The title of the page

Tuck Jagadish (2021) Sinhala Subtitles | පවුල වෙනුවෙන් නැගී සිටින ජගදීශ් නායිඩු | සිංහල උපසිරැසි සමඟ

(Tuck Jagadish (2021) Sinhala Subtitles)

ආයුබෝවන් යාලුවො හැමෝටම !

ඔන්න ගොඩ දෙනෙක් ආසාවෙන්ම බලා ඉදපු අලුත් තෙලිඟු චිත්‍රපටයක උපසිරැසි අරගෙන තමයි මම වෙබ් අඩවියට ගොඩ වුනේ.එහෙනම් අපි යමු චිත්‍රපටිය ගැන කතා කරන්න.

ෆිල්ම් එක තමයි Tuck Jagadish.ඉතින් කොවිඩ් වසංගතය නිසා කල් ගිය මේ ෆිල්ම් එක තිරගත වෙන්න තිබ්බෙ 2020 වසරේ.කොහොමෙන්හරි සිනමාශාල නැවත විවෘත කිරීමත් 2021 අප්‍රේල් තිරගත කරන්න කටයුතු යොදල තිබ්බත් නැවත කොවිඩ් දෙවන රැල්ල ඉන්දියාවෙ පැතිරුනු නිසා මේක ආයිම කල් ගියා.කොහොමෙන්හරි ආයෙම සිනමාශාලා විවෘත වුනත් පවතින අයහපත් තත්වය සැලකිල්ලට අරගෙන Amazon Prime Video හරහා ඩිජිටල් රිලීස් එකක් කරන්න නිෂ්පාදකයන් තීරණය කලා.

ෆිල්ම් එකේ ප්‍රධාන නලුවා වෙන්නෙ තෙලිඟු සිනමාවේ ” Natural Star “ නමින් ජනප්‍රිය වෙලා ඉන්න වගේම මගෙත් ආසම නලුව Nani තමයි.ඉතින් මේ OTT හරහා පිට පිටම දෙන එයාගේ දෙවනි ෆිල්ම් එක.ගිය අවුරුද්දේ මතක ඇතිනේ V ෆිල්ම් එක. ප්‍රධාන නිලිය වෙන්නේ හැඩකාර Ritu Varma.ඉතින් Nani සහ Ritu දෙන්න දෙවනි පාරට තමයි මේ චිත්‍රපටියකින් මුනගැහෙන්නෙ.මුලින්ම දෙන්න එකට රගපෑවේ Yevade Subramanyam 2015 ෆිල්ම් එකේ.ඒවගේම Keshava 2017 ෆිල්ම් එකට පස්සෙ රිතූගෙ කම්බෑක් එක තමයි මේ Tuck Jagadish.ඊට අමතරව Aishwarya Rajesh , Jagapathi Babu ඇතුළු ජනප්‍රිය නලු නිලියො රැසක් මෙහි රංගනයෙන් එක් වෙනවා.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නෙ Ninnu Kori (2017),Majili (2019) වගේ අපූරු ආදර කතා රසිකයන්ට සමීප කල Shiva Nirvana විසින්.එතකොට ඉතින් එයත් Nani එක්ක වැඩ කරන දෙවනිවතාව තමා මේ.එතකොට මෙතුමාගෙ මීලඟ ෆිල්ම් එකේ වැඩත් මේ අවුරුද්දෙම නැගීඑන තෙලිඟු නලු Vijay Dewarakonda එක්ක තමයි කරන්න ඉන්නේ.මේ ෆිල්ම් එකට සංගීතය සපයන්නෙ S.Thaman සහ Gopi Sundar විසින්.

හරි එහෙනම් අපි පොඩ්ඩක් ෆිල්ම් එකේ යටගියාව ගැන කතාවක් දාමු..

2019 වසරෙ අගභාගයේ තමයි මුල් වරට අපිට මේ ෆිල්ම් එක ගැන ආරංචි එන්න ගන්නෙ.ඉතින් කොහොමෙන්හරි 2019 දෙසැම්බර් 03 Tuck Jagadish  නමින්  Title Poster එකකුත් නිකුත් කරලා මේ ෆිල්ම් එක නිල වශයෙන් ප්‍රකාශයට පත් වෙන්නේ මා ඇතුළු Nani රසිකයන් උන්මාදයට පත් කරමින්.

.[Tuck Jagadish Title Poster]

[Pooja Ceremony & Trailer Launch Event]

2020 වසරේ ජනවාරි 30 පූජා උත්සවය තබා රූගත කිරීම් ආරම්භ කරලා Pollachi , Rajahmundry , Hiydrabad ඇතුළු ප්‍රදේශ වල රූගත කිරීම් කෙරීගෙන ගියත් දිගින් දිගටම රූගත කිරීම ඇණහිටියේ කොවිඩ් වසංගත නිසා ඉන්දියාව ලොක්ඩව්න් කල නිසා.ඉතින් කොහොමෙන්හරි අන්තිමේ 2020 දෙසැම්බර් මාසය වෙනකොට සියලුම රූගත කිරීම් අවසන් කරන්න කන්ඩායමට හැකි වෙනවා.පසුව 2020 දෙසැම්බර් 25 ෆිල්ම් එකේ පලමු පෝස්ටර් එක අන්තර්ජාලයට නිකුත් කලා.ඒ 2021 අප්‍රේල් මාසයේදී තිරගත කර බවටද දැනුම් දෙමින්.

[Tuck Jagadish First Look Poster]

ඊට පස්සෙ Shreya Goshal ගේ මධුර හඬින් ගැයෙන ” Inkoosaari “ ගීතය, ටීසර් වීඩියෝව, තවත් පෝස්ටර් නිකුත් වෙමින් පැමිනි Tuck Jagadish ෆිල්ම් එකට ආයෙම කනකොකා හඬලන්නෙ කොවිඩ් දෙවන රැල්ල හිස එසවීමත් එක්ක.ඉතින් අප්‍රේල් මාසයේ තිරගත නොකර දින නියමයක් නැතුවම ආයි ෆිල්ම් එක කල් ගියා.ආයෙම ජූලි මාසයේ සිනමාශාල විවෘත වුනත් වසරකට අධික කාලයක් ෆිල්ම් එක හිරකරගෙන ඉන්න නිෂ්පාදන කන්ඩායමටත් සාධාරණයක් වෙන්න ෆිල්ම් එක ඩිජිටල් රිලීස් කරනවද ? සිනමාශාල වලට දෙනවද ? කියන තීරණය ගන්න Nani නිෂ්පාදන කන්ඩායමටම ඉඩ ලබා දුන්නා .එසැණින් ඉදිරිපත් වුනු Amazon Prime Video අන්තිමේ ෆිල්ම් එක තමන් නතු කරගත්තා.
ඉතින් ඔන්න ඔහොම තමයි මේ Tuck Jagadish ෆිල්ම් එක අද අපි අතට පත් වුනේ.

[Tuck Jagadish ශූටින් අතරතුර]

කතාව ගැන කියනවනම් මේක Drama | Action කාණ්ඩයේ Family Entertainment ෆිල්ම් එකක්.භූදේවිපුරම් කියන ගමක සිද්ද වෙන කතාවක් තමයි යන්නෙ.අපේ කතා නායක Nani ගෙ නම තමයි Jagadish Naidu.එතකොට Ritu ඒ ගමේ VRO විදියට ඉන්න Gummadi Varalakshmi.ඉතින් මේ දෙන්නගෙ ආදර කතාවක් අපූරුවට ෆිල්ම් එකේ ගලාගෙන යනවා.වැඩි විස්තර ෆිල්ම් එකෙන්ම බලාගන්න.එතකොට ඇයි මේ නානිගේ නමේ ” Tuck “ කියල කෑල්ලක් තියෙන්නෙ.ඔයාල දකින්න ඇති ෆිල්ම් එකේ නිකුත් වුනු පෝස්ටර් , ට්‍රෙයිලර් , ප්‍රොමෝ හැම එකකම නානි හිටියෙ කමිසෙ යට කරගෙන.ඉතින් ඔය නිසා තමයි ඒ කෑල්ල නමට එකතු වෙලා තියෙන්නෙ.ඉතින් හොඳම වැඩේ කියන්නෙ ගියපාර V ෆිල්ම් එකේ වගේම මේකටත් Twitter එකේ ට්‍රෙන්ඩ් එකක් හැදුව.ඒ කට්‍ටියගෙ නම් ඉස්සරහට මේ Tuck කියන කෑල්ල දාන එක.මාත් ඉතින් එහෙම නානිගෙ රසිකයෙක් විදියට ඒක දැම්මා.

[Twitter ට්‍රෙන්ඩින් වුන “Tuck”]

හරි එහෙනම් ෆිල්ම් එක ගැන කියන්න තිබ්බ ඔක්කොම කිව්ව කියල හිතනවා.ලිපියත් කියවල ඊට අමතරවත් ඕනනම් මම පහලින් උපසිරැසි ගන්වපු Official Trailer එක දාන්නම්.ඒකත් බලලම ඉන්න.හැමෝම පරිස්සමෙන් ඉන්න එහෙනම් මම ගිහින් එන්නම් ආයෙම උපසිරැසියකින් ඔයාලව හම්බවෙන බලාපොරොත්තුවෙන්.

ඔබට ජය !

Tuck Jagadish (2021) | Official Trailer | සිංහල උපසිරැසි සමඟ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

24 comments

  1. thank මදුශාන් ප්‍රියන්කර sinhala sube ekata jayawewa nerppa 2021 film ekatath sinhala sube danna

  2. ela thank sube ekata digatama vade karamu.

  3. Shehan Sachintha
    Cineru Family Member

    එළ තෑන්ක්ස් මදුවෝ සබට❤️💜️ 💚

  4. ස්තූතියි සහෝදරයා සබ් එකට.. 🔥❤️😊

  5. Anjula Umesh
    Cineru Family Member

    තෑන්ක්ස් මදුවා..❤

  6. නියම ෆිල්ම් එක

  7. amila
    Cineru Family Member

    maru. patta 😍

  8. Thankyou මදුවා..😉❤️

  9. Pattaaaaaaaaaaa

  10. තැන්ක්ස් මචො සබ් එකට

  11. මරු අයියේ tnxx

  12. thank good job

  13. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  14. Malignant (2021), kate (2021) harii dennko bro plz

  15. රැග්නා - සිනමා ලෝකය

    Thanks මදුවෝ
    තෙලිගු කිං 🤴🤴🤴

  16. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    අඩෝ මධුවා, නානි ගේ නම් ඉතින් නොබලා ඉන්නවද බං? නානිගේ ෆිලුමක් උඹේ සබක් එක්ක බලද්දී තමයි රස. තැන්න්ක්ස් බං. පට්ට, පට්ට, පට්ට. උඹ තමා හොඳටම කරේ ආ

  17. Madushan Priyankara
    Cineru Family Member

    කමෙන්ට් කරපු හැමෝටම බොහොම ස්තූතිය !

  18. The Baker and The Beauty 2021 telugu tv series eke sub dennako

  19. Thank You ❤

  20. Udaya saman
    Cineru Family Member

    නියමයි මදුවා.පරක්කු වුනා කමෙන්ට් කරන්න

  21. Shan Shenow
    Cineru Family Member

    සබට තෑන්ක්ස්!!
    තෙළිඟු නම් මදුවා තමයි ❤

  22. Thank you

  23. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  24. තෑන්ක්ස් සබට.🔥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login