The title of the page
8.2
95

The Witcher (2019) S01 E01 Sinhala Subtitles |ආරම්භය|සිංහල උපසිරැසි සමග (18+)

Netflix කිව්වම අදනම් හැමෝටම මතක් වෙන්නෙ Netflix ආයතනය අද දවසේ රිලීස් කරපු The Witcher කියන කතා මාලාවනෙ.අද දවසෙ තමයි The Witcher මුළු ලෝකෙටම රිලීස් කරේ.ඉතින් අද අරන් එන්නෙ ඒ කතා මාලාවෙ පළවෙනිම කොටස.එහෙනම් මුළින්ම පොඩ්ඩක් දැනගමු කොහොමද මේ කතා මාළාව නිර්මාණය වුණේ?, මේකට පාදක උන කෙටි කතා. Netflix එකෙන් මේ විදිහට නිර්මාණය වෙන The Witcher කතා මාළව පදනම් වෙලා තියෙන්නෙ Andrzej Sapkowski නම් කතුවරයගෙ නවකතා හා කෙටිකතා පාදක කරගෙන.

මේ කතුවරයගෙ පොත් අටක් නිකුත්වෙලා තියෙනවා.ඒ පොත් අට තමයි…

01.The Last Wish

02.Sword Of Destiny

03.Blood Of Elves

04.Time Of Contempt

05.Baptism Of Fire

06.The Tower Of The Swallow

07.The Lady Of The Lake

08.Season Of Storms

කියලා කියන්නෙ.

මේ කතුවරයගෙ මේ පොත් ටික පදනම් කරගෙන පසු කාලීනව වීඩියෝ ගේම් වගේම චිත්‍රපටිත් නිර්මාණය වෙලා තියෙනවා.

ගැරල්ට්

The Witcher කතා මාළාවේ ප්‍රධාන චරිතය වෙන “රිවියාවල ගැරල්ට්”ව මනුස්සයෙක්, මිත්‍යාවක්, මායාකරුවෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. පළමු කථාංගයේ මිනිත්තු කිහිපයක් ඇතුළත ඔයාලට මේ වීරයා ඒ කියන්නෙ ගැරල්ට් ගැන දැනගත දැනගන්න පුළුවන්. පළවෙනිම කොටසෙන්ම මඩ වගුරක සටනකින්ම ගැරල්ට් ගැන දැනගන්න පුළුවන්.

යෙනිෆර්

යෙනිෆර් කියලා කියන්නෙ මේ කතා මාළාවේම ඔයාලට දැකගන්න පුළුවන් තවත් ප්‍රධානම චරිතයක් කිව්වොත් හරි.මෙයාගෙ එක විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මෙයා උපතින්ම කුදු කෙනෙක්. අන්න ඒ හින්දම මෙයාගෙ තාත්තා මෙයාට වැඩි කැමැත්තක් දක්වන්නෙ නෑ.

සිරෙල්ලා ෆියෝනා

ඇය කාරේ මෝහන් වල ඉන්න කාලෙදි කඩු ශිල්පය හොඳටම ඉගෙන ගන්නවා.පස්සෙ මෙයා මන්තරකාරියෙක් වෙන්න පුහුණුවකුත් ලබනවා.Netflix හරහා නිර්මාණය වුණ මේ කතා මාළාව 2017 මැයි මාසයේ කරන නිවේදනයත් එක්ක 2018 ඔක්තෝබර් 31 වෙනිදා රූගත කිරීම් ආරම්භ කරනවා. 2018 ආරම්භ කරපු රූගත කිරීම 2019 මාර්තු මාසෙ තමයි අවසන් වෙන්නෙ.

The Witcher කතා මාළාවෙ රේටින්ස් ගැන බැලුවොත් IMDb 9.9 ක ඉහළ අගයක් අරන් තියෙනවා. ඒ වගේම 96% ගූගල් පරිශීලකයන්ගෙ කැමැත්තත් ගන්න සමත් වෙලා තියෙනවා. මේ කතා මාළාව අයත් වෙන්නෙ වික්‍රමාන්විත සහ නාට්‍යමය කියන ඝණයට තමයි. මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ Henry Cavill වගේම ප්‍රධාන නිළියට රංගනයෙන් එකතු වෙන්නෙ Freya Allan.

2019 වසර රූපවාහිනී කතා මාලා ගැන කතා කරන්න හොඳම හොඳම අවුරුද්දක්.2019 කියන්නෙ රූපවාහිනී කතා මාලා Witcher කියන කතා මාලාවට විතරක්ම නෙවෙයි. අනිත් කතා මාලා ගොඩකටත් විශේෂම වසරක් වෙනවා. කතාවල අවසානයන්, කතාවල නවතම කතා සමයන්ගේ ආරම්භය වගේම අලුත්ම අලිත් කතා මාළාවන්ගෙ ආරම්භයත් මේ වසරෙදි සිද්ධ වෙනවා.

එහෙනම් ඉතින් ඔය කිව්වා හොඳටම ඇති කියලා හිතනවා.අලුතෙන්ම නිකුත් උන මේ කතා මාළාවත් නරඹන්න කියලා කියන ගමන් මම නතර වෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශෂික මදුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශෂික මදුශාන්

December 1, 2019


27
Total Subtitles

8 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. අනිත් episode ටිකටත් ඉක්මනට සබ් දෙමු 💪..
    ජය වේවා.! 👊

  2. Dude thanx dude congrats

  3. බොහොම ස්තූතියි මචං මේවගේ එකකට සබ් දෙන්ඩ ගත්තට.ඉතුරු ටිකත් ඉක්මනට දෙන්ඩ මචං.ජය වේවා 🙏🙏🙏

  4. රැග්නා ලෝඩ්බ්‍රොක් -- සිනමා ලෝකය - (Direct Link)

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ජය!

  5. Thank you bro😍

  6. Hammoo elama bro. ikmanata sub dunnata. good work keep it up.

  7. තැන්කූ බ්‍රෝ, ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න..😅

  8. Hasitha Madhushanka

    උපසිරැසියට බොහොම ස්තුතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login