The title of the page
5.2
68

S.O.Z. Soldiers or Zombies (2021) S01E07 Sinhala Subtitles | “බය වූ මැරොකීන්” | සිංහල උපසිරැසි සමඟ

(S.O.Z. Soldiers or Zombies (2021) S01E07 Sinhala Sub)

ඔන්න ඉතින් වෙනදා වගේම S.O.Z කතා මාලාවේ හත් වෙනි එපියට උපසිරැසි අරන් මම ආ⁣වා. මමයි සංදීප මල්ශාන් ⁣සහෝදරයයි තමා මේ කතා මාලාවට උපසිරැසි කරන්නේ, ඉතින් මේක මෙක්සිකෝවේත් ඇමසෝන් ප්‍රයිම් එකෙත් පළවෙනි සොම්බි කතාමාලව කියලා ඔයාලා දන්නවානේ, කුතුහලය පිරිනු කතා මාලාවක් තමයි මේක, තව දෙයක් කියන්න ඕනා මේ කතා මාලාවේ ඉංග්‍රීසි උපසිරැසි තියෙන්නේ ස්පැනිශ් භාශාවෙන් කතා කරන ටිකට විතරයි ඒත් අපි කොහොම හරි ඉංග්‍රීසි භාශාවෙන් කතා කරන ටිකටත් සබ් හදලා තියෙන්නේ එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.

කලින් කථාංග වල වෙච්ච දේවල් මතකයිනේ, මං පොඩ්ඩක් ඒ ටික ගැන කියන්නම්කෝ, මැරොකීන් හිරෙන් පැනගත්තානේ. මැරොකීන්ගේ පුතා හම්බවුණානේ. ඉතින් මේ මැරොකීන් අල්ලන්න යනවා සොල්දාදුවෝ ටිකක්, විද්‍යාගාරයක පරීක්ෂණයකුත් කරනවා සොම්බි ගැන, මතකයිනේ ඒ විස්තර,
මැරොකීන් පුතාවත් අරන් ඥාති සහෝදරයා ඉන්න ගෙදෙරට යනවා කොල්ලා හැබැයි එහෙ ඉන්න කැමති නෑ, අර සොම්බි සොල්දාදුවෝ ටිකත් පස්සෙන් එනවා, අර විද්‍යාගාරේ පරීක්ෂණය කරන අසාර්ථක වෙන ඌරු පැටව්න් ගෙනත් දාන අමුතු තැනක් තියෙනවානේ,
අන්න එතෙන්ට විද්‍යාගාරෙ ඉන්න වෛද්‍ය වරයා එනවා ආපුවහම වෙන්නේ හිතා ගන්නවත් බැරි සීන් එකක්, අර මාධ්‍යවේදනියටත් අදහා ගන්නවත් බැරි අවස්ථාවක් හම්බ උනානේ,
අර විද්‍යාගාරෙට අරන් ආපු ඌරු පැටියා හමුදා සෙ⁣බලෙක්ගේ ඇඟිල්ල හපනවා, ටික වෙලාවකට පස්සේ ඒ සොල්දාදුවාත් සොම්බියෙක් ව⁣ගේ වෙන්න පටන් ගත්තා, අර දොස්තරටනම් හෙන සතුටුයි මොකද මනුස්සයා කර කර හිටපු පරීක්ෂණයක් සාර්ථක උනානේ..
මැරොකීනුයි ගෝලයෝ ටිකයි අර බංගලාවට එහායින් තියෙන කැලේ සොම්බි හමුදාව හොයාගෙන යනවා, හැබැයි මැරොකීන් දන්නෙ නෑ ඇත්තටම වෙන්නේ මොකක්ද කියලත්, ඒ වගේම අර මාධ්‍යවේදනිය “ලිලියා” එක්කන් එන්න යන මැරොකීන්ගේ සහෝදරයාට එයාව හම්බවෙනවා ලිලියාව එක්කන් එද්දි අර ලිලියාගේ පස්සෙන් ආපු මැරයා එනවා දැක්කට පස්සේ ඌව අල්ල ගන්න උපක්‍රමයක් දානවා, ඌව අල්ලලා උට වෙඩි තියනවා දැන් අර සොල්දාදුවෝන්ට හම්බවෙන හම්බවෙන කෙනාව හපපුවහම සොම්බි වෙනවා කියලා දන්නවානේ දැන් සොම්බි හමුදාවේ ඉන්නවා විස්සක් තිහක් විතර, තව දෙයක් අපේ පුංචි කොල්ලාගේ යාළුවාට හිටපු පෙරෝ මතකනේ මනුස්සයවත් සොම්බි ප්‍රහාරයට ලක් වෙනවා, ඉතින් අර චෙන්සෝයි කොට්ටුයි දෙන්නා ජිප් එකෙන් යනවා මේ සොම්බිව හොයාගෙන එහෙම යද්දි මගදි පෙරෝව හම්බවෙනවා පොරෝත් එක්ක සටන් කරද්දි කොට්ටුවත් සොම්බි සපා කෑමකට ලක් වෙනවා ඒත් අවසානෙට චෙන්සෝ පෙරෝව ගැට ගහාලා ජිප් එකේ දාගෙන පැරඩයිස් එකට අරන් එනවා,
එතකොට අපේ මාධ්‍යවේදනියයි ඩෙවිලා දොස්තර මහත්තයයි දෙන්නා අර පියතුමාගේ කා⁣ර් එකේ පැරඩයිස් එක පැත්තට එද්දි එයාලටත් සොම්බි ප්‍රහාරයකට ලක් වෙනවා, එතනින් අර පියතුමාව සොම්බි සපා කනවා,
එතකොට ඇමරිකන් හමුදාවේ අය මොකද කරන්නේ…. මෙතනින් එහාට මම කියන්න යන්නේ නෑ, මෙතන ඉදන් මැරොකීන් මොකක් කරයිද ඒ ටික දැන ගන්නනම් කතාව බලන්නම වෙනවා, එහෙනම් යාළුවනේ මම ගියා..

මම ෂෙහාන් සචින්ත.

බුදු සරණයි!!
පරිස්සමට ඉන්න!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

One comment

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    Thanks saho

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login