The title of the page
6.5
67
86

Typewriter (2019) S1 E01 Sinhala Subtitles | ආරම්භයම අභිරහසක් | සිංහල උපසිරැසි සමග|

මේ වෙද්දි Netflix එකෙන් මේ වෙද්දි Hollywood විතරක් නෙමේ Bollywood එකත් ආක්‍රමණය කරලා..මොකද මේ වෙද්දි Bollywood වලින් Netflix ලා සුපිරිම සීරීස් ටිකක් ආවා මතක ඇති..මුලින් ම Scared Games ගොඩක් අය කිව්වෙ අපෝ ඉන්දියන්ද කිව්ව ගොඩක් අය පෝස්ට් දෙකක් තුනක් දකිද්දි බලන්න ගත්තා..ඊටපස්සෙ ඉතින් ඔය අපෝ ඉන්දියන්ද කිව්ව අය හොයාගන්නත් නෑ..ඊටපස්සෙ Ghoul එක..ඒකත් Netflix එකෙන් කරපු තවත් සුපිරිම භාණ්ඩයක්..ඔය ඔක්කොටම පස්සෙ ඔන්න එහෙනම් අද Tv series and Movie අපි ඔයාලට දෙන්නෙ Netflix එකෙන් Bollywood ආක්‍රමණය කරපු අලුත් ම සීරීස් එකක්..
2019 ජුලි මස 19 වෙනිදා මුළු සීරීස් එකම Netflix ලා රිලීස් කරනවා..Kahaani 1 , Kahaani 2 , Badla (2019) වගේ චිත්‍රපට අධ්‍යක්ෂනය කරපු Sujoy Gosh මේ Typewriter Mini series එක Direct කරනවා..ඒ වගේම Hello (2017) ෆිල්ම් එකේ හිටපු අර පොඩි කොල්ලා Mikhail Gandhi ත් තව කෙල්ලෙකුයි කොල්ලෙකුයි , බල්ලෙකුයි 4 දෙනෙක් ඉන්නවා..තව ජනප්‍රිය නළු නිළියන් ගොඩක් මේකට රංගනයෙන් දායක වෙනවා..ඉතින්..
මෙච්චර වෙලා කියපු මේ Mini series එක Horror / Thriller කැටගරි එකට තමා වැටෙන්නෙ..Imdb අගයත් 6.5 ගොඩක් ඉහල අගයක් ලැබිලා තියෙනවා..Horror ෆිල්ම් / සීරීස් වලට මෙච්චර රේටිං එනවා කියන්නෙ ඉතින් සුපිරි තමයි..මොකද Horror වලට එච්චර රේටිං එන්නෙ නෑ කියලා හැමෝම දන්නවනේ..Story එකත් පට්ටම සුපිරි..කුතුහලයෙන් බලන්න පුළුවන් සීරීස් එකක්..ගොඩක් අය කියනවනේ..අපෝ සීරීස් එපා වෙනවා..ඊලග සීසන් එක එනකන් ඉන්න ඕනෙ..අරකයි මේකයි කියලා..
මේක නම් එහෙම ඊලග සීසන් එක එනකන් ඉන්න දෙයක් නෑ..එපිසෝඩ් 5 යි විනාඩි 40 – 45 අතර..ඉවරයි..ඒ නිසා ලේසියෙන් ම බලලා ඉවරකරන්න පුළුවන් එකක්..
කතාව යන්නෙ ගෝවා වල බාර්දෙස් වල ජීවත් වෙන සමීරා , සත්‍යජිත් , දේව්‍රාජ් කියන පාසල් යාළුවො පිරිසක් වටා තමයි ගොඩනැගෙන්නෙ..මෙයාලා Ghost Club කියලා එකක් පටන් අරගෙන මෙයාලගෙ පළවෙනි මෙහෙයුම විදිහට අසල්වැසි පරණ හොල්මන් බංගලාවක අවතාරයක් හොයන්න තීරණය කරනවා..මේ අවතාර ගැන ලොකු උනන්දුවක් ඇති වෙන්නෙ මෙයාලා ලග තියන Ghost Of Sultanpore කියන නවකතාව නිසා..
කොහොමහරි මේ බංගලාවෙ ඇත්තටම සැගවුන අභිරහසක් තියෙනවා..ඒත් මෙයාලා මේ බංගලාවට යන්න කලින් මේ බංගලාවට අලුතෙන් පවුලක් එනවා ජීවත් වෙන්න..ඒ එක්කම මේ ගෙදර තියන පුරාවෘත්තය බිහිසුණු විදිහට ආපහු ඉස්මතු වෙන්න ගන්නවා..මේ ගෙදර තියෙනවා Typewriter එකක්..මේ Typewriter එකේ පිටිපස්සෙ ලොකු රහසක් තියෙනවා..ඒ ගැන ඉස්සරහා එපිසෝඩ් වලින් දැනගන්න ලැබෙයි..කොහොමහරි මේ ගෙදර තියන අභිරහස මොකක්ද ? මොකක්ද මේ Typewriter එකේ අභිරහස , කලින් මොකක්ද මේ ගෙදර උනේ ? ඇයි ගොඩක් අය මේ ගෙදරට බය ? මේ ගෙදරට එන අයට මොකක් වෙයිද ? අර පොඩි සෙට් එකට හොල්මන් හොයාගන්න පුළුවන් වෙයිද ? ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තර දැනගන්න අනිවාර්යයෙන් ම මේ සීරීස් එක බලන්නම වෙනවා..
මම වගකීමෙන් කියනවා පලවෙනි විනාඩි කිහිපය බලන්න අනිවාර්යයෙන් ඉතුරු ටික නිකන් ම බැලෙයි.. මේ කතාවෙ කුතුහලය අඩු නැතුව ලැබෙනවා..එපිසෝඩ් එකේ අන්තිමටත් එහෙම්මමයි..එහෙනම් ඊලග එපිසෝඩ් එකෙන් හම්බවෙමු..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් ඉෂාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් ඉෂාර

April 12, 2019


32
Total Subtitles

10 comments

  1. ගොඩක් පිං සහෝ
    ජය වේවා..

  2. Good work! ……

  3. බොහොම ස්තුතියි බ්‍රෝ සිංහල උපසිරසියට 😊😊 අනිත් එපිසෝඩ් 4ටත් ඉක්මනට සිංහල උපසිරසි ගේමු.. 👊
    ජය වේවා.! 😉

  4. Link 1ka ganna ba

  5. නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

  6. Mata meke download karanna links dennako

  7. thanks for sub

  8. Ado eka patta thanks episode 2 ekath takgala dapn machan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login