The title of the page

Article 15 (2019) Sinhala Subtitles | 15 වන වගන්තිය | සිංහල උපසිරැසි සමග |

Ayushman khuran අපි කව්රුත් දන්න ඉතා විශිෂ්ට නලුවෙක්..ඔහු හැමදාම වගේ අලුත් වෙනස්ම ආකාරයේ සිනමාටයකින් ප්‍රේක්ෂක මනස වෙනස්ම ලෝකයකට අරන් යනව කිසිවෙකුටවත් නොදැනෙන්නම.ඇත්‍තටම ඔහුගේ අනෙක් සිනමා නිර්මාන පවා හිතන්න යමක් සමාජයට ඉතිරි කරපු ඉතා වෙනස්ම සිනමා මාන වලින් වර්ණ ගන්වල ප්‍රේක්ෂක අප වෙත තිලින කරන්නෙ.මෙම නිර්මාණයත් එවැනිම නිර්මාණයක්.සත්‍ය සිදුවීම් හා අවස්තා පාදක කරගනිමින් පැය 2 විනාඩි 20 දිවෙන මෙම නිර්මාණය Drama/Crime නිර්මාණයක් ලෙස හදුන්වන්න පුලුවන්..

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය වරයා හා අතර ඇති සන්වාදයක් නිසා ayan (ayushman) එක්තරා දුශ්කර ඉතා දුගී දිවි පෙවතක් ගෙවන ඉන්දීය ග්‍රාමයක් වෙත ඉහල පොලිස් නිලදාරියෙක් ලෙසම මාරුවීමක් ලැබේ.ඔහුගේ පත්වීමත් සමඟම ඔහුට ඉතා භාරදූර් ඉතා සන්වේදී මෙහෙයුමක් වෙත පියමනින්න සිද්ධ වෙලා.පහත් යැයි සැලකෙන කුලයක් දරුවන් දෙදෙනෙක් එල්ලා මරණයට පත් වීමක්.

දැඩිව කුල භේදය ගෝත්‍ර පදනම් කරගෙන මෙම ඉන්දීය ග්‍රාමයේ වැඩකටයුතු සිද්ධ වෙනව අයන් ට මුහුණ දෙන්න වෙන ලොකු ගැටලුවක් ඉතින් පහත් කුලයේ අයෙකුට එකට හිඳ ආහාර ගැනීම පවා තහනම්.ඒ තරම් පහත් ලෙස ඔවුන් කුල භේදය අගයමින් වැඩකටයුතු කරනව.

ඔන්න ඉතින් ඇත්‍තටම මරණයට පත්වුණේ දරුවන් 3 ක්.එහෙත් දෙදෙනෙක් ගෙ මරණ පමනයි තිබුණෙ.අනෙක් ගැහැණු දරුව කොහෙද?? සල්ලි ආගම කුලය ඉහලින් පවත්වාගෙන වැරදි කරන් මිනිසුන් කොටසක් මෙම අපරාදය කරගෙන යනව කියල් අයන් තේරුම්ගන්නව.හදිසි මරණ පරික්ශක වෛද්‍යවරියට පවා තර්ජණය කර සාමූහික දූශණයක් වූ මරණ වාර්තාව එකතරා පොලිස් නිලදාරියෙක් විසින් හිතාමතා වෙනස් කරන්නේ සල්ලි භය හා අපරාදයට සම්බන්ධ වීම නිසාවෙන්.

නමුත් කෝ අනෙක් දරුව..අයන් ට එන භාදක නම් සුලුපටු නෑ.මුදල් ,දේශපාලන,කුල මානසිකත්වය වගේ ගොඩක් ප්‍රශ්න ඇතිවුනත් ඔහු අප්‍රතිහත ධෛර්‍ය්‍ය නිසාවෙන් ඔහුහේ ගමන ගොඩක් සාර්තක වෙනව.ඒ වෙනකොටත් ඔහුට මාරුවීම් පත්වීම ලැබී හමාරයි.ඊට අත්සන් යොදන්නත් පෙර ඔහු මඩ වගුරක් පීරමින් ඉතා පරිශ්‍රමයකින් නැතිවුණ අනෙක් දරුවත් සොයමින් වෙහෙසෙනව.

අයන් ට අනෙක් දරුව සොයාගන්න පුලුවන් වේවිද??
ඔහුගෙ කතාවේ අවසානය කුමක් වේවිද?

Netflix වෙතින්❤️

ඔබත් අදම නරබන්න.. The great movies we watched වෙතින් සාඩම්බර ඉදිරිපත් කිරීමක්.
#Lasithweerasinghe😎

තවත් උපසිරැසියක් එක්ක ආයෙම හම්බවෙමු එතෙක් ඔබට ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අනුජ විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අනුජ විජේසිංහ

September 1, 2019


1
Total Subtitles

One comment

  1. ගොඩක් පිං සහෝ..
    ජය වේවා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login