The title of the page
Secret Magic Control Agency (2021) Sinhala Sub
Secret Magic Control Agency (2021) Sinhala Sub
6.2
92
78

Secret Magic Control Agency (2021) Sinhala Subtitles | හැන්සල් සහ ග්‍රේටල් – අඳුරු මායා පාලකයෝ | සිංහල උපසිරැසි සමග

(Secret Magic Control Agency (2021) Sinhala Sub) සහෝදරිය හිතන් ඉන්නවා තමන් ඉගෙනගෙන ශිශ්‍යත්වයක් දිනලා තමයි දැන් මේ ඉන්න තැනට ආවේ කියලා. ඒත් එයා දන්නේ නෑ තමන්ගේ සහෝදරයා තමයි ඒ විදිහට දැනෙන්න සලස්වලා එයාට ඉගෙනගන්න ඕනේ දේවල් සැපයුවේ කියලා. එයා එහෙම කරෙ එයාගේ අධ්‍යාපනය කැපකරගෙන කියලත් දන්නේ නෑ. ඒත් එහෙම තමයි. ඒක තමයි බැදීම කියන්නේ! ඉතින් අපි මෙච්චරකල් දැකපු හැන්සල් සහ ග්‍රේටල් කතාව අලුත් විදිහකින් බලන්න සහ ඇනිමේශන් ලෝකෙට පිවිසෙන්න ඔයාලා හැමෝටම ආරාධනය කරනවා. ඉතින් ආඩම්බරයෙන් කියනවා සිනෙරූ එකට ඇවිල්ලා තාම අවුරුද්දක්වත් නැතුව ඔන්න මම අපේ අඩවියේ ද්විත්ව ශතකයක් ගහපු පළවෙනි කෙනා උනා. ඔව් ඒ කියන්නේ මේ මගේ 200වෙනි උපසිරැසිය! ගොඩක් ප්‍රශ්න එක්ක, ගොඩක් අමාරුවෙන් වගේම ගොඩක් සතුටින් ආව ගමනක් මේක. මගේ පළැවෙනි සබ පලවුනේ 19-04-2020 අවුරුද්දේ. ඒ ශර්ලොක් හෝම්ස් මහත්තයාගේ කතාවක්. ඒකට හොඳ ප්‍රතිචාර ලැබුනා. ඒ නිසා ඔහොම ඔහොම ඉදිරියට ආවා.

සමහර තැන්වල අධිවේගෙන් සබ් ගැහුවා. සමහරතැන්වල පරක්කුවෙලා හොඳටම බැනුම් ඇහුවා. ඒත් ඒ ඔක්කොම මැදින් මට මේ ගමන එන්න ලැබුබේ කීපදෙනෙක් නිසයි. *සදහම් මගේ පුතා – මෙයා නැත්නම් මම තාමත් පිස්සු කෙලින නිකන් පුහු මනුස්සයෙක්. මගේ සදහම් පුතා නිසයි මේ වගේ දේකට යොමු උනේ. *මගේ ආදරණීය බිරිඳ ලක්ෂ්මී – මෙයා තමයි ඉතින් වචනයක්වත් නොකියා මේකට ලොකුම සහයෝගේ දුන්නෙ. තේ හදන් එනවා. කන්න බොන්න ගේනවා. නින්ද ගියාම ඇහැරවනවා. ඉතින් ඒ හයිය නැතුව මම නිකන්ම නිකන් හාල්පාරුවෙක් වගේ ඉන්න තිබ්බා. මේ දෙන්න තමයි මගේ ජීවිතේ වැදගත්ම දෙන්නා. හරි ඔන්න ඊලඟ කෙනා, අපේ බොස් සමිත මල්ලී – මම යවපු පලැවෙනි ඊමේල් එකේ ඉඳලා අද වෙනකන් අහන හැම දේකටම බෑ නොකියා උදව් කරපු හිත හොඳ ලොක්කා තමයි සමිතේ මල්ලී. පුදුමාකාර විදිහට අපි ගැන හොයලා බලන ලොක්කෙක් තමයි. අනික හොඳම ෆිල්ම්, සීරීස් අපිට හොයලා බලෙන් ඇඟේ ගහනවා. අන්න එහෙමයි එයා. ස්තූතියි සමිතේ මල්ලී. ඊලඟට අපේ චානක තිලංක, මේ මනුස්සයා නම් අමුතුම විකාර කාරයෙක්. වෙලාවකට හොයන් ඇවිත් උදව් කරනවා. වෙලාවකට අපි මැසේජ් එකක් දැම්මත් රිප්ලයි නෑ. සමහර ඒවට රිලයි එන්නේ මාස තුනකට විතර පස්සේ. එත් උදව්වක් ඉලුවොත් ඇලඩින්ගේ භූතයා වගේ මෙන්න මේ යකා ඇවිල්ලා! ස්තූතියි හිත හොඳ සහෝදරයා. ආ මං කරපු සෑහෙන වැරදි වැඩ ගොඩකින් මාව අයින් කරගත්තෙත් චානා ම තමයි. ඊලඟට අංජුල මල්ලී, අශේන් මල්ලී, ශෙහාන් මල්ලී, පසිඳුවා මල්ලී, මධුවා මල්ලී, පීටර් අයියා වගේම සයිට් එකේ සියලුම උපසිරැසිකරුවන්ටත් ස්තූතියි සහයෝගේ මදි නොකියන්න දෙනවට.

ඊලඟ සෙට් එක තමයි අපේ වැදගත්ම සෙට් එක. මුලින්ම මේ ෆිල්ම් එක පවා තෝරලා දුන්න හශාන් එම් ප්‍රියදර්ශන (යකෝ මූත් දර්ශනයෙක් නොවැ) මල්ලිට ගොඩක් ස්තුතියි. මගේ පළැවෙනි සබේ ඉඳන්ම මේ වෙනකල් හැම එකකටම කමෙන්ටුවල් කිව්ව කොල්ලෙක් තමයි මේ. ඉතින් මල්ලී ස්තූතියි. ඒ වගේම අපේ සයිට් එකේ කමෙන්ටුවක් ලියන සියලුම මගේ ආදරණීය රසික පිරිසට 🙏 මේං වැන්දා ජය ලැබෙන්න අත් බැඳලා. එතන ඉන්නවා ලොකු පිරිසක්. නම් වශයෙන් නොලිව්වට ඒ හැමෝටම මම කමෙන්ට්වලට අනිවා රිප්ලයි ලියනවා. ඒ නිසා ඒ හැමෝටම ගොඩක් පිං. ඒ වගේම අපෙන් සබ අරගෙන නිකන්ම යන අයටත් ස්තූතියි සයිට් එකට එනවට සහ බානවට. හරිනේ අම්තක උන කවුරුහරි ඉන්නවා නම් ඉතින් සෑහෙන්න සමාවෙන්න ඕනේ ඈ! ඔයාලගෙන් අදත් ඉතින් වෙනදා වගේම ඉල්ලන්නේ අපි නිදි මරන්, ගෑස්ට්‍රයිටීස් වැඩිකරගෙන මේ දෙන සබක් ගද්දී කමෙන්ට් එකක් ලියලා යන්න. හරි ලේසියි, රෙජිස්ටර් වීම් ඕනේ නෑ. පණිවිඩේ ගැහුවා, නම ගැහුවා, ඊමේල් එක ගැහුවා, සබ්මිට් දුන්නාම හරි. හරි නේ අදවත් ලියන්න එහෙනම්. අර කලින් කිව්වා වගේම ආඩම්බරෙන් තමයි ඉන්නේ පලවෙනි ද්විත්ව ශතක ලාභියා උන එක ගැන. ඒ වගේම මම 19 වෙනිදට “ද එක්ස්පන්ස්” කතා මාලාවේ අවසාන එපිය දෙන්නම්. ඊලඟට එක දිගටම “සාලෙම්” එකත් දෙන්නම්. පරණ සීරීස් ඉවර උනාට අලුත් ඒවා පටන් ගන්න නම් හිතලා නෑ. බලමුකෝ. එපි 2ක් 3ක්වත් එකපාර දෙන්න ඕනේ ආයේ සීරීස් සබ් දෙනකොට. ඉතින් මතකයිනේ එහෙනම්, වටේ නොයා එන්න සිනෙරූ එකට. ඔයාලා හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි! කියලා ප්‍රාර්තනා කරනවා. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

13 comments

  1. adooo maru maru ahh meka .tava deyak pulvnm The Terror tv series ekta sub denna eka pattama patta amutu katavak season 1 season 2 ava denna plz

  2. Hashan
    Top Fan ⭐⭐⭐

    ගොඩක් ස්තූතියි දර්ශන අයියෙ සබ් එකට 🙂❤.. 200වෙනි සබ් එකටත් සුබ පතනවා 👏👊❤❤😎

  3. Sub ekata thanx

  4. Congtzzzzzzzzzz

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ…. 200ට සුබ පතනවා

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    200 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. චානක තිලංක

    ආ 200 කොහොම හරි දුන්නා නේ නියමයි නියමයි මගෙන් උණුසුම් සුභ පැතුම් 200 වෙනි උපසිරැසි ගැන්වීමට ජයවේවා ජයවේවා ජයවේවා ඉදිරියටත් සිනෙරු පවුල එක්ක දිගටම යමු 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍👏👏👏👏👏👏👏👏👌👌👌👌👌👌👌👌👌👌👌👊👊👊👊👊👊👊👊👊🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥👏👏👏👏👌👌👌👊👊👊👊👊❤️❤️❤️❤️👍👍👍👍😍😍😍😍😍❤️❤️❤️❤️😍😍😍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  8. අමෝ ඉතාන් දර්සන ලොකු අයියා සිනෙරු ලොක්කා වගේ තමා ඈ දැන්. ප⁣ට්ට පටෝරි. දර්සෙ ලොක්කාගෙ නෝනා සහ පුතා නැත්නම් අද සෙනෙරු එකකුත් නැති වෙන්න ඉඩ තිබ්බා. මච් ලවි යු ඕල්.

  9. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    200 වෙනි උපසිරැසියට සුබ පැතුම් අයියේ!

  10. Supun Sadeepa
    Cineru Family Member

    Congratulations 😍

  11. Cngz for 200 sub. thank you

  12. Congratulations saho.. sub eka supiri.. 250 ikmnta kramu.. 🍾🍾

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login