The title of the page
6.5
89

Thippara Meesam (2019) Sinhala Subtitles|මතට දියවූ තාරුණ්‍ය|සිංහල උපසිරැසි සමග|

වර්තමාන සමාජයේ තියෙන ලොකු පිළිලයක් තමයි මත්ද්‍රව්‍ය කියන්නේ. මත්පැන්, සිගරැට්, සූදුව ඒ වගේම අනියම් කාන්තා ඇසුරට ඇබ්බැහි වුන කෙනෙක්ට මුලි ජීවිතයම නරකාදියක් කරගෙන තමයි ගෙවන්න වෙන්නේ. පාසල් කාලෙ ඉදන්ම මතට ලොල් උනොත් සමාජයත්, දෙමාපියන් වගේම ආදරයත් ඔබෙන් ඈත් වෙනවා.

හැමදේකම සල්ලි දකින්න ගන්නවා..හොඳ , නරක කියාදීල යහමගට ගන්න හදන අම්ම , තාත්තා පවා යමපල්ලො වගේ දකින්න ගන්නවා. තමන්ට අවංකව ආදරය කරන කෙනත් දුරස් වෙලා මේ ලෝකෙ තනිවුනහම මේ ඇබ්බැහිවීම් වල භයානකකම හැමෝටම දැනෙන්න ගනියි..

ආයුබෝවන්🙏 හැමෝටම

මේ අදහස් කීපය ඔයාලට ලං කරගෙනම මම ආවෙ තවත් වටිනා තෙලිඟු සලරුවකට උපසිරැසි අරගෙන. එහෙනම් ඉතින් චිත්‍රපටිය පැත්තට හැරෙමු..

මේ චිත්‍රපටිය පසුගිය වසරේ නොවැම්බර් 9 වෙනිදා තමා තිරගතවීම ආරම්භ කලේ.මීට දින කීපයකට ඉහතදී තමයි ඔර්ජිනල් පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුනේ.මේ වන විට IMDB දර්ශකය තුල 6.8 කුත් Google පරිශීලකයන්ගෙ 90% ක ප්‍රතිචාරයත් මේ සදහා හිමි වී තිබෙනවා. Krishana Vijay ගේ අධ්‍යක්ෂණය යටතේ කෙරුනු මේ චිත්‍රපටිය සදහා රංගනයෙන් එක් වන්නේ, Vunnadhi Okate Zindagi (2017), Needhi Naadhi Oke Katha (2018), වගේ චිත්‍රපටි ගනනාවක රංගනයෙන් දායක වුනු Sri Vishnu සමග Chikati Gadilo Chithakotudu (2019) චිත්‍රපටයේ රංගනයෙන් එක් වුනු Nikki Tamboli විසින්..

කතාව මෙහෙමයි.. මනී කියන්නෙ මත්පැන් , ඔට්ටු දැමිලි වලට එහෙම ඇබ්බැහි වුනු කෙනෙක්.. මෙයා පොඩි කාලෙම කුඩු වලට ඇබ්බැහි වෙලා වේදනාත්මක අතීතයක් ගෙවපු කෙනෙක්.. අතීත කතාවත් චිත්‍රපටිය බලද්දි දැනගන්න ලැබෙයි.. පබ් එකක DJ කෙනෙක් විදියට වැඩ කරන්නේ. අම්ම එක්ක තරහ වෙලා අවුරුදු 15ක් තිස්සේ ගෙදරින් වෙන් වෙලා ඉන්න කෙනෙක්.. අම්ම එක්කනම් පුදුම තරහක් තියෙන්නෙ මෙයාට.ඒ මොකද කියලත් ඔයාලට දැනගන්න ලැබෙයි.

ඉතින් කොහොමහරි මෙයාගේ DJ රසිකාවියක් වුන ගැහැණු ලමයෙක් මෙයාව නිතරම දකින නිසා කතා කරන්න යනවා.මෙයා මුලින් කෙල්ලව ගනන් නොගත්තත් ලස්සන දැකල කොහොමහරි සෙට් කරගන්නවා. කුඩු වලින් ඈත් වෙලා හිටියත් ඔට්ටු දාලම සතේට හිදිලා ඉන්න ජීවිතේම නාස්තිකාර විදියට ගෙවන කෙනෙක් නිසා නොහිතපු දේවල් තමා වෙන්නේ..

ඉතින් ඒ හැමදේම දැනගන්න පුරා පැය දෙකහමාරක් මේ ආදරශවත් අපූරු තෙලිඟු සලරුව ඔයාට නරඹන්නම වෙනවා. තමන්ගෙ හිතුමතෙට ගෙවන ජීවිත තමන්ට කොච්චරනම් ප්‍රතිවිපාක ගේනවද කියල ඔයාලට මේකෙන් බලාගන්න පුළුවන් වෙයි..

ගිහින් එන්නම් එහෙනම් තවත් අපූරු සලරුවකට උපසිරැසි අරගෙන එන බලාපොරොත්තුවෙන්..

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

4 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
    මචං,
    * Vagabond
    * The Heaven Sword and Dragon Saber
    * Hostel Daze
    * V Wars
    මේවගෙ ඉතුරු කොටස්වලට සබ් දෙන එකක් නැද්ද 😊😊😊

  2. සුපිරි මචෝ ❤️❤️👍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login