The title of the page

ශ්‍රී ලාංකීය උපසිරැසිකරණයේ නවමු රැල්ල TVSERIESANDMOVIESUB නව නිවහනකට

ආයුබෝවන්…!

ශ්‍රී ලාංකීය උපසිරැසි කලාවට මීට වසරකටත් අඩු කාලයකට පෙර පිවිසි tvseriesandmoviesub.com වෙබ් අඩවිය වටා ඔබ බොහෝ දෙනෙක් එක් රොක් වූ බව සියලු දෙනාටම නොරහසක් බව අප දනිමු. එලෙස සැමගේ සිත් දිනාගන්නට සමත් වූ tvseriesandmoviesub.com වෙබ් අඩවිය අද (එනම් 2020.01.07) දින සිට cineru.lk ලෙස නව ඩොමේන් නාමයක් යටතේ දියත් කරන බවත් මෙම වෙබ් අඩවිය පෙර තිබූ වෙබ් අඩවියට වඩා වේගවත් මෙන්ම අලුත් මුහුණුවරක් ලබා දී ඇති බවත් සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු…

කෙසේවෙතත් පෙර පැවති tvseriesandmoviesub.com යන ඩොමේන් නාමය යටතේ තව දුරටත් අපගේ වෙබ් අඩවියට පිවිසිය හැකි නමුත් අපගේ වෙබ් අඩවියට පිවිසීමට ඔබ යොදා ඇති කෙටි මං පිවිසුම් (බුක්මාර්ක් වැනි) cineru.lk ලෙස නැවත නම් කරගන්නා ලෙසද මින් ඉදිරියට අපව සිනෙ රූ යන නමින් අමතන ලෙසද දයාබර ඔබගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු…

මෙලෙස ඩොමේන් නාමය අප විසින් වෙනස් කරන ලද්දේ, පෙර පැවති ගැටළු හඳුනා ගනිමින් ඔබට අප වෙබ් අඩවියට පිවිසීමට ඇති පහසුව වැඩි කිරීමට මෙන්ම වේගවත් බව වැඩි කිරීම උදෙසා බවද නැවත මතක් කර දෙමින්, මෙතැන් සිට සිනෙ රූ ලෙසින් අප අභිමානය ලාංකීය සිංහල උපසිරැසිකරණය තුල පැතිරවීමට බලාපොරොත්තු වන බවත් සතුටින් දන්වා සිටිමු..

ගුණාත්මක සිංහල උපසිරැසි සමගින් නිරතුරුවම අප හා එක් වන ඔබට ස්තූතියි…

– සිනෙරූ ඇඩ්මින් මඩුල්ල –

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

14 comments

  1. සුපිරි මචො

  2. සුපිරි

  3. ජයවේවා ♥️♥️♥️♥️🎥

  4. නියම වැඩක් බන්.👍

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …

  6. සුපිරි සහෝ 🥳🥳🥳🥳🥳

  7. R.A.N.U. BANDARA

    Ela

  8. Thanks all for support us!!

  9. niyamayi jayawewa digatama sub demu

  10. Jaya jaya bro

  11. එල මචන්… comment දාන්න තව ලේසි කරන්න බැරිද. මේ ටික පුරවන්න ගියාම දාන්න හිතෙන්නෑ…

  12. සුපිරිම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login