The title of the page
Trance 2020 Sinhala Sub
Trance 2020 Sinhala Sub
7.3
83

Trance (2020) Sinhala Subtitles | ආවේශය | සිංහල උපසිරැසි සමග |

Trance 2020 Sinhala Sub

Trance කියන්නේ මලයාලම් සිනමාව ගැන තිබුනු සමහර මතිමතාන්තර බිමට සමතලා කරපු ෆිල්ම් එකක්. සාමාන්‍යයෙන් මලයාලම් ෆිල්ම් එකකින් ලංකාවේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ගස්වැල්, මීදුමින් වැහුන කඳු, ළිං පොකුණු, ගංගා ඇල දොල, රා කඩ, මඤ්ඤොක්කා, ඌරු මස්, කෑම වට්ටෝරු වගේ දේවල්නේ(හරියට නිකං ලංකාවේ ඕවා නෑ වගේ😉😉). ඊට අමතරව තමන් කැමති නළු නිළියෝ ඉන්න, ඔය පරිසර වර්ණනා අස්සේන් යන ප්‍රේම කතාවකුත් බලාපොරොත්තු වෙනවා. හැබැයි ට්‍රාන්ස් ෆිල්ම් එකේ ඕවා මොනවත් නෑ.

ට්‍රාන්ස් ෆිල්ම් එකේ වටපිටාව ගැන මගේ හිතාදර මිත්‍රයා මධුශංඛ ලියනගේ මෙහෙම කියනවා.” TRANCE 2020 මලයාලම් PSYCHOLOGICAL DRAMA THRILLER ඝනයට අයත් චිත්‍රපටයක්. අන්වර් රෂීඩ් විසින් අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කල අතර එය රචනා කරන ලද්දේ වින්සන්ට් වඩක්කන් විසිනි. වර්තමාන මලයාලම් සිනමාවේ ප්‍රබල බලකනුවක් වන විශිෂ්ඨ රංගන ප්‍රතිභාවයකින් හෙබි ෆහද් ෆාසිල් විසින් මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනවා ඔහුගේම ආදරණිය බිරිඳ වන මලයාලම් සිනමාවේ හුරුබුහුටි අහිංසකාවිය ලෙස ප්‍රකට නස්රියා නසීම් මෙහි ප්‍රධාන නිළිය ලෙස රංගන දායකත්වට ලබාදෙනවා. , මලයාලම් සිනමාවේ තවත් ප්‍රබල චරිතයක් වන සුබින් ෂහීර් , විනයාකන් , චෙම්බන් විනෝද් ජෝස් , දිලීෂ් පොතන් මෙන්ම ප්‍රවීන සිනමා අධ්‍යක්ෂක ගෞතම් මෙනන් සෙසු චරිත වලින් දායකත්වය ලබා දී තිබෙනවා.

Trance 2020 Sinhala Sub

IMDB දර්ශකය 7.3 ක ඉහල අගයක් මෙන්ම ගූගල් පරිශීලකයින් 89%කගෙ ඉහල කැමැත්තක්ද ලබාගෙන තිබෙනවා.”ආගම කියන්නේ දෙපැත්ත කැපෙන ආයුදයක් වගේ. හොඳටත් නරකටත් භාවිතා කරන්න පුලුවන්. ආගමේ නාමයෙන් ඇතිවුනු යුද්ධ අපේ ලෝක ඉතිහාසයට ආගන්තුක දේවල් නෙවෙයි.ඒ වගේම ආගම කියන්නේ හොඳ ජාවාරමක් වෙලා තියනවා අද වෙද්දි. මේ චිත්‍රපටියට පදනම් වෙන්නේත් ඒ වගේ ආගමේ නාමයෙන් සිදුවන ලෙඩ සුව කිරීමේ මාෆියාවක්. අපේ රටේත් පහුගිය කාලයේ එහෙම සිද්ධි ගැන අහන්න ලැබුනා.

ආගමකට මිනිස්සුන්ගේ භෞතික ශරීරය සුවපත් කරන්න බැහැ කියලා මේ චිත්‍රපටියෙන් කියවෙනවා. නමුත් ආධ්‍යාත්මය සුවපත් කරන්න පුලුවන් බව අපි දන්නවා. මට අනිත් ආගම් වලින් උදාහරණ ගන්න සදාචාරමය අයිතියක් නැති නිසා බුද්ධාගම ගැන කියන්නම්. අපි කවුරුත් අහලා තියනවා බුදුන් වහන්සේගේ තමන්ගේ ශරීරයට ඇතිවුනු රෝගාබාධ සඳහා ජීවක වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගත්තු බව. එක් වතාවකදි ජීවක වෛද්‍යවරයා ඖෂධ ගැල්වූ නිල්මහනෙල් මල් මිටියක් බුදුන් වහන්සේට ආශ්වාස කරන්න දීලා උන්වහන්සේට තිබුනු රෝගයකට ප්‍රතිකාර කලා කියලා කියනවා. ඒ වගේම දේවදත්ත ස්ථවිර විසින් ගල් පෙරලීම නිසා බුදුන් වහන්සේගේ ශ්‍රී පතුල තුවාල වුනු අවස්ථාවෙදිත් ජීවක වෛද්‍යවරයා විසින් ප්‍රතිකාර කරලා තියනවා. බුදුන් වහන්සේ පැහැදිලිවම තම ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියනවා භෞතික ශරීරයේ රෝගාබාධ සඳහා භෞතිකව ප්‍රතිකාර කර සුවපත් විය යුතු බව. නමුත් අවාසනාවකට උන්වහන්සේගේ අනුගාමිකයන්ට ඒ සත්‍යය තාමත් වැටහෙන්නෑ.

Trance 2020 Sinhala Sub

ආගම ආගම ලෙසත් භෞතික දේවල් භෞතික ලෙසත් නොගන්නාතාක් මිනිසාට රැවටිලිකාරයින්ට අහුවෙන්නට සිද්ද වෙන බව මේ චිත්‍රපටියෙන් පැහැදිලිවම කියනවා. ෆහාඩ් එක තැනකදී මෙහෙම කියනවා;”ආගමෙ නාමයෙන් ඉන්න වංචාකාරයින්ට අහු වෙන්න එපා. උන් ඔබට ඔබේ ඇඳිවතත් අහිමි කරනවා”

Trance චිත්‍රපටියේ අඩුපාඩු තිබෙනවා. නමුත් මෙහි කතා තේමාවේ ඇති ප්‍රබලත්වය නිසා එම අඩුපාඩු යට යනවා. බොහෝ චිත්‍රපටි විචාරකයින් මේ චිත්‍රපටි ඉතා ඉහළින් අගය කර තිබෙනවා. චිත්‍රපටිය නිකුත්වී පැය 48 ඇතුළත උපසිරැසි ලබාදීමට අපිට හැකි වුනේත් ඔබ මේ පිළිබඳව දැක්වූ උනන්දුව නිසාමයි.අපි ඔබට සිංහල උපසිරැසි දෙන්නම්. ඔබ මතක ඇතුව ගෙදර ඉන්න

Trance (2020) Sinhala SubtitlesTrance (2020) Sinhala Subtitlesඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්  පසිඳු ජයශන් සොහොයුරාට සහ ඉන්දීවරී හේරත් සොහොයු‍රියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

15 comments

  1. Sthuthi sahooo

  2. සුපිරි

  3. Thanks mekata sub dunnata

  4. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි

  5. උපසිරැසට ස්තූතියි දෙන්නටම..😍😍

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  7. Pradeep Disanayaka

    මග බලන් හිටපු එකක් 🔥
    බොහොම ස්තූති දෙන්නටම ❤️

  8. Lalani Maduwanthi

    Thank you,,,,godaak lassanay film eka

  9. Peter Barthelot
    Cineru Family Member

    පසිදු , ඉන්දීවරි ……
    තෑන්ක්ස් දෙන්නටම. සබ් එකනම් දීල තියෙනවා සුපිරියටම් .

  10. Achi
    Top Fan ⭐⭐⭐

    Thank broo sub

  11. Thankz for the sub

  12. හිරාන් ශාරංග

    උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි..

  13. Thanks For Subtitles……..Good Luck 👍👍

  14. Akalanka Siriwardhana

    Supiri bokka niyamai. Gammak adarei

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login