The title of the page
Kamarottu Checkpost 2019 Sinhala Sub
Kamarottu Checkpost 2019 Sinhala Sub
5.1
81

Kamarottu Checkpost (2019) Sinhala Subtitles |කාමරෝට්ටු මුරපොළේ අභිරහස| සිංහල උපසිරැසි සමඟ

(Kamarottu Checkpost (2019) Sinhala Sub)හැමෝටම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්තනා කරමින් ඔන්න ඉතිං අදත් අපි ආවේ තවත් සුපිරි කන්නඩ චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙනයි…

උපසිරැසි ගැන්වීම -: අමිල පැතුම් හසරංග සමග දිනේෂ් රුවන්

2019 වර්ශයේ මැයි මස 31 වෙනිදා තිරගතව්ම් ආරම්භ කල මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Paramesh A මහතා විසිනි.නිෂ්පාදන කටයුතු සදහා Chethan raj මහතා සම්භන්ද වී ඇත. මේ වන විට 5.1/10 · IMDb ක අගයක්ද, ගූගල් පරිශීලක මනාප 88% ක්ද ලබා ගැනීමට මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා.. Thriller/Suspense ගනයට අයත් වෙන මෙහි රංගන කටයුතු සදහා , Uthpal Gowda/Swathi Konde/Ahalya Suresh Sanath/Gaddappa ඇතුලු රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංගනයෙන් එකතු වෙනවා……….. ඒ වගේම තමා පැය 2 කුත් විනාඩි 10 කුත් පුරාවට ඉතාමත් කුතුහලයෙන් බලන්න පුලුවන් චිත්‍රපටයක් තමා මේක.

කතාව ගැන පොඩ්ඩක් කියනවානම් මෙහෙමයි කාමරොට්ටු වල අලුතෙන් පදිංචියට ආව ප්‍රදීප් නන්දනී සහ එයාලගේ දරුවා ප්‍රීතම් හදිසියේ බැංගලෝරයට යන නිසා ප්‍රදීප්ගේ යාලුවා සනත්ට තමන්ගේ බංගලාව බලා ගන්න එන්න කියලා.. ඉතින් සනත් තමන්ගේ බිරිඳයි සෝනු කියන පුංචි කෙල්ලයි එයාගේ යාලුවෝ දෙන්නෙක් වෙන ආර්‍යා සහ සෞම්‍යා එක්ක එනවා මේ බංගලාවට ඒ ප්‍රදීප් දවස් දෙකකින් එනවා කියන පොරොන්දුව මත. ඒත් බංගලාවේ පදිංචියට ආව දවසේ ඉඳන් ඒ බංගලාවේ වෙන අද්භූත සිදුවීම් එක්ක සෝනුගේ අමුතු හැසිරිමත් නිසා සනත්ට ඇති වෙන සැකේ නිසාත් සනත් ඒ ගෙදර වෙන දේ මොකක්ද කියලා බලන්න මනෝ වෛද්‍යවරියක් එක්කං එනවා…

ඒ වෛද්‍යවරිය ආව ගමන් සනත්ගෙන් අහනවා ප්‍රදීප් එනවයි කියලා දැන් දවස් 5ක් වෙනවයි කියලා.. ඒත් ඇත්තටම ප්‍රදීප් සහ නන්දනීට මොකද්ද උනේ කවුද මේ බංගලාවේ හොල්මන් කරන්නේ… වෛද්‍යවරිය කියන විදියට සෝනුට පේන්නේ මොනවද? මොකද්ද මේ බංගලාවේ අතීතේ… බොහොම හිමින් විනෝදයෙන් ගලාගෙන යන මේ කතාව 46 වන මිනිත්තුවෙන් පස්සේ වෙනස්ම පැත්තකට ඔබව අරගෙන යාවී.කුතුහලය තීව්‍ර කරාවී..කුමකින් කුමක් වන්න⁣ට යනවාදො කියා සිතාගත නොහැකි වේවි..චිත්‍රපටයේ හොඳම ටික පටන් ගන්නේ මින් පසුවයි…. ඉතිං එහෙනම් තවත් මෙවැනි උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා හැමෝටම බුදු සරණයි 

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් දිනේෂ් රුවන් සොයුරාට සහ අමිල පැතුම් සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

4 comments

  1. පට්ට..❤️ දෙන්නටම තෑන්ක්ස්

  2. ස්තුති සහෝ…

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. තැන්ක්ස් මචං සබට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login