5.3

Tom And Jerry Cowboy Up (2022) Sinhala Subtitles | ටොම් සහ ජෙරී ගේ කවුබෝයි සටන | සිංහල උපසිරැසි සමඟ

හම්මේ ඉතින්, ඔන්න ආයෙත් ආවා සබ් එකක් අරන්. ආයෙත් උපසිරැසි ගොඩගැහිලා. ලෝක අමාරුවක වැටිලා ඉන්නේ. හදිසියේම “සුපර් මෑන් සහ ඒකාගේ ගෑණි” සීසන් 02 එකට සබ් ගේන්න උනානේ. ඒකයි උනේ. හරි ඒත් කිව්වා වගේම සාලෙම් එපි ටික ලබන සතියෙන් හෝ දෙකෙන් ඉවර කරනවා ඕං.

දැන් මං සයිට් එකේ සෑහෙන්න වාර්ථා තියපු කෙනෙක්. කොහෙද ඉතින්, නිසි ඇගයීමක් නෑ නේ😁. “මං තමයි හොඳටම කරලා තියෙන්නේ” අම්මෝ ඉතින් ආයේ නම් ලොක්කා කොච්චර බැන්නත් සාලෙම් ඉතුරු එපි 3 දෙනකල් මෙලෝ මඟුලක් දෙන්නේ නෑ. සුපර් මෑන් සහ ලොයිස් එපිය නම් දෙන්න වේවි. වෙන මුකුත් නෑ.

ඉතින් අද මේ හදිසියේම අරන් ආවේ “Tom And Jerry Cowboy Up” කියන ලෝකේ ලොකු පොඩි කව්රුත් අහලා තියෙන, ගොඩක් අය බලලා තියෙන චරිත දෙකේ අලුත් ම ෆිල්ම් එක. මේක ගේන්න හේතුව තමා අපේ ලොක්කා හෙවත් සමිතේ කිව්වා “අයියේ ෆිල්ම් පැත්තට පොඩ්ඩක් බර වෙන්න. අලුත් ඒවා ටිකක් කරන්න” කියලා.
ඉතින් ඔන්න බෑ නොකියා ඒකයි සබක් ගෙනාවේ...ටොම් ඇන්ඩ් ජෙරී උනාට සබ් එකේ ලයින් නම් 1000ක් වගේ තිබ්බා😒. මෙහෙමයි ඉතින්, මේ කතාවේ තියෙන්නේ පොඩි “කවුද බෝයි” සීරීස් එකේ වගේ පෙනුමක්. ටොම් සහ ජෙරී ලොකු ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙනවා මේකේ.  පට්ට ආතල්. හොඳට හිනාවෙන්න පුලුවන්. හරි අරන්ම බලන්න. 1080p WEBRip එකටත් සෙට්. ඒ වගේම ඔයාලටත් තේරෙයි, මේක කොමඩියක් උනාට මාර පණිවිඩයක් දෙනවා. හොඳම දේ තමා “තමන්ගේ පවුල” කියලා.
ඒ වගේම හැමදාමත් සයිට් එකේ මාත් එක්ක ඉන්න “සමිතේ” මල්ලිව වගේම ගාර්මන්ට් යන්න පටන් ගත්ත😁  චානක තිලංකවත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මගේ ජීවිතේ “සදහම්” පුතාව සහ මගේ බිරිඳවත් මතක් නොකර කොහොමද? එහෙනම් සබ බාගෙන, කමෙන්ට් එකක් ලියන් යන්න. “ස්ක්‍රීන් ශොට්ස්” බලන්න 👉මෙතනින්👈 යන්න. ඒකෙත් කමෙන්ටුවක් ලියන් යන්න ඉතින්. බායි! හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි! එහෙම නම්.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |704|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

6 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ… ඔයා ඩොක්‍යුමන්ට්‍රි ඒවට සබ් කරන නිසා Samsara (2011) එක බලන්න ඒකත් සෙට්

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. 🇱🇰දර්ශන හෙට්ටිවත්ත | ☸️සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    Supun kawshaya සහෝ මම බැලුවා. ඒක මරු. තව ඩොකියුමට්‍රි ඉස්සරාට දෙන්නම්. කැමති මොනවා හරි තියෙයි න කියන්න

  4. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    තව ටිකක් හොඳටම කරා නම් 300යි 😁😁😁
    එල එල ඈ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

JW7 footer