The title of the page
Torpedo U 235 2020 Sinhala Sub
Torpedo U 235 2020 Sinhala Sub

Torpedo U 235 (2020) Sinhala Subtitles |සබ්මැරීන මෙහෙයුම| සිංහල උපසිරැසි සමග

අායුබෝවන්. අද අරගෙන අාව සිනමාපටය ක්‍රියාදාම/ත්‍රාසජනක/ඉතිහාසකතා ශානරයන්ට අයත් වන ඉතිහාසය පාදක කරගෙන නිපද වූවක්. 2020 ජනවාරි අවසානයේදී නිකුත් වූ මෙම චිත්‍රපටය IMDB දර්ශකයේ 6.4 ක් ලබාගෙන තියනව. මෙහි කතාව ගොඩනැගෙන්නේ දෙවැනි ලෝක යුද සමයේ U235 ජර්මානු නට්සි සබ්මැරීනය වටායි.(Torpedo U 235 2020 Sinhala Sub) අඩි 220 ක් දිග, ටොන් 750කට වැඩි බරකින් යුත් මේ සබ්මැරීනය එහෙමත් නැත්තං යූ-බෝට් එක අශ්වබල 3200ක් ජනිත කල හැකි ඩීසල් එන්ජින් 2ක් සහ විදුලි එන්ජින් 2ක්, කාර්යමණ්ඩලය 50 කින් සහ ටෝපිඩෝ ප්‍රහාරක හැකියාවෙන් සන්නද්ධ වූවක්.

එහි පලමු මෙහෙයුම වුනේ එවක ජපානයේ හිරෝහිතෝ අධිරාජයා වෙත රහසිගත භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කිරීමයි. 1942 දෙසැම්බර් 19 අධිකාරය ලත් සබ්මැරීනය ජර්මානු නාසි නාවික හමුදාවේ සේවයේ යෙදී සිටියදී අැමරිකානු ප්‍රහාරයකින් ගිලී යනවා. කෙසේ වෙතත් ගොඩගෙන අළුත්වැඩියා කොට සේවයේ යෙදවෙන මෙම සබ්මැරීනය 1945 අප්‍රේල් මාසයේදී නැවත ප්‍රහාරයකට ලක්ව ගිලී යනවා. මේ සබ්මැරීනය මූලික කරගෙන නිපදවූ මේ බෙල්ජියම් සිනමාපටය  Sven Huybrechts විසින් අධ්‍යක්ෂණය කරල තියනව. බෙල්ජියම් චිත්‍රපටයක් නිසා අධ්‍යක්ෂක වගේම නළු නිලියන් හුරුපුරුදු අය නම් නෙවේ. 

දෙවැනි ලෝක යුද සමයේ බෙල්ජියම් නිදහස් සටන්කාමීන් පිරිසකට සියදිවි නසාගත්තා හා සමාන මෙහෙයුමක් බාරවෙනවා. කමාන්ඩර් ස්ටෑන් අැතුලු පිරිසට ලැබෙන බාරදූර මෙහෙයුම ඔවුන්ට අතිවිශාල අභියෝගයක් වෙනවා. මෙහෙයුම තමයි සොරාගන්නා ලද U235 සබ්මැරීන් එක ජර්මානු බලප්‍රදේශයෙන් රහසේ පිටත්කර අැමරිකානු හමුදාවට බාර කිරීම. එහෙමත් නැත්තං ගමනාන්තය වන නිව්යෝර්ක් වෙත පැමිණීම. අැමරිකාව විසින් රහසේ බෙල්ජියම වෙතින් මිලදී ගත් යුරේනියම් තොගයක් ප්‍රවාහනය මෙහි මූලික රාජකාරිය වුනා. එවකට ලහි ලහියේ නාසි හමුදාව යුරේනියම් අාශ්‍රිත පර්යේෂණ දියත් කොට තිබුණා.

අැමරිකාවේ ඉලක්කය වුනේ ඊට ප්‍රථම යුරේනියම් ප්‍රවාහනය කොට න්‍යෂ්ටික අවියක් නිපදවා ගැනීමයි. කිසිදා සබ්මැරීනයක් නොදුටු පිරිසක් සබ්මැරීනයක යුද මෙහෙයුමකට යැවූ කල කුමකින් කුමක් වේද….. ඔවුන් සාර්ථක වෙයිද? බිහිසුණු අත්දැකීම් මැද ගමන කෙසේ අවසාන වේවිද… තීරණය නරඹන  ඔබට බාරයි. චිත්‍රපටය අාරම්භයේ පටන් ගලායන සියලු දර්ශනවල පෙනෙනවාට වඩා කටුක කර්කශ සේම මිනිස් ඉතිහාසයේ සිදුවූ කෘරතර සිදුවීම් නැවත ස්මරණය කරවීමට උත්සාහ කර තිබෙනවා. අප නරඹන කතාව යටින් දිවෙන දෙවැනි ලෝක යුද්ධයේ අමානුෂික කතාන්දරය ප්‍රේක්ෂක හදවත් කම්පනයට ලක් කරනවාට කිසිදු සැකයක් නැහැ.

එසේම අවසානයේ එක් කුඩා වදන් පෙලකින් ලෝක මානව ඉතිහාසයේ කෘරතර කාලපරාසයක් ඔබ හමුවේ නැවත ගෙනහැර පානවා. සාමය, මනුෂ්‍යත්වය, මානව දයාව අාදියට කෙතරම් ඉහළ වටිනාකමක් ලබාදෙන්නට ඉතිහාසය සමත් වී අැත්ද…. නරඹන්න. මේ උපසිරැසිය ඔබ වෙත  ගෙනඑන්න හැමෝගෙම දිරිමත් කිරීම ශක්තියක් වුන බව කියන්න ඕනෙ. සිනෙරූ ටීම් එකට සහ නරඹ ඔබට ස්තුතිය. නැවත උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රජිව් සරඹගේ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රජිව් සරඹගේ

April 4, 2020


14
Total Subtitles

3 comments

  1. 👉 Hashan M. Priyadarshana 👈
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 😊👍

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. thanks….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login