The title of the page
Uppena (2021) Sinhala Sub
Uppena (2021) Sinhala Sub
6.8
93

Uppena (2021) Sinhala Subtitles | මියෙනතුරා ආදරෙන් හිදින්නම් | සිංහල උපසිරැසි සමඟ

(Uppena (2021) Sinhala Sub) සුබ අලුත් අවුරුද්දක් වේවා ආදරණීය සිනමා රසික ඔබ සැමට..!!

ඔන්න ගොඩ දෙනෙක් අසාවෙන් බලාගෙන හිටපු තවත් සුපිරිම තෙලිඟු චිත්‍රපටයක් සිංහල උපසිරැසි ගන්වල තමයි මම අරගෙන ආවේ.කොරෝනා නිසා කල් ගිය තවත් චිත්‍රපටයක් තමයි මේකත්.

හරි එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු.Uppena කියන්නෙ Drama | Romance කාණ්ඩයේ තෙලිඟු චිත්‍රපටයක්.2019 ජනවාරි පූජා උත්සවය තියල මැයි මාසය වෙනකොට රූගත කිරීම් ආරම්භ කරපු Uppena 2020 ජනවාරි වෙනකොට රූගත කිරීම් සම්පූර්ණ කලා.ඉතින් 2020 වසරේදි සිනමාශාලාවල තිරගත කිරීමට තිබුනත් කොරෝනා වෛරසය සියලු බලාපොරොත්තු සුන් කර දැමීමට පස්සෙ වසරකටත් අධික කාලයකටත් පස්සෙ 2021 පෙබරවාරි 11 තමයි සිනමාශාලාවල තිරගත කිරීම ආරම්භ කලේ.
නමුත් කොරෝනා අතරතුර ඩිජිටල් මාධ්‍ය හරහා නිකුත් කරන ආරංචියක් පැතිරගියත් ඒ අවසරය චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායමෙන් ලැබුනේ නෑ.නමුත් ඒ ගැන කිසිදු කලකීරීමක් ඉතුරු නොකරම Uppena බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 75ක් සමඟින් කෝටි 100 ද පසුකර යමින් ට්‍රිපල් බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් බවට පත් වුනා.චිත්‍රපටය වෙනුවෙන් වියදම් දරා තියෙන්නෙත් ඉන්දියානු රුපියල් කෝටි 22 ක් පමණයි.ඒ වගේම මෙතෙක් 2021 වසරේ තෙලිඟු චිත්‍රපට වෙනුවෙන් ලබාගත් ඉහලම ආදායමත් මෙය වනවා.

චිත්‍රපටය මේ විදියට සාර්තක වෙන්නත් රසික අපි අතට පත් කරන්න මූලික වුන පුද්ගලයො ගැන කතා කරමු.

චිත්‍රපටය අධ්‍යක්ශණය සිදු කලේ Buchchi Banu Sana විසින්.ඒ වගේම Naveen Yerneni , Y. Ravi Shankar සමඟින් Sukumar තුන්කට්ටුවගේ නිෂ්පාදනයෙන්  Mytri Movies Makers බැනරය
යටතේ තමයි චිත්‍රපටය රසිකයින් අතර එන්නේ.චිත්‍රපටයේ මහත් අවධානයක් යොමු කෙරෙන සංගීතයට දායකත්වයක් දුන්නෙ Devi Sri Prasad විසින්.

චිත්‍රපටයෙ රංගන දායකත්වය ගැන කතා කරනකොට තෙලිඟු සිනමාවට තරු බිහි කරන මෙගා ෆැමිලියෙන් තෙලිඟු සිනමාවට එන Sai Dharam Tej ගේ සොහොයුරු Panja Vaisshnav Tej තෙලිඟු සිනමාවට ප්‍රධාන නලුවා විදියට පා තබන්නෙ මේ චිත්‍රපටය එක්ක.ඒ වගේම තවමත් අවුරුදු 17 ක් වගේ ලාබාල වයසකින් තෙලිඟු සිනමාවට එන්න වරම් ලබන සුරූපී Kriti Shetty තමයි ප්‍රධාන නිලිය විදියට එකතු වෙන්නෙ.ඊට අමතරව දමිළ සිනමාවේ විශිෂ්ඨ නලුවා Vijay Sethupathi ද මේ සඳහා රංගනයෙන් එක් වෙනවා.

ඉතින් දැනටමත් පේනවනේ.නවක නලු නිලියන් යොදාගෙන නිමවුන චිත්‍රපටයක් වෙලත් කොයිතරම් සාර්තක ගමනක් Uppena ඇවිත් තියෙනවද කියලා.
කියවනම් තව අපූරු දේවල් රැසක් තියෙනව චිත්‍රපටය ගැන.ඒත් ඉතින් මං දැන් කතාව පොඩ්ඩක් මතක් කරන්නම්.

ආසි කියන්නෙ ධීවර ගමක දුප්පත් කොල්ලෙක්.එතකොට බේබම්ම කියන්නෙ ඒ ගමේ වංසක්කාර සමින්දාර් කෙනෙක්ගෙ දුවෙක්.ඉතින් මේ ආසිගෙ අව්ලක් තියෙනව.කොල්ලට “ග” ශබ්ධ කරන්න බෑ.මෙයා තාත්ත එක්ක ජීවත් වෙන්නේ.හැබැයි අර බේබම්ම පස්සෙන් වැටිල හිතින් ආදරය කරන ආදරවන්තයෙක්.ඉතින් මේ බේබම්මට ලස්සන නමක් තියෙනව ඇත්තට ෆිල්ම් එකෙන් ඔයාට දැනගන්න පුළුවන්.ඉතින් බේබම්මගෙ තාත්තා රායනම් පවුලේ ගෞරවය ගැන ඔලුව උදුම්මගත්ත කෙනෙක්.ඉතින් බේබම්මත් ආසිට ආදරේ කරන්න ගත්තොත් මේ කුල දෙකක ආදර කතාව මොන අතකට ගලා යයිද..?

ෆිල්ම් එක බලල ඔයාලම දැනගන්න.එහෙනම් තව විශේෂ ඉල්ලීමක් තියෙනව.චිත්‍රපටය පුරාවට ලස්සන සින්දු ටිකකුත් බලාගන්න පුළුවන් මං ඒවටත් උපසිරැසි දාල තියෙන්නෙ පොඩ්ඩක්වත් ස්කිප් නොකර රසවිඳින්න.

ඒවගේම අද දින දෙවන සංවත්සරය සමරන අපේ සිනෙරූ වෙබ් අඩවියට මගේ උණුසුම් සුබ පැතුම් එක් කරනවා.

මේ වගේ කෙටි කාලෙකදි මෙච්චර ලොකු ගමනක් අපිට එන්න පුළුවන් උනේ ඔයාලගේ ධෛර්යය නිසාමයි.ඉතින් දිගටම රැදෙන්න අපි එක්කම. තවත් උපසිරැසියකින් ඉක්මනටම හම්බෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

13 comments

  1. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    ස්තුතියි සහෝ, හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා!
    ඒවගේම සිනේරු එකේ දෙවෙනි සංවත්සරයටත් සුබ පැතුම් එක් කරනවා.

  2. thanks sinhala sube ekata yuvarathnaa 2021 kannada film ekatath sube danna jayawewaa///

  3. udaya saman
    Cineru Family Member

    ඔන්න බෑව එහෙනම්ගබලන් හිටපු එකක්ගකාටත් කලින්ම.සුභ අළුන් අවුරුද්දක් වේවා මධුවා

  4. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    නියමයි මදුවා
    ෆිල්ම් එක ආව ගමන්ම සබ් එක
    සිනෙරූ එකට සුභ උපන් දිනයක්
    ඒ වගේම සුභ අලුත් අවුරුද්දක් 🖤🤘😍

  5. Thanks sub 1ta..
    Yuvarathna
    Mandela
    Jathi rathnalu
    The priest
    Mewatath sub dunnanam..awrudda thawath saru weii..

  6. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    දෙවනි සංවත්සරයට සුභ පැතුම්! නියමයි සහෝ, ඇරඹුමම පට්ට. ඒ වගේම හැමෝටම සුභ සිංහල අලුත් අවුරුද්දක් වේවා!
    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
    ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  7. Shehan
    Cineru Family Member

    ❤️❤️ ඇරඹුමම සුභ වෙලා..❤️❤️

    ..දෙවෙනි සංවත්සරයට සුභ පතනවා..

  8. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ සයිට් එකේ සෙකන්ඩ් ඇනිවසරි එකට සුබ පතනවා

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  10. Professor Zoom
    Cineru Family Member

    ගැම්මක් කොල්ලෝ😅🙂

  11. film eka nadda download karaganna

    • වීඩියෝ පිටපත් කියන තැනින් ගන්න..VPN use කරනවනම් off කරලා සයිට් එකට එන්න..එඑතකොට වීඩියෝ පිටපත් කියන බට්න් එක පෙන්වයි.

    • Madushan Priyankara
      Cineru Family Member

      වීඩියෝ පිටපත් කියන එකෙන් ගිහින් අරගන්න පුලුවන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login