The title of the page
4.2
38

Trauma Center (2019) Sinhala Subtitles|මිනී මැරුමේ එකම සාක්ෂිය|සිංහල උපසිරැසි සමග|

තනිවම හා හැම දොරකම පාහෙ අගුළු දැමූ රෝහලේ වාට්ටුවක සිරවී සිටින තුවාල ලැබූ තරුණියක් දරුණු මිනීමැරුමක් කරපු දෙන්නෙකුගෙන් බේරී පලා යා යුතුයි. ඔවුන් දරුණු මිනීමැරුමකට සම්බන්ධ කළ හැකි එකම සාක්ෂිය ඇගේ කකුලේ කැලිබර් හතරක උණ්ඩයක් තියෙනවා. වාසනාවකට මෙන්, ඇයව ආරක්ෂා කරන්න ප්‍රවීණ පොලිස් නිලධාරියෙකු පත් කර ඇති අතර රාත්‍රිය වඩාත් භයානක වන විට ඔහු ඇයගේ ආරක්ෂකයා බවට පත්වෙනවා.

IMDb 5 ක අගයක් ගන්න මේ Trauma Center 2019 කියන චිත්‍රපටිය අයිති වෙන්නෙ Action / Thriller ඝණයට තමයි.රේටින්ස් අඩු උනාට මේක සුපිරිම චිත්‍රපටියක්. පැයයි 1 විනාඩි 27 ක ධාවන කාලයක් ගන්න මේ චිත්‍රපටියෙ මාතෘකාව වෙලා තියෙන්නෙ මම උඩ කිව්වා වගේ පොලිස් නිලධාරියෙකුගෙ මිනී මැරුමකට එකම සාක්ෂිකාරිය වෙන මැඩිසන් කියන තරුණ ගෑණු කෙනා වටේ. විතරක්ම නෙවෙයි මේ චිත්‍රපටියේ මෙයාගෙ සහෝදරියක් ඉන්නවා. එයත් මේ රෝහලේම එක රැයක් ගත කරනවා, අන්න ඒ රෑ තමයි මේ හැම දෙයක්ම වෙන්නෙ.

මේ මිනී මැරුම වෙන්නෙ පොලිස් නිලධාරියෙක්ගෙ, අන්න ඒ නිසා තමයි මේ කේස් එක ගොඩක්ම ලොකුවට යන්නෙ. කොහොම උනත් ඉතින් මැඩිසන්ව ආරක්ෂා කරනවා කියලා පොලිස් නිලධාරියෙක් පොරොන්දු වෙනවා. ඒක හින්දම මැඩිසන්ගෙ ආරක්ෂාවට පොලිසියේ කෙනෙක් තියලා අර පොරොන්දුව වෙච්ච කෙනා මිනී මැරුම වෙන තැනට යනවා.

ඒ අතර හැමෝම නොහිතන දෙයක් තමයි රෝහල ඇතුළෙ වෙන්නෙ. අර මිනී මැරුම කරපු ඩබල එනවා එකම සාක්ෂිය අරන් මැඩිසන් වත් ඉවරයක් කරන්න. එකම සාක්ෂිය කිව්වෙ අර මැඩිසන්ට වැදුණ කැලිබර් හතරක උණ්ඩෙට, මේ උණ්ඩෙක මොනවද තියෙන්නෙ? ඒක කතාව බලනකොට තේරෙයි.

එහෙනම් ඉතින් මම නවතිනවා.තවත්
උපසිරසියකින් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

6 comments

  1. Thanks bro

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍

  4. tank you sho sub akata jayawawa

  5. ෆිලුම බැලුව.සබ් එකනම් සුපිරියටම කරල තිබුණ.ෆිලුමත් පට්ට..බොහොම ස්තුතියි සහෝ..ජය වේවා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login