The title of the page
Unstoppable (2018) Sinhala Sub
Unstoppable (2018) Sinhala Sub
6.7
80
90

Unstoppable (2018) Sinhala Subtitles | කිසිවෙකුටත් නවතාලිය නොහැකි ආදරයක්! | සිංහල උපසිරැසි සමඟ

(Unstoppable (2018) Sinhala Subtitles) අද වෙනකොට කොරියානු සිනමාවෙ ඉන්නෙ සිරාම නළුවෙක් තමයි Don Lee එහෙමත් නැත්තන් Ma Dong-seok කියලා කියන්නෙ 😎 ඇත්තටම කිව්වොත් දැන් නම් කොරියාවෙ විතරක් නෙවෙයි මුළු ලොකෙම ජනප්‍රිය නළුවෙක් බවට Ma Dong-Seok පත්වෙලා තියෙනවා. මේකත් Ma Dong-Seok ප්‍රධාන චරිතය නිරූපණය කරන Action/ Crime 🔥 ශාරණයට අයිතිවෙන සුපිරිම චිත්‍රපටියක් 📽️ ප්‍රධාන නිළිය විදිහට ජනප්‍රිය කොරියානු නිළි Song Ji-hyo එකතුවෙලා තියෙනවා.

මේ චිත්‍රපටිය නිකුත් වෙන්නෙ නම් 2018 අවුරුද්දෙ අග භාගයේදි. ඒ වගේම තමයි මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නෙ Kim Min-ho චිත්‍රපටිය අධ්‍යක්ෂකවරයා 🎬

මේ වෙනකොට IMDb මීටරේ 6.7 ක අගයකුත් Rotten Tomatoes 🍅 වල 80% ක අගයකුත් අරගන්න මේ චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා.

මේකෙ කතාව ගැන බැලුවොත් මෙහෙමයි… 🤔

Kang Dong-Cheol කියන්නෙ එයාගෙ යාළුවා Choon-Sik එක්ක දිනපතාම 📅 මාකට් එකට මාළු බෙදාහරින ඩිලිවරි සර්විස් එකක් වගේ දෙයක් කරන සාමාන්‍ය විදිහට ජීවත්වෙන කෙනෙක්. හැබැයි ඉතින් දැන් මෙහෙම සාමාන්‍ය විදිහට ජීවත් උනාට විවාහ වෙන්න කලින් Dong-Cheol කියන්නෙ ටිකක් විතර දරුණු විදිහක කෙනෙක් 😯 Dong-Cheol, Ji-Soo එක්ක විවාහ උනාට පස්සෙ අහිංසක චරිතයක් විදිහට තමන්ගෙ රස්සාව කරගන ජීවත් වෙනවා 👍

 

Dong-Cheol කරන මේ රස්සාවෙන් එයාට ඒ හැටි මුදලක් ලැබෙන්නෙ නෑ. ඒ ලැබෙන මුදලත් හරිහමන් විදිහට ලැබෙන්නෙ නෑ 💰 ඒ අස්සෙ ගෙදර කුලිය ගෙවන්න, ගෑස් බිල ගෙවන්න වගේ තවත් ගොඩක් දේවල් වලට වියදම් කරන්න Dong-Cheol සහ එයාග බිරිඳට සිද්ධවෙලා තියෙනවා 😐 අන්න ඒ හින්දම Dong-Cheol එයාගෙ යාළුවෙකුගෙ මාර්ගයෙන් කකුළුවෝ ව්‍යාපාරයකට ආයෝජනයක් කරනවා. ඒක පොඩි ආයෝජනයක් නෙවෙයි 🤑 දවසක් දා රෑ මේ දෙන්නා වැඩ ඇරිලා ගෙදර යනකොට මහපාරෙදි යම්කිසි සිදුවීමකට මූණ දෙන්න වෙනවා 🤔 මේ සිදුවීම නිසා කතාව එහෙම් පිටින්ම අනිත් පැත්ත හැරෙනවා.

ඒ සිදුවීමෙන් ටික දවසකට පස්සෙJi-Soo ගෙ උපන්දිනය දවස එනවා 🎂 එදා Dong-Cheol එයාගෙ නෝනව සප්‍රයිස් කරන්න හිතාගෙන රෑ කෑමකට එක්කගෙන යනවා. හැබැයි ඉතින් එදා කෑම කන්න ඉඳගත්ත ගමන්ම දෙන්නා අතරෙ පොඩි රණ්ඩුවක් ඇතිවෙනවා. මේ රණ්ඩුව ඇතිවෙන්න මං කලින් කිව්ව ආයෝජනය මුල් කරගෙන. මේ රණ්ඩුව නිසාම Ji-Soo එයාගෙ මහත්තයාටත් නොකියම ගෙදර යනවා. ගෙදර ගියාට පස්සෙ තමා මෙයාට තේරෙන්නෙ කේන්ති අරගත්තා වැඩී කියලා 🤷 ඒ නිසාම Ji-Soo, Dong-Cheol ට සමාව ඉල්ලලා ඉක්මන්ට ගෙදර එන්න කියලා මැසේජ් එකක් යවනවා.

Dong-Cheol ගෙදර එනකොට නොහිතපු දෙයක් තමයි සිද්ධවෙලා තියෙන්නේ 😱 ඒ කියන්නෙ මෙයාගෙ බිරිඳව පැහැරගෙන ගිහින්. මෙන්න මේ සිදුවීමට කලින් දවසක රෑ සිදුවීම සම්බන්ධයි 🙄 ඒ සිදුවීම තමයි මේ පැහැරගැනීමට මූලික වෙන්නෙ. මේ පැහැරගැනීම කරන්නෙ එසේමෙසේ කණ්ඩායමක් නෙවෙයි කියකත් කියන්න ඕන 😐

Dong-Choel ට එයාගෙ නෝනව හොයාගන්න පුළුවන් වෙයිද?ඇයි මේ විදිහට එයාව පැහැරගත්තෙ? වගේම මොකටද පැහැරගත්තෙ?

මේ දේවල් දැනගන්න චිත්‍රපටිය බලලම ඉන්න ✋

තව දෙයක් තියෙනවා… මේ චිත්‍රපටියට පොඩි කොමඩි ගතියකුත් එකතු කරලා තියන නිසා ආතල් එකේ බලන්න පුළුවන් 😅 කොමඩි චරිත දෙකකුත් මේකට සෙට්වෙනවා 😁

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

7 comments

  1. Thank you❤

  2. Thanks sub ekata, puluwan nm Miss & Mrs Cops kiyana korean movie ekatath sub eka denna plz

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. සබ් එකට Thanks සහෝ! තවත් Korean Movies වලට දිගටම සබ් දෙමු!

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Krishani
    Cineru_users

    Thank you 💖💐

  7. thanks ……………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login