The title of the page
8
67

The Wheel of Time (2021) S01E04 Sinhala Subtitle | “යළි උපන් මකරා” | සිංහල උපසිරැසි සමඟ

(The Wheel of Time (2021) S01E04 Sinhala Subtitle) (The Wheel of Time 2021 S01 Sinhala Subtitles)

ඔන්න එහෙනං ඔයාලට තවත් අලුත් කතා මාළාවකට මම උපසිරැසි අරගෙන එන්නයි මේ සූදානම මුල් කොටස් දෙකට නං උපසිරැසි ගේන්න නොහැකි උනා.බාරගත්ත වෙනත් කතා මාළාවක් නිසා.එහෙනං තුන්වෙනි කොටසේ ඉඳන් උපසිරැසි අරගෙන එන්නයි මම හදන්නෙ.මේක ගොඩාක් දෙනෙක් එනකං බලාගෙන ඉඳපු කතා මාළාවක්.ඉතිං Wheel Of Time එහෙමත් නැත්තං WOT කියන්නෙ ලොකූ බජට් එකක් එක්ක නිර්මාණය වෙන්න පටංගත්ත කතා මාළාවක්.මේක නිර්මාණය කරන්නෙ Sony Pictures Television සහ Amazon Studios ආයතන වලින්.Amazon Prime Video මාධ්‍ය හරහා තමයි විකාශනය වෙන්නෙ.මේක රූපවාහිනියට රචනා කරන්නෙ Lorne Balfe විසින් වගේම එක එක කොටස් වෙන වෙනම අධ්‍යක්ෂකවරුන් තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ.මේක තනිකරම Fantasy කතා මාළාවක්.මේකට පාදක කරගෙන තියෙන්නෙ Robert Jordan විසින් රචනා කරපු The Wheel of Time ග්‍රන්ථ මාළාව.මම ඒ ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්.

The Wheel of time book series.

මුලින්ම කියන්න ඕන මේ කතා මාළාව පොත් වලට 100%ක් නියමාකාරව නෙවෙයි නිර්මාණය වෙන්නෙ.ඔයාලා මේ පොත් කොහොම හරි හොයාගෙන කියෙව්වත් පාඩුවක් නං වෙන්නෙ නෑ ඒ නිසා. මේ ග්‍රන්ථ මාළාව ග්‍රන්ථ 18කින් සමන්විත වෙනවා.මුල්ම ග්‍රන්ථය 1990 වගේම දැනට ඇවිත් තියෙන අවසාන ග්‍රන්ථය නිකුත්වෙලා තියෙන්නෙ 2013දි.WOT කියන්නෙ රොබට් ජොර්ඩන් විසින් රචනා කරපු දැවැන්ත විදිහට ජනප්‍රියත්වයක් ලබපු වගේම දැවැන්ත මහා වීර කාව්‍ය ෆැන්ටසියක් කියලා කියන්න පුළුවන්.ග්‍රන්ථ මාළාවේ මාතෘකා දුසිමකටත් වඩා වගේම පිටු දහස් ගණනකින් WOT තුළ වේස්ට්ලන්ඩ් ගැන වගේම කථා වස්තුව තුළින් ඈත අතීතයේ වගේම දුර ඈත වර්ථමානයෙත් පෘථිවියේ කාලය එකපාරම විස්තරාත්මකව නිරූපණය කරන නිසා මේක ලොකූ ජනප්‍රියත්වයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා.මාළාවේ චරිත වලට චැනලින් කියලා හඳුන්වම මැජික් වලට සමානම විශේෂ බාලයකුත් තියෙනවා වගේම ඒක කතාව බලාගෙන යනකොට පැහැදිළිවෙයි.ඒ වගේම ජෝර්ඩන්ගේ කතා මාළාව JRR Tolkienගේ ඉතාමත් උසස් මනඃකල්පිත කෘතීන් (Lord Of The Rings) එක්කත් බොහෝදෙනා සංසන්දනය කරලා තියෙනවා.රොබට් ජෝර්ඩන්ගේ කතෘ නාමය උනේ James Oliver Rigney, Jr වගේම එයා 2007දී මෙළොවින් සමු ගන්නවා.එතන ඉඳන් කතාව සම්පූර්ණ කලේ Brandon Sanderson විසින්.මේ මාළාවේ නිකුත් උන ග්‍රන්ථ තමයි,

1 The Eye of the World      Feb-1990

2 The Great Hunt – Nov-1990

3 Dragon Reborn – Sep-1991

4 The Shadow Rising – Sep-1992

5 The Fires of Heaven – Nov-1993

6 Lord of Chaos – Nov-1994

8 The Path of Daggers – Oct-1998

9 Winter’s Heart – Nov-2000

10 Crossroads of Twilight – Jan-2003

11 Knife of Dreams – Oct-2005

11.5 What the Storm Means(e) – Sep-2009

12 The Gathering Storm – Nov-2009

12.5 Distinctions (e) – Sep-2010

13 Towers of Midnight – Nov-2010

13.5 By Grace and Banners Fallen (e) – Sep-2012

14 A Memory of Light – Jan-2013

මම ප්‍රධාන චරිත ගැන පොඩ්ඩක් විස්තර කරන්නම්.ඔයාලට මේ කියන දේවල් කතාව නොබලා කියවනකොට තේරෙන එකක් නෑ ඒත් කතාව බලාගෙන යනකොට තේරෙයි.

Main Characters

Moiraine Damodred, Aes Sedai විදිහට Roasmund Pike.

මොරේන් කියන්නෙ හරියට Lord of the ringsවල ගැන්ඩල්ෆ් වගේ චරිතයක්.මෙයා නිල් අජාහ් වල බලවත් අයිස් සෙඩායි කෙනෙක්.මොරේන් යළි උපන් මකරෙක්ව හොයාගෙන යනවා.මේයා අයිස් සෙඩායි සහෝදරියක් විසින් කියපු අනාවැකියක් අනුගමනය කරලා ඒ මකරාව අඳුරු තැනැත්තාට කලින් ඔහුව හෝ ඇයව හොයාගන්නයි උත්සාහ කරන්නෙ.මොරේන් කියන්නෙ විස්ඩම් කියලා හඳුන්වන අයගේ බලය වගේම one power එහෙමත් නැත්තං අසහාය බලය කියන බලයන් සම්බන්ද කුසලතාවයන් වලින් පිරුණු කෙනෙක් වගේම ඒ සම්බන්දව හොඳ මාර්ගෝපදේශිකාවක්.එයා එයාගේ ගමනට එකතු කරගන්න තරුණයන්ව බය කරලා තියාගන්නවා.ඒත් එයා ගොඩක් හොඳ හදවතක් තියෙන කෙනෙක්. 

Lan al’Mandragoran විදිහට Daniel Henney.

මෙයා මොරේන්ට වෝඩර් කෙනෙක්,(ආරක්ෂකයෙක් වගේ චරිතයක්),ලාන් කියන්නෙ පේනවට වඩා ගොඩක් වැදගත් කෙනෙක්.හැම වෙලේම අවධානයෙන් ඉන්න වගේම දරදඬු චරිතයක්,ඒ වගේම මෙයාට මොරේන් එක්ක බැඳීමක් තියෙනවා,මෙයා ඇයව ආරක්ෂා කරනවා වගේම එයා ගාවින්ම ඉඳන් සටන් කරනවා.ලාන් මොරේන් වැදගත් කියලා හිතන ඕනම කෙනෙක්ට වගේම එයත් එක්ක ගමන් කරන අයටත් ගොඩාක් පක්ෂපාතියි.අපි කොහොම හිතුවත් මොරේන් සහ මෙයා අතර ප්‍රේමණීය බැඳීමක් නෑ.ඒත් ඒක මිත්‍රත්වයටත් වඩා ශක්තිමත් බැඳීමක්. 

Nynaeve al’Meara විදිහට Zoë Robins.

නයිනේව් කියන්නෙ ගමේ විස්ඩම්වරිය වගේම තරුණ උනත් හොඳ නායිකාවක්.ඒ නිසා එයා එයාගේ නිවහන වගේම ඒකෙ වැසියන් ගොඩාක් නිර්භය විදිහට ආරක්ෂා කරනවා.මෙයාට කාලගුණය පුරෝකථනය කරන්න පුළුවන් වගේම අසනීපයන් සහ තුවාල සුව කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා.බොහෝ දෙනා නයිනේව්ගෙ උපකාරය වගේම මගපෙන්වීම පතනවා වගේම ගරු කරනවා. 

Egwene al’Vere විදිහට : Madeleine Madden.

එග්වීන් කියන්නෙ ශක්තිමත් ආශාවන් වගේම අධිෂ්ඨානශීලීත්වය තියෙන කෙනෙක්.මෙයාටත් විස්ඩම් කෙනෙක්ගෙම බලයන් තියෙනවා. 

Perrin Aybara විදිහට Marcus Rutherford.

මෙයා සුමුදු වගේම අවංක කෙනෙක්,මෙයාගෙන් වෙන කෙනෙක්ට කරදරයක් වෙයි කියලා නිතරම වදවෙන කෙනෙක්.ඒත් මෙයාට වෙලාවකට ආවේගශීලි ස්වභාවයක් තියෙනවා.පස්සෙ මෙයාගේ චරිතය කොහොම වෙනස් වෙයිද කියලා බලාගන්න ලැබෙයි. 

Rand al’Thor විදිහට Josha Stradowski

මෙයා ගැන තාම වැඩිය පැහැදිලි කිරීමක් කරන්න නං බැහැ.ඒත් මෙයා සාමාන්‍ය ගොවියෙක්ගෙ පුතෙක් වගේම සාමාන්‍ය සිතුම් පැතුම් තියෙන කෙනෙක්.එයා ටූ රිවර්ස්වලම කාලය ගත කරන්න ගොඩාක් කැමති කෙනෙක්.මෙයාගේ චරිතයෙත් වෙනස්කම් දකින්න ලැබෙයි කියලා හිතනවා. 

Mat Cauthon විදිහට : Barney Harris

මැට් කියන්නෙ මෙයාගේ යාළුවන්ට වඩා ඕන දෙයක් “යකාට ගියාවේ කියලා” හිතන චරිතයක්.මෙයා නිතරම කරදරේ පැටලෙන චරිතයක්.හරියට ලෝඩ් ඔෆ් ද රින්ග් එකේ පිපින් වගේමයි. 

Thom Merrilin විදිහට Alexandre Willaume

මෙයා දක්ෂ ගණගායකයෙක්.තොම් මර්ලින් කියන්නෙ ලෝකයේ මාර්ගයක් දන්න අයට කියන නිර්වචනයක් වගේ.මෙයා ලෝකෙ පුරාම සංචාරය කරපු කෙනෙක්.හොඳ ගායකයෙක්.මෙයා පිහි වගේම අනතුරු වලින් ආරක්ෂාවෙන හැටි ගැන කියලා දෙන හොඳ ගුරුවරයෙක්. 

ආජාවරු :-

ආජාවරු කියන්නෙ විවිධ අයි සෙඩායි කණ්ඩායම් හතෙන් එකක් හඳුන්වන නමක්. ආජාවරු නීල,හරිත(කොල), කසාවන්(කහ), රක්ත(රතු), ධවල(සුදු), ධූසර(අළු), වගේම දුඹුරු කියන කණ්ඩායම් විදිහට තමයි පවතින්නෙ.හැම ආජාවකටම එයාලටම කියපු අරමුණු වගේම නීති තියෙනවා,ඒවා පාලනය වෙන්නෙ ඒවා තුලම ඉන්න අභ්‍යන්තර නයකයන් විසින්.කෙනෙක්ට ආජාවකට එකතුවෙන්න ලැබුණහම,එයාගේ ආජාවට අදාල ලියකම් එම්බ්‍රොයිඩර් කරපු සළුවක් එයාට පිරිණමනවා. 

අර්ලි ටවර් එහෙමත් නැත්තං “අලුයම කුළුණ” :-

පුරාතන යුගයේදි,ආජා යන්නෙන් අදහස් කලේ නිශ්චිත අරමුණක් සඳහා තාවකාලික විදිහට එකතු උන පුද්ගලයන් කණ්ඩායමක්.අලුයම කුළුණ බිඳවැටීමෙන් පස්සෙ මුල් ශතවර්ෂ කීපය තුළ,විශේෂයෙන්ම ධවල කුළුණ ආරම්භ කරනකොට,දැනට තියෙනවට වඩා ආජාවන් ඇතිවෙනවා.”එලිසේන් ටිෂර්”,ඒ කියන්නෙ අනාගතේ මුල්ම ඇමලින් ආසනය.ඒකෙ තමන්ගේ ආජාව වෙනුවෙන් කාන්තා කණ්ඩායම් 12ක් විතර අසුන් අරගන තියෙනවා.පුරාවෘතවසර 98 වෙනකොට,මේ ආජා සංඛ්‍යාව 12 ඉඳලා වර්තමානයේ තියෙන ආජා හත දක්වා අඩු වෙනවා.

1 රක්ත ආජාවරු.

මෙයාලා බොහෝ දුරට කරන්නෙ පිරිමි චැනල්කරුවන්ව අල්ලලා එයාලගෙ බල හීන කරන්න කුළුණට අරගෙන එන එකයි.ඒ වගේම මෙයාලා එයාලට අසහාය බලයේ වැරදි වගේම අනතුරු දායක බලයන් ගැන හොයා බලලා ඒ ගැන පියවර අරගන්නවා.ඒ වගේම විශේෂයෙන්ම මෙයාලා අතීතයේදි,ධවල කුළුණේ නීතියට පිටින් එකතු උන කාන්තා චැනලින් කණ්ඩායම් හොයාගෙන ඒවා මුලිනුපුටා දැමීමත් කලා.මෙයාලා තමයි විශාලතම ආජාවරුන් කණ්ඩායම වගේම ආසන්න වශයෙන් මේකෙ සහෝදරියන් 200ක් විතර ඉන්නවා කියලා සඳහන් වෙනවා.ඒක මුළු අයි සෙඩායි එකතුවෙන් 1/5ක අගයක්.රක්ත සහෝදරියන්ට වෝඩර්වරු එක්ක බැඳීමක් නෑ.ඒ වගේම මෙයාලගෙ නායකයෝ තමයි ඉහලම තනතුරු හොබවන්නෙ.

2 හරිත ආජාවරු

මෙයාලට සටන් ආජාවරු කියලත් කියනවා,හරිත පාටින් කියන්නෙ සටනට සූදානම් කියන එකයි.මෙයාලා තමයි දෙවෙනියට විශාලතම ආජවරු පිරිස.ඒ වගේම නායකයන්ගේ නිළතලය තමයි කපිතාන් නිළය.හරිත සහෝදරියන්ට එයාලට ඕන තරම් වෝඩර් වරුන් එක්ක බැඳීම් ඇති කරගන්න පුළුවන්.ඒත් එයාලා එක්කෙනෙක් එක්ක විතරක් මෙයාලට විවාහ වෙන්න අවස්ථාව තියෙනවා.

3 ධූසර ආජාවරු

මෙයාලා මූලිකත්වය දෙන්නෙ දේශපාලනයට සහ රාජ්‍යතාන්ත්‍රිකභාවයට මැදිහත් වෙන්නයි.මෙයාලා තමයි තුන්වෙනියට විශාලම අය වගේම නායක නිළ නාමය ප්‍රධාන ලිපිකරු කියන එකයි.

4 දුඹුරු ආජාවරු

මෙයාලා කරන්නෙ දැනුම රැස් කිරීම වගේම ඒවා සංරක්ෂණය කරන එක.මේක පාලනය වෙන්නෙ පාලන කවුන්සියලක් හරහා ප්‍රධාන කවුන්සිල් සභිකයා තමයි නායකයා.මෙයාලා ගොඩක් දුරට කුළුණේ පුස්තකාලයේ තමයි වැඩ කරන්නෙ.

5 කසාවන් ආජාවරු

මෙයාලා සුව කිරීම් තමයි කරන්නෙ.ඒ වගේම මෙයාලගෙ නායකයා පළමු වීවර් කියලා තමයි හඳුන්වන්නෙ.

6 නීල ආජාවරු

මෙයාලා මුල් තැන අරගන්නෙ ධර්මිෂ්ඨකම සහ යුක්තිය ඉටු කරන්නයි.මෙයාලගෙ නිළ නායක නාමය තමයි මුල් සිලෙක්ටර්වරිය කියන එක.මෙයාලා ගාව තමයි විශාලතම ඔත්තු සේව ජාලය තියෙන්නෙ.

7 ධවල ආජාවරු

මෙයාලා තර්කනයන් වගේම දර්ශනයන් ගැන තමයි අවධානය යොමු කරන්නෙ.මෙයාලගෙ නායක නිළ නාමය වෙන්න පළමු රීසනර්වරිය කියන එක.මෙයාලට තමයි පුංචිම ආජා කණ්ඩායම තියෙන්නෙ. 

කාළ(කලු) ආජාවරු :- 

මෙයාලා අන්ධකාරයේ මිතුරන් කියලා හඳුන්වනවා වගේම මෙයාලා සමාජයෙන් දැඩිලෙස ප්‍රතික්ෂේපයට ලක් වෙන අය.කාළ සහෝදරියන් එයාලගෙ පක්ෂපාතීත්වය රහසක් විදිහට තියාගෙන ඉන්නවා වගේම ප්‍රධාන ආජා කණ්ඩායම් හැම එකක්ම ඇතුලේ ඉන්නවා.මේක පාලනය වෙන්නෙ මහා කවුන්සිලයකින් වගේම මේකේ නායකයා කවුද කියන්න දන්නෙ නෑ.

DARK ONE – අඳුරු තැනැත්තා

අඳුරු තැනැත්තා කියන්නෙ චක්‍රය නිර්මාණය වෙන්නත් කලින් තිබුණු විශ්වීය වස්තුවක්.ගොඩක් අය කියන්නෙ මෙයා පිරිමි කෙනෙක් කියලා ඒත් ඒක හරියටම කියන්න දන්නෙ නෑ.චක්‍රයේ මැවුම්කරු චක්‍රයේ මැවුම් රටාව නිර්මාණය කරනකොට මෙයාව මේකට පිටතින් හිර කරලා තියෙනවා.මෙයාගේ ඉලක්කය ලෝකය විනාශ කරන එක නෙවෙයි,චක්‍රය වගේම ඒකට ඇතුලත් හැම ජීවියෙක්ගෙම සම්පූර්ණ ආධිපත්‍ය අරගෙන,එයාලාව එයාගේ කැමැත්තට අණුව පාලනය කරන එක තමයි මෙයාට ඕන කරන්නෙ.අඳුරු තැනැත්තාට එයාව අවතාර ස්වරූපයෙන් පේන්න එන්න විතරයි පුළුවන්.

කාල චක්‍රයේ යතාර්ත ස්වරූපය සහ කතාවේ ස්වරූපය

කාල චක්‍රය කියන්නෙ විශේෂයෙන්ම අපිට හුරු පුරුදු සංකල්පයක්.මොකද අපේ රට දකුණු ආසියානු රටක් වගේ බෞද්ධ රජ්‍යයක්.බුදු දහමේ විතරක් නෙවෙයි,මේක ජෛන,හින්දු,වගේ ආගම් වලත් ඒ හා සමාන සංකල්පයන් විශ්වාස කරනවා.පේරු රාජ්‍යයේ Q’ero ජාතීන්,ඇරිසෝනා වල හොපි ජාතිකයනුත් මේ හා සමාන සංකල්ප දරනවා.මේ ගැන කතා මාළාවේ පළමු කොටසෙම පොඩි විස්තරයක් දෙනවා.අපි ආදරය කරපු අය ආයෙමත් අපි ගාවට එනවා කියලා.පොඩි උත්සවයක් එහෙමත් තියෙනවා දැකගන්න පුළුවන් දෙවෙනි කොටසේ ඒ හා සම්බන්දව.මේකත් සංසාරය කියන සංකල්පයට ගොඩාක් සමාන දෙයක්.ඒ වගේම WOT කතන්දරයෙන් කියන්නෙ ජීවිතය අතිත,වර්තමාන,අනාගත,කියන නැවතුම්පොළවල් හරහා වක්‍රාකාරව ගමන් කරනවා වගේම ආත්මයනුත් ඒ ආකාරව ගමන් කරනවා කියන එකයි.ඔයාලට මතකයි නං Lost කතා මාළාවෙත් මේ සංකල්පයම දැකගන්න පුළුවන්.

ලිපිය මෙහෙම ලියුවේ ඔයාලට කතාව බලාගෙන යද්දි නොතේරුන කාරණයක් තිබුනොත් මේකෙන් උදව්වක් වෙයි කියලා.ඒ වගේම මුල් කොටස් දෙකට උපසිරැසි ගෙනල්ලා දුන්න අරුණ සහෝදරයටත් මේධාවි සහෝදරියටත් ස්තූතිවන්ත වෙනවා.

එහෙනං තවත් උපසිරැසියකින් හමුවෙන්නම්.එතකං පරිස්සමෙන් ඉන්න.ජය වේවා.!!!

(The Wheel of Time Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

13 comments

  1. thank you machoooo💖💖💖💖

  2. Hasitha Madhushanka

    thanks bro

  3. Sub ekata thanks

  4. thanks for subtitles. hakimam lock and key series ekt cineru ekn sub denwada

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. Thanks for the subtitle

  7. Thanks Bro

  8. ශෙහාන්

    තෑන්ක් සබ් එකට ❤☺️ එපි 5ආවා එකටත් ඉක්මනට සබ් ඔනි

  9. තෑන්ක් සබ් එකට එපි 5ආවා එකටත් ඉක්මනට සබ් ඔනි

  10. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  11. Thanx Sub ekata,. Jayawewa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login