The title of the page
To All the Boys I've Loved Before 2018 Sinhala Sub
To All the Boys I've Loved Before 2018 Sinhala Sub
7.1
96

To All the Boys I’ve Loved Before (2018) Sinhala Subtitles |”මා පෙම් කළ පිරිමි ළමුන් වෙත ලියමි..”| සිංහල උපසිරැසි සමඟ

(To All the Boys I’ve Loved Before (2018) Sinhala Sub) ඔන්න හා හා පුරා කියලා ගෙනාව දෙවෙනි උපසිරැසිය. මේ චිත්‍රපටය මං තෝරගත්තේ මේකේ කතාව නිසාමයි.Rom-Com ගණයට යත් මේ සිනමා සලරුව නවකතාවක් පාදක කරගත් එකක්.

“To all the boys I’ve loved before” නවකතා පෙළ Jenny Han විසින් රචනා කළ ඒ යුගයේ වැඩිම විකිනීම් ප්‍රමාණයක් අත් කරගත්ත නවකතා පෙළක් වුණා.හරියට The Kissing Booth වගේ.ඉතිං මේ නවකතාව Netflix මාධ්‍ය ආයතනය විසින් චිත්‍රපටයක් විදිහට 2018 දී ප්‍රේක්ෂකයන් අතරට රැගෙන එනවා. IMDb අගය 7.1/10ක්‌ ලෙසද කුණු තක්කාලි අගය 96%ක්‌ ලෙසද සලකුණු කරන්න මේ චිත්‍රපටය හැකි වුණා. 2020දී මේකේ දෙවෙනි ෆිලුමකුත් ආව. ඉදිරියට ඒකටත් සබ් දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.

කතාව ගැන කිව්වොත් ලාරා ජීන් සොන්ග් කෝවි(Lana Condor) කියන්නේ පවුලෙ මද්දුමයා. කෙල්ලට තියෙනවා හෙන ෆැන්ටසි පුරුද්දක්‌, ඒ තදින්ම හිත ගිය පිරිමි ළමයින්ට හිතේ තියෙන දේවල් ලියුම් විදියට ලියලා එකතු කරලා පරිස්සමින් තියාගන්න එක. දවසක් පීටර් කවින්ස්කි(Noah Centineo) කියන කොල්ලා ලාරා ජින් 7 පන්තියේදී එයා ගැන හිත හිත ලියපු ලියුමක් අරන් එයාව ස්කොලේදී මුණ ගැහෙන්න එනවා. කෙල්ල කලන්තේ දානවා… ලියුම කොහොමද එයාට හම්බුනේ? අනිත් ඒවත් එහෙම ගිහින්ද? ලාරා ජින් හා පීටර් කවින්ස්කි ආදරේ කරන්න පටන් ගනීද?

මේවා දැනගන්න ඕනේ නම් ෆිල්ම් එක බලන්න. Spoil වුණා වැඩිදත් හිතෙනවා, කතාව නොකියන තරමට රසය වැඩියි.
ප්‍රධාන නළු නිලි දෙපලට අමතරව Israel Broussard, Emilija Baranac, Madaleine Arthur, Janel Parrish වගේම Anna Cathcart රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Susan Johnson, තිරරචනය නවකතාව ලියපු Jenny Han මයි.

රසවිදින්න ලස්සන ෆිල්ම් එකක් 100% විශ්වාසයි. පුළුවන් උපරිමෙන් සබ් එකට සාදාරනයක්‌ ඉෂ්ට කළා කියලා මම හිතනවා.
සුභ අනාගතයක් ඔයාලා හැමෝටම!

විසූ රාජපක්ෂ(ක්ලේමන්ටයින්)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

11 comments

  1. Thank you so much❤ 2වෙනි film එකටත් ඉක්මනින්ම sub දෙන්න හොදේ.
    Waiting for To All the Boys I’ve Loved Before 2 Sinhala sub 😍

  2. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    එලම එලම තව ඕනේ 😍❤️❤️

  3. බොහොම ස්තූතියි සබ් එකට🤘🤗😁😁

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. Balagenam hitapu ekak thama. Sahenna comments damma me pilumata sub senna kiyala.godak stutiyi. Deweni ekath one.

  6. Requests:-

    Primal fear (1996)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)
    Arlington road (1999)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login