The title of the page
hit 2020 sinhala sub

Hit (2020) Sinhala Subtitles | රුදුරු පලිගැනීම | සිංහල උපසිරැසි සමග |

Hit 2020 Sinhala Sub

  සුභ දවසක් වේව සියලු දෙනාටම. ඔන්න අද ඩිජිටල් පිටපත් රිලීස් උන තෙලිඟු සලරුවක් තමා අරගෙන ආවෙ. ඉතින් මේක මේ අවුරුද්දෙ දැනට ආපු හොඳම තෙලිඟු ත්‍රිලර් චිත්‍රපටය කියල කියන්න පුලුවන්. මේක කරමු කියල මා එක්ක එකතු උනේ අපේ අංජුල උමේෂ් අයියන්ඩි තමා. මීට කලින් දෙන්න තිබුණ ඒත් වැඩ රාජකාරි නිසා පොඩ්ඩක් පරක්කු උනා. මේක Mystery/Thriller කියන ශානරයට අයත් වෙන චිත්‍රපටයක්. මේකෙ ප්‍රධාන චරිතයෙන් එකතු වෙන්නෙ අපිට අලුත් මූණක් ඒ තමයි Vishwak Sen (වික්‍රම්) අලුත් කෙනෙක් නමුත් රංගනය නම් ඉතා හොඳ මට්ටමක තිබුණ කියල කියන්න පුලුවන්. ප්‍රධාන නිලි චරිතයෙන් එකතුවෙන කෙනා නම් සමහරවිට ඔයාල දන්නව ඇති ඒ තමයි Ruhani Sharma (නේහා).  මේ කතාවෙ අධ්‍යක්ෂණය Sailesh Kolanu කියන අධ්‍යක්ෂකවරයාගෙ. මේක එතුමාගෙ පලමු සිනමා සිත්තම ඒ වගේම ඉතා ඉහල මට්ටමකින් පලමු එකම කරල තිබුන. මේ හැමදේකටම ලොකු හේතුවක් වෙන්න ඇති Nani මොකද එයා තමා මේකෙ නිෂ්පාදක. මේ නානි නිෂ්පාදනය කරපු දෙවන චිත්‍රපටය. නානි අතගහපු වැඩක් නම් ඉතින් තව මොනවද.. චිත්‍රප්ටියට සරිලන අන්දමට IMDB අගයත් මේ චිත්‍රපටයට ලැබිල තියෙනව 8.3/10 ක අගයක්. තවත් විවිධ මාධ්‍යන්ගෙන් මේකට ඉහල අගයන් ලැබිල තියෙනව.(Hit 2020 Sinhala Sub)

Hit 2020 Sinhala Sub

මේ කතාව ගැන කියනවනම් මෙහෙමයි. ස්පොයිල් ගැන ලොකුවට හිතන කෙනෙක් නම් කියවන්නෙ නැතුව බලන්න ත්‍රිල් එක වැඩි වෙන්නෙ එතකොට. අනිත් අය සඳහා මේ කියන්නෙ. වික්‍රම් කියන්නෙ මිනි මැරුම් සම්බන්ධ විමර්ශන සිදු කරන දක්ෂ පොලිස් නිලධාරියෙක්. මෙයාගෙ පෙම්වතිය තමයි නෙහා.ඉතින් ප්‍රීති කියල අවුරුදු 18ක ගැහැණු ලමයෙක් අධිවේගී මාර්ගයෙදි අතුරුදන් වීමකට ලක්වෙනවා.කිසිම හෝඩුවාවක් නැහැ.කාර් එක ඇතුලෙ තිබ්බ පුලුන් කෑල්ලක් ඇරෙන්න. ඔහොම යද්දි හදිසියේම නේහත් අතුරුදන් වෙනවා.ඒ සමගම වික්‍රම් මේ කේස් එකට ඇතුලු වෙනවා.නමුත් එයාගෙ පෙම්වතිය නිසා එයාට නේහගෙ කේස් එක ලැබෙන්නෑ.නමුත් මෙයා වැඩේ ලේසියෙන් අතාරින්නෑ.තව දෙයක් වික්‍රම්ගේ අතීතයේ සිද්ද වුනු යම් සිදුවීම් මාලාවක් නිතර එයාට මතයකට නැගෙනවා.ඒ හැමවෙලේම එයාට මානසික කම්පනයක් ඇති වෙනවා. මේ හේතුව නිසා මෙයා නිවාඩු ගන්න ඕන කියලත් වෛද්‍යවරු උපදෙස් දෙනව.

Hit 2020 Sinhala Sub

ඉතින් ඔහොමයි කතාව වෙන්නෙ. මේක තෙලිඟු වලින් ආපු හොඳම ත්‍රිලර් චිත්‍රාටයක් කියල කියන්න පුලුවන් ත්‍රිලර් ශානරයට කැමති හැමෝම අනිවාරෙන්ම බලන්න කියන ඉල්ලිමත් කරමින් අපි සමුගන්නම්. ආරක්ෂිතව නිවෙස් වලට වී චිත්‍රපටි සහ කතා මාල නරඹන්න කියන ඉල්ලීමත් කරමින්

ඔබට ජය !

Stay Home,Stay Safe, Watch Tv Series & Movies

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්  අංජුල උමේෂ් සොහොයුරාට සහ අසංක වීරසිංහ සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

8 comments

  1. Elam Brothers..😘😘😘😘

  2. Thanks broo mekata sub dunnata

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ

  4. Thanx mllila dennanata ,
    Jaya wewa ❤️❤️❤️❤️

  5. සබ් එකට බොහොම ස්තුතියි❤

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  7. ආදරෙයි සහෝලා..😍😍😍😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login