The title of the page
Air Doll (2009) Sinhala Subtitles
Air Doll (2009) Sinhala Subtitles
6.8
50
77

Air Doll (2009) Sinhala Subtitles | “ජීවිතය පිළිබද ගැටළුව” | සිංහල උපසිරැසි සමඟ (18+)

(Air Doll (2009) Sinhala Subtitles)

ජපානය කියන්නේ යතා අයුරින්ම සිනමාරූපීව ඉදිරිපත් කල විශිෂ්ට නිර්මාණකරුවා හිරොකසු කොරේඩා ගේ සුවිශේෂී චිත්‍රපටයක් විදිහට මෙම චිත්‍රපටය හදුන්වන්න පුළුවන්.පවුල කියන සාදකය කොරේඩාගේ චිත්‍රපට වල වැඩිපුරම ඉස්මතු කර පෙන්වන අතර, ඒක රාමුවක් විදිහට සැලකුවහොත්, රාමුවෙන් පිට පැනපු අවස්ථාවන්ද හමුවෙනවා. ජපානයේ සමාජ පද්ධතිය සම්බන්ධයෙන් ඔහුගේ කියැවීම සෘජුයි, අමුයි, යාථාර්ථවාදියි, ජපානය මෙහෙමයි , ජපන්නු මෙහෙමයි කියලා වංශය කබල් ගෑමක් නැතුවම ඔහුගේ නිර්මාණ වල අඩංගු වෙන්නේ නෑ.ඒ නිසා ඔහුගේ නිර්මාණ වලින් අපි දකින ජපානය වෙනස් එකක් වෙනවා.මේකත් එහෙම වෙනස් වුන එකක්.

අපිට මෙහෙදී හම්බවෙන්නේ සෙක්ස් බෝනික්කෙක් එක්ක හැබෑවටම පවුල් කන මනුස්සයෙක්ව.මේ වගේ බෝනික්කෙක් පාවිච්චියට ගන්නේ මොකටද කියලා දන්නවනේ, ඒ අදාල වැඩේ කරගන්න විතරනේ. ඉතින් එහෙම එකක් එක්ක කොහොමද පවුල් කරන්නේ…? අමුතු විදිහේ අස්වාභාවික මානසික තත්වයක් කියලා කියන්නත් පුළුවන්.
නොසොමි කියලා නම් තබපු මේ බෝනික්කා එක්ක කතා බහ කරන එක, නාවන එක, ඇවිදින්න යන එක, එකට කෑම මේසේ වාඩි වෙලා කෑම කන එක වගේම ලිංගික කාර්යේ යෙදීම යන සියල්ලම සිද්ද වෙන්නේ හැබෑම මනුස්ස ප්‍රානියෙක් ගානට සලකාගෙනයි. ඉතින් මේ අමුතු හැසිරීමත් එක්ක තරමක් වික්ෂිප්ත වෙන ප්‍රේක්ෂකයාට ඊලග කොටසේදි තව තවත් පුදුමයට පත්වෙන්න වෙනවා. අවසාන භාගයට එනකොට මේ කතාවත් එක්ක ඔළුව විකාර වෙලා යනවා.

සිදුවීම් සියල්ලම තුල ඇත්තටම තියෙන්නේ විස්මයක් ජනිත කරවන්නා වු අද්භූත ක්‍රියාවලියක් නෙමෙයි. සාමාන්‍ය සමාජ පද්ධතියක කොටස් කරුවෙක් වෙන ඕනිම ගැහැණියෙක්ට, පිරිමියෙක්ට අදාල වන්නාවු මානුෂීය හැගීම් ගැනයි මේ කියන්නේ.ආදරේ කරන්න, ආදරේ ලබන්න, තනිකම මකාගන්න, අතාරින්න, හිමිකරගන්න, ස්වාධීන වෙන්න, කෙනෙක් මත්තේ යැපෙන්න ආදි වශයෙන් දහසකුත් එකක් හැගීම් ගැනයි මේ කියන්නේ. ඒ ඔස්සේ මිනිසුන්ට නිරත වෙන්නසිද්ද වෙන අරගල ගැනයි මේ කියන්නේ.ඒ ඔස්සේ මෙතනදී ගැබුරෙන් කතා කරනවා.,.ආදේශකයක් වීම.. කියන කාරණේ ගැනත්. යම්කිසි දෙයක් හෝ කෙනෙක් , තවත් කෙනෙකුගේ හෝ දෙයක ආදේශකයක් බවට පත්වීමෙන්ම ගොඩනැගෙන සම්බන්ධතාවන්හි අමුතුම පැතිකඩක් මේ ඔස්සේ නිරාවරණය කෙරෙනවා.

සෙක්ස් ඩෝල් ලෙස සැබෑ ලෙසම නිරූපනය කරන රංගන ශිල්පිනි Bae Doona ගේ දායකත්වය මෙහෙිදී වැඩි වශයෙන් කැපී පෙනෙනවා. චිත්‍රපටයකින් හමුවෙන විශිෂ්ඨතම චරිත නිරූපණයක් විදිහට මතකයේ රැදෙන්නට හේතුවක් වන තරමේ ශක්තිමත් රංගනයක් කැතිය හැකියි. චිත්‍රපටය ජපන් වුවත් ඇය කොරියන් ශිල්පිනියක්. කොරේඩා ගේ චිත්‍රපට ප්‍රිය කරන අය වෙනුවෙන් මේකනම් වෙනස්ම අත් දැකීමක් වනවා සැකයක් නෑ. මිනිස් පහැගීම් කියන දේවල් මේයාකාරයෙන් ගවේෂණාත්මකව ඉදිරිපත් කරන්නට හැකි සිනමාකරුවෙක් තවත් නෑ කියලත් හිතෙයි.

ලිපි අයිතිය–(උපුටා ගැනීමකි) — ලක්ෂ්මන් අරන්වල

2009 සැප්තැම්බර් මස 26 වන දින ප්‍රදර්ශණය ආරම්භ කරන ලද මෙම ජපන් සිනමාපටය Hirokazzu Koreeda ගේ අධ්‍යක්ෂණයක්.යම් යම් සුූළු සිද්දින් කිිහිපයක් නිසා මෙය 18 + ඝනයට නම් කර ඇති අතර ,.Drama,,Fantasy,Romance යන කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇත. එහෙනම් මේකට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන්න සිනෙරු ඇඩ්මින් මණ්ඩලයට මාගේ ස්තූතිය පුද කරනවා.

පුද්ගලයෙකු තම බිරිදගේ අභාවයෙන් පසු තනිම, කාන්සිය මකා ගැනීම සදහා තම ආශාවන් ඉටු කරවා ගැනීම සදහා මේ වායු බෝනික්කෙක් අරගෙන එයි. එයින් ඔහුට අවශ්‍ය කාරණය වන්නේ මේ බෝනික්කා සමග තමාගේ කාර්යන් කර ගැනීමයි. නමුත් ඔහු තම මිය ගිය බිරිදට වගේම මේ බෝනික්කාට හැම අතින්ම සලකයි.

දිනක් මේ බෝනික්කා සැබෑ ජීවිතයට පැමිණේ. ඇය තම නිවසින් බැහැරව ගොස් ජිවිතය ගැන අත්විදින්නට පටන් ගනී. එහිදි ඇය සිනමා පට විකුණන සාප්පුවකට ගොස් එහි තාවකාලික වැඩ කිරීමට බැදෙයි. මෙහිදී අයට ඇති වන ජීවිතය පිළිබද ප්‍රශ්ණ වන ඉපදීම, ජීවිතය, මරණය මේ වගේ ්හැම ප්‍රශ්ණයක් ගැනම යම් ප්‍රශ්ණයක් මතුවේ. මෙයා මේ ප්‍රශ්ණ විසදන්ගේ කොහොමද කියලා බලන්නනම් මේක බලන්නම වෙනවා.එහෙනම් ආයත් උපසිරසියකින් ඉක්මනින් හමුවෙනකම් සියළු දෙනාට තෙරුවන් සරණයි.

-චිත්‍රපටය පිළිබද විස්තර බිදක්-

කාණ්ඩය : Drama,,Fantasy,Romance
අධ්‍යක්ෂණය : Hirokazzu Koreeda
රංගන ශිල්පීන් : Bae Doona, Arata Iuru,
ධාවන කාලය : 2h 14 min
තිරගත කල දිනය : 26 September 2009
IMDB අගය : 6.8/10

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray /BRRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  3. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

  4. …බොහෝම ස්තූතියි උපසිරැසියට… ජයවේවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login