The title of the page
Mulan 2020 Sinhala Sub
Mulan 2020 Sinhala Sub
4.2
82
79

Mulan (2020) Sinhala Subtitles |ගෞරවය වෙනුවෙන් රණබිමට| සිංහල උපසිරැසි සමඟ

(Mulan Sinhala Sub) 2020 වසරෙ ලොවපුරා සිනමාශාලාවල තිරගත කරන්න බලාපොරොත්තු පොදි බැඳගෙන හිටියත් ඒ හැම බලාපොරොත්තුවක්ම එකම එක වෛරසයක් නිසා බොඳවෙලා යනවා. Disney සමාගම 2020 වසරේ Avatar, Infinite war, Endgame මට්ටමේ සිනමා අත්දැකීමක් ප්‍රේක්ෂකයට ලබාදීමේ බලාපොරොත්තුවෙන් තමයි මිලියන 200 ක සුවිසල් පිරිවැයක් දරලා Mulan 2020 චිත්‍රපටිය නිර්මාණය කරේ.මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නෙ 1998 animation චිත්‍රපටියක් විදිහට නිර්මාණය වුණු Mulan චිත්‍රපටියත් මේ පුරාවෘත්තයත් පදනම් කරගෙන.

Disney සමාගම නිෂ්පාදනය කරපු Mulan චිත්‍රපටියෙ නිෂ්පාදන වියදම ඇමරිකානු ඩොලර් 200 කට ආසන්නයි. ජේම්ස් කැමරන්ගෙ Avatar චිත්‍රපටියට ආසන්න පිරිවැයක් දරමින් නිර්මාණය කරපු දැවැන්ත සිනමා නිර්මාණයක් තමයි අද ඔය හැමෝම බලන්න යන්නෙ. මේ නිෂ්පාදන වියදම Avengers Infinite war වගේම Endgame හී නිෂ්පාදන වියදමටත් ඉතාම ආසන්නයි. ඇමරිකාවෙ, චීනයේ වගේම යුරෝපා රටවලත් 2020 මාර්තු මාසෙ ඉඳන් මේ චිත්‍රපටිය තිරගත කරන්න හැමදෙයක්ම සූදානම් කරලයි තිබුණෙ. කොහොම උනත් ප්‍රේක්ෂකයො විශාල ප්‍රමාණයක් මේ චිත්‍රපටිය සිනමාශාලාවල නරඹන්න සැදී පැහැදී හිටියා කියන එක කවුරුත් දන්න දෙයක්.

Mulan Sinhala Sub
Mulan Sinhala Sub

මුලින්ම මේ චිත්‍රපටිය සිනමාශාලාවල ප්‍රදර්ශනය කරන්න හිටියෙ 2020 වසරේ මාර්තු 9 වෙනිදා. ඒත් ඉතින් මම කලින් කිව්වා වගේම ලොවපුරා පැතිරුණු කොරෝනා වසංගතය නිසා ඒ දියන කල්දාන්න සිද්ධවුණා. ඊට පස්සෙ ජූලි මස 24 වෙනිදා තමයි ආයෙ රිලීස් ඩේට් එක දීලා තිබුණෙ. ඒත් කොහෙමෙන් කොහොම හරි ඒකත් අගෝස්තු මාසෙ 21 වෙනිදට කල් දාන්න ඩිස්නි ආයතනයට සිද්ධ වෙනවා.

මේ දාලා තිබ්බ තිරගත වීමේ දිනයත් අගෝස්තු 04 වෙනිදා ඩිස්නි ආයතනය කැන්සල් කරනවා. එදා දවසෙම ඩිස්නි ආයතනය නිවේදනය කරනවා Mulan චිත්‍රපටිය සිනමාශාලාවල තිරගත කිරීම නවත්තනවා කියලා. ඒ වෙනුවට Disney+ හරහා සැප්තැම්බර් 04 වෙනිදා රිලීස් කරනවා කියලා එදාම නිවේදනය කරනවා. ඔන්න ඔය විදිහට තමයි Mulan චිත්‍රපටිය අද දවසෙ අපිට බලන්න පුළුවන් වෙන්නෙ.

මේ චිත්‍රපටිය තිරගත කරන්න ඉඳලා චිත්‍රපටිය කල් දාපු නිසාද කොහෙද මේකට ලැබිලා තියෙන රේටින්ස් ප්‍රමාණය නම් ටිකක් අඩුයි. IMDb 4.2 වගේම Rottoren Tomatoes 82% වගේ අගයක් තමයි ඒ. ඒත් ඉතින් මේ තියෙන රේටින්ස් ප්‍රමාණයට වඩානම් දහස් ගුණයකින් සුපිරිම චිත්‍රපටියක් කියලා බය නැතුව කියනවා. Action / Adventure ඝණයට තමයි මේ චිත්‍රපටිය වැටෙන්නෙ. එතකොට ඉතින් හිතාගන්න පුළුවන් ඇතිනෙ මේක කොහොම එකක්ද කියලා.

Mulan Sinhala Sub
Mulan Sinhala Sub

Liu Yifei, Donnie Yen වගේම Jet Li කියන සුපිරිම නළු නිළියන් රැසක්ම මේ චිත්‍රපටියට එකතුවෙලා තියෙනවා. ඒ වගේම තමයි මේක තමයි Battle ටිකත් සුපිරියටම තියෙනවා. දුෂ්ඨයාගෙ චරිතයට පණපොවන කෙනත් ඊට නොදෙවෙනි විදිහට ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරනවා. පැය දෙකක් පුරාවටම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් සුපිරිම චිත්‍රපටියක්. කාලෙකට පස්සෙ තමයි මේ වගේ Historical චිත්‍රපටියක් නිකුත් උනේ. කොහොම උනත් දෙවැනි චිත්‍රපටියක් ගැන ඉඟියක් දීලා තමයි මේක අවසන් වෙන්නෙ. ගොඩක් දෙවනි කොටසක් එන්න ඉඩ තියෙනවා. අපි ඒ ගැන ඉස්සරහට බලමු.

Mulan Sinhala Sub
Mulan Sinhala Sub

හැමදෙනෙක්ම ගොඩ කාලයක් බලාගෙන හිටපු චිත්‍රපටියක්නෙ Mulan 2020 චිත්‍රපටිය. චිත්‍රපටියෙ කතාව ගැන මොකුත්ම කියන්න යන්නෙ නෑ. ඒක ඔයාලටම හොඳයි. ඒ වගේම කියන්න ඕන චිත්‍රපටිය නිකුත්වෙලා පැය කීපයක් ඇතුළත උපසිරැසිය අරගෙන එන්න මහන්සි වුණු සමිත රමේෂ් අයියවත්, අශේන් මදුරංග වගේම ආකාෂ් චමිදු කියන අපේ සහෝදරයො ටිකත් අනිවාරෙන්ම මතක් කරන්න ඕනෙ.

අඩුපාඩුවක් තියෙනවා නම් කමෙන්ට් එකක්.දාන්න. නැතත් ඉතින් කමෙන්ට් එකක්.දාලා යන්න අමතක කරන්න එපා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

23 comments

  1. Supiri thnks bro ❤️

  2. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    නියමයි සෙට් එකටම ස්තූති ❤️❤️⚠️️❤️❤️

  3. thanks cineru.lk jayawewa…………

  4. thanks

  5. Fatta…tnx

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. අසේල සුදේෂ්

    නියමයි සහෝ..ස්තූතියි 👌👌😍😍

  8. අසේල සුදේෂ්

    ස්තූතියි

  9. ස්තූතියි සබ් එකට ❤️ ඔන්න බාගත්තා

  10. thanks sub ekata

  11. Jayantha Wikramasingha

    Super b

  12. බොහොම ස්තූතියි උපසිරැසියට…

  13. මුවී එක බැලුවෙ මේ සිංහල සබ්ටයිල් එක එක්කල..
    මුවී එක සුපිරිම.. සබ් එකත් සුපිරිම..
    සිනේරූ ටිම් එකට තැන්ක්ස් 💚💚💚💚

  14. Sub eke font eka mokakda?

  15. elaaaaaaaaaaavx dbb

  16. hiru perera wuxian

    kathawa witharak nemey meke song eketh marama meaning ekak thiyenawaa…. :-*

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login