි 25 ක මුදලක් වැය කෙරීමෙන් නිපදවූ මේ චිත්‍රපටය කෝටි 33.22 ක මුදලට ඇමේසන් ප්‍රයිම් ආයතනය විසින් ඩ්ජිටල් විකාශන අයිතිය මිලදී ගැනීමත් එක්ක තමයි අපිට අවසානයේ මේ විදියට චිත්‍රපටය නරඹන්න අවකාශය ලැබුනේ.

මේ වසරේ මුල වෙනකොට මේ චිත්‍රපටයේ සියලුම රූගත කිරීම සිදුකර අවසන් කලා.චිත්‍රපටය ගැන වඩාත් උනන්දුවක් යොමුවෙන්න හේතු කිහිපයක්ම තියෙනවා.

චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය සඳාහා රංගන දායකත්වය ලබා දෙන්නෙ තෙලිඟු සිනමාවේ Natural Star විදියට නම් දිනාගෙන සිටින Nani විසින්.ඉතින් මේ ඔහුගේ 25 වන චිත්‍රපටය වන අතර ඔහුගේම චිත්‍රපටයක දුෂ්ඨයා විදියට තමයි එක් වෙන්නේ..ඒක අලුත් වෙනසක් වෙයි රසිකයන්ට.ඒ වගේම තෙලිඟු සිනමාවේ තවත් සුපිරි තරු කිහිපයක් වන Sudheer Babu, Nivetha Thomas , Adithi Rao Hydra ද මෙහි රංගනයෙන් එක් වෙනවා.නිශ්පාදනය Dil Raju ගෙන්.චිත්‍රපටයේ අධ්‍යක්ශණය Mohan Krishna Indraganti ගෙන්.ඉතින් නානිගෙ රංගන ජීවිතයේ වැදගත් පුද්ගලයෙක් තමා මේ අධ්‍යක්ෂකතුමා..නානි රංගනයට පිවිසෙමින් එක් වුනු පලවෙනි චිත්‍රපටය Astha Chamma හි අධ්‍යක්ශකවරයා වෙන්නෙත් මෙතුමයි.ඒ වගේම නානිගෙම සහ නිවේතාගේ Gentlemen (2016) , සුධීර්ගේ සහ ආදිතිගේ Sammohanam (2018) චිත්‍රපටයත් මෙතුමාගේ අධ්‍යක්ශණ අතර වෙනවා.

ඉතින් ඒ දේවල් වලින් එතුමාගේ හැකියාව V චිත්‍රපටයට කෙබඳු විදියට යොදවල ඇත්ද කියන දේ ඔයාලට හිතාගන්න පුළුවන් නේ.
ඉතින් අද සැප්තැම්බර් 05 වෙනි මේ චිත්‍රපටය නිකුත් වෙන්නෙ Natural Star Nani සිනමාවට පිවිස වසර 12 ක් සපිරීමට සමගාමීව වීමත් සුවිශේෂී කරුනක්.ඉතින් තවත් කාලයක් තෙලිඟු සිනමාවේ අපූරු චිත්‍රපට අපිට ලබාදෙන්න මේ අපූරු රංගනශිල්පියාට හැකිවේවායි අපිත් ප්‍රාර්ථනා කරමු..!

(නානි,සුධීර්,ආදිති,නිවේදා අධ්‍යක්ෂක ක්‍රිශ්න මෝහන් මහතා සමඟ)

ඉතින් චිත්‍රපටයෙ කතාව ගැනනම් මං මොකුත් කියන්නෙ නෑ මොකද ඔයාලගේ කුතුහලය ඒ අයුරින් රඳවගෙන චිත්‍රපටය නරඹන්න ඕන නිසාම.

එහෙනම් ආදරණීය සිනමා රසික යාලුවො හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා මේ අපූරු චිත්‍රපටය නරඹන්න කියල.ඉතින් මේ උපසිරැසි 100 ලබා දුන්න සේම ඔයාලට මං ඉස්සරහටත් පුළුවන් තරමක් සිංහල උපසිරැසි දෙන්නම්..හැමදාමත් රැඳිල ඉන්න සිනෙරූ අපේ උපසිරැසි අංශය එක්කම..

සිනෙරූ උපසිරැසි අඩවියට ජය !
ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

36 comments

  1. 100* sub ekata suba pathum. Sub ekata godak sthuthi.

  2. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    සුභ පැතුම් මදුවා *100* ට ඊලගට ඉතිං 200 තමා ❤️❤️😍😍⚠️️⚠️️🏃🏃🙈

  3. Good luck…thanks sub ekata

  4. Congratulations මදුවා

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Congratulations bro 100th sub ekata…

  7. රැග්නා - සිනමා ලෝකය (Direct Link)

    100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
    බොහොම ස්තුතියි ඔබ කරන මේ මහගු කාර්යයට 💟💟

  8. සුපිරිම මදුවෝ..
    100ට සුභ පැතුම්…

    • Udaya saman
      Cineru Family Member

      පරක්කුයි පරක්කුයි මම පරක්කුය..සමාවෙන්න මලේ පරක්කු වුන එකට සුබ පැතුම් එක් කරන්න…ඉතාන් ගොඩක් සතුටුයි මලේ.අවුරුද්දක් වගේ පොඩි කාලෙකින් මේ වගේ ලොකු ගමනක් ආව එකට.මට මතකයි පලවෙනි සබ් එකෙන්ම ඔයාව අදුරගත්ත.ඊටත් නලින් ඉදන්ම මයෙ හිතේ.ඔයා දෙන්න ගිය සබ් එකක් කරන්න හදද්දි මම ඒක කරලා.එදා තමයි අපිව හදුනගත්තෙ..කොහොම හරි සුබ පතනවා ආයෙමත් දිගු ගමනක යන්න ලැබෙන්න කියලා

    • තෑන්ක්ස් මචං

  9. 100 වෙනි උපසිරසියට සුබ පැතුම් 😍
    සබ් එකටත් බොහොම ස්තූතියි 😋

  10. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤👌

    100 වෙනි උපසිරැසියට සුභ පැතුම් ඉක්මනින් 200ත් ගහමු❤

  11. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  12. Peter Barthelot
    Cineru Family Member

    Congratulations මධුවා., ඉක්මනින් 200ට යමු ❤❤❤❤❤

  13. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට

  14. 100 උපසිරසි නිර්මාණයට සුබ පැතුම්..

  15. අම්ම්ම්ම්ම්ම්ම්මෝ, 100ට අපෙන් සුභපැතුම් මධුවෝ. 100ක් ගහන එකේ අමාරුව දන්නෝ දනිති. නියමයි මල්ලි. අර සමිතයි, අංජුලයි නම් එල තමා. මං 50 ගහන්න යන එකට පස්සෙන්ම ඉඳන් තල්ලුව දුන්නා. ආදරෙයි සිනෙරූ

  16. චානක තිලංක

    මරු සහෝ 100 ට උනුසුම් සුභ පැතුම් 200 යටත් ඔය විදිහට ඉක්මනට යන් ජයවේවා👍👍👊🔥🔥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login