The title of the page
8.2
95

Republic (2021) Sinhala Subtitles | “වෙනස්කල නොහැකි ආකල්ප” | සිංහල උපසිරැසි සමඟ

(Republic (2021) Sinhala Subtitle) (Republic 2021 Sinhala Sub)

ආයුබෝවන් යාලුවො හැමෝටම !

අදත් අලුත්ම තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි මම ආවේ.ඉතින් ඊයෙ පාන්දරම ආව ෆිල්ම් එක ඊයෙ උදේම දෙන්න බැරිඋනා හැමදාම වගේ මට පරහට හිටින කරන්ට් එක අදත් එහෙම්ම උන හින්දා 😥

හරි එහෙනම් අපි බලමු ෆිල්ම් එක ගැන.Republic කියන්නෙ Political Thriller | Drama කාන්ඩයේ ෆිල්ම් එකක්.ඉතින් පොල්ටිකල් කිව්වට සම්පූර්ණ දේශපාලන කතාවක් නෙමෙ මේක ගොඩක් වටින කතාවක්.විශේෂයෙම්ම අද කාලෙට.මේ ෆිල්ම් එක රිලීස් උනේ පහුගිය ඔක්තෝබර් 01 වෙනිදා.8.2 ක හොඳ IMDB රේට් එකකුත් මේක සතුයි.ප්‍රස්තනම් ,ඔටෝ නගර් සූරියා වගේ ෆිල්ම් අධ්‍යක්ෂණය කල Deva Katta ගෙ අධ්‍යක්ෂණයක් තමයි මේක.

ප්‍රධාන නලුවා වෙන්නේ Sai Daram Tej.ඒ වගේම Aishwarya Rajesh සහ Jagapathi Babu , Ramya Krishna කියන දක්ෂ නලු නිලියනුත් මෙහි රංගනයෙන් එක් වෙනවා.ඉතින් මේ ෆිල්ම් එකේ ප්‍රධාන නලුව උනත් ටෙජ් ට පහුගිය කාලේ උනු බයික් අනතුරු නිසා Pre Release Event එකටවත් සහබාගි වෙන්න.බැරිඋනා.කොටින්ම ෆිල්ම් එක රිලීස් වෙනකොටත් එයා හිටියෙ හොස්පිටල් එකේ.ඉතින් පවර් ස්ටාර් පවන් කල්‍යාන් තමයි Pre Release Event එක එහෙම කලෙත්.කොහොමහරි දැන්නම් ඔහු සුවයෙන් ඉන්නව කියල සතුටින් දැනුම් දෙන්න පුලුවන් හැමෝටම.

කතාව මතක් කරන්නම්.

අභී කියන්නෙ සුපිරි මීටරයක්.ඕනම දෙයක් ඉගෙන ගත්තම මතකහිටින කෙනෙක්.ඉතින් මෙයාට මේ ඕනාට වඩා තියෙන දැනුම නිසා මාර අව්ල් තමා වෙන්නේ.ඒ වගේම මෙයාට දූෂනය , වංචාව පේන්න බෑ..මෙයාගෙ තාත්ත රජයෙ නිලධාරියෙක් වෙලා අල්ලස් ගන්නව දැකල තාත්ත එක්කත් අමනාපෙන් ඉන්නෙ.ඔහොම දැන් මෙයා ලොකු වෙලා චන්දෙ දාන්න යනව.එතනින් තමා හැමදේම පටන් ගන්නේ.

චිත්‍රපටය නැරඹූ මදුශංක සහෝදරයා පල කල ලිපියක්..

♻️ජරාජීර්ණ දේශපාලනයේ තිත්ත ඇත්ත. ♻️
කාලෙකින් තමයි ඉන්දියන් ෆිල්ම් එකක් ගැන ලියන්න හිතුනේ.  මේක නොලියා බැරිවුනා.  මේක මේ රටේ ඉන්න හැමෝම බලන්න ඕන ෆිල්ම් එකක්.  ඇක්ෂන් ෆිල්ම් එකක් බලන්න ආසාවෙන්නම් මේක බලන්නට එපා.  😁
මුලු ෆිල්ම් එකටම තියෙන්නේ එකම ෆයිට් එකක් විතරයි.  
මිනිස්සුන්ව රවටන්නේ කවුද. ? 
දේශපාලකයාද?  
ඒකට නියම උත්තරය මේකේ තියෙනවා.  
දේශපාලුවන්ගේ ඇන්දීම ලස්සනට මිනිස්සු ඇඳගන්න විදිහ.  අවුරුදු ගානක් සම්පත් විනාශ කරමින් දේශපාලුවන් වැජඹෙන විදිහ වගේම.  දකුණු ආසියානු කලාපයටම ආවේනික.  තමන්ගේ බඩ ගැන විතරක්ම හිතන මහජනයා ගැනත් අවසානයේ අපූරුවට මේකේ තියෙනවා.  💖💖
අභිරාම්.  පුංචි කාලේ ඉඳන්ම වෙනස්ම විදිහකට හිතන අයෙක්.  මේ ජරාජීර්ණ සිස්ටම් එක වෙනස් කරන්න ඔහු මහන්සි වෙනවා.  😁
කලෙක්ටර් කෙනෙක් වෙලා.  දේශපාලනයට එරෙහිව ඔහු සටන් කරනවා.  කොහොම හරි ඒ සටනින් ඔහු ජයගන්නවා.  නමුත්, අවසානය. 
ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරනවා.  🥰
දේශපාලුවන් විනාස වුනත්.  උන් නිර්මාණය කරපු පද්ධතිය විනාස වෙන්නේ නෑ.  එකෙක් මැරෙද්දි.  තවත් සිය ගානක් උපදිනවා.  දේශපාලුවා මැරුණත්.  උන් නිර්මාණය කරපු පද්ධතිය තුල ජීවත් වෙන තමන්ගේ බඩ ගැන හිතන මහජනයා කියන එකා.  ඒ පද්ධතිය දිගටම ගෙනියනවා.  😁
තමන් අසරණ වුන වෙලාව පිහිටට එන එකාගෙන් තමන්ගේ ප්‍රශ්නය විසඳගෙන.  අවසානයේ උන් තමන්ට පිහිට වුන එකාවත් විනාස කරගෙන පද්ධතිය ඉස්සරහට ගෙනියනවා .  😏
ඒක තමයි ඇත්ත. 
අපේ රටේ දැන් තියෙන තත්වය මේ ෆිල්ම් එකේ අපූරුවට තියෙනවා.  මේක බලද්දි හිතුනා.  මේක ලංකාවට හදාපු එකක්ද කියලත්.  😁
එක පවුලක් මිනිස්සු රවට්ටගෙන.  අහස් මාලිගා මිනිස්සුන්ගේ හිත්වල මවලා අපේ රටම විනාස කලා වගේ .  මේකෙත් එහෙමම තියෙනවා.  
” මිනිස්සු බලන් ඉන්නේ රැවටෙන්න.  උන්ට ඕන උන්ගේ ජාතිය කුලය ගැම්ම ගැන කතා කරන්න ඒක රැක ගන්න.  උන්ට දියුණු වෙන්න ඕන නෑ.  ඉතින් රැවටෙන්න බලාගෙන ඉන්න.  නිකම් දෙනකම් බලං ඉන්න එවුන්ව අපි රැවටුවාම මොකද?  ” 
එහෙම තමයි එයාලා හිතං ඉන්නේ.  ඉතින් ඒ රැවටීම ගැන අපූරුවට කියලා දෙන මේක නොබලා යන්න එපා.  💖
භාරත් අනේ නේනු බැලුවානම්.  ඒක ගැම්මට බැලුවානම්.  පොරොන්දු වෙනවා ඒකට වඩා උඩින් මේක තියෙනවා 🥰
මේකේ නලුවා පිම්බීමක් නෑ.  මහ හයියෙන් කෑ ගහන දෙබස් නෑ.  සයි ධරම් මම සාමාන්‍යයෙන් එච්චර කැමති නලුවෙක් නෙවි.  නමුත් මේකෙදි ඒ ඇක්ටින්.  නැචුරල් ස්ටාර් නානි හිටියත් කරයිද කියලා හිතාගන්න බෑ.  ඒ තරම් සුපිරි ඇක්ට් එකක් දෙනවා.  අයිශ්වර්යා රාජේශ් කියන්න වචන නෑ.  සුපිරියටම ඇගේ කොටස ඉටු කරනවා.  😁ජගපත් බාබු වෙනදා වගේම අති සුපිරි රංගනයක.  රම්‍යා නැන්දා  😁 දුශ්ඨ කාන්තා චරිතය අපූරුවට රගදක්වනවා.  
ඉතින් උඩින් යන සීන්ම බලන අපි මේකත් බලමු.  ඇත්ත නැත්ත තේරුම් ගන්න මේක බලමු. 
𝐌𝐀𝐃𝐇𝐔𝐒𝐇𝐀𝐍𝐊𝐀 𝐋𝐈𝐘𝐀𝐍𝐀𝐆𝐄 
(නැචුරල් ස්ටාර් නානි චිත්‍රපටය ගැන පල කල අදහස්)

ඉතින් මොකො වෙන්නෙ කියල ඔයාල ෆිල්ම් එකෙන් බලාගන්න.තව උපසිරැසියකින් ඉක්මනින් හම්බෙමු එහෙනම්

ඔබට ජය !

(Republic Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

17 comments

  1. ස්තුති සුදා ඔයාට ❤️🙊😍

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Chhorii 2021 Hindi eketh sub dennako

  4. සබ් එකට තෑන්ක්ස් මල්ලි ❤🥰🔥

  5. Thank you brooo.

  6. Thanks brother

  7. The Veil කොරියන් ඩ්‍රාමා එකේ Moebius: The Veil ස්පෙශල් එපිසෝඩ් දෙකට සබ් දෙන්නේ නැද්ද සහෝ😕🤔

  8. supiri site ekak niyamai

  9. ස්තුතියි මචො සබ් එකට

  10. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට

  11. thanks sub ekata

  12. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  13. කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි ! 😘

  14. sub ekata thanks supiri !

  15. thank bro sinhala sube ekata supiri film ekak jayawewa.

  16. Sub ekata thanx

  17. thank bro sube eekata [maanaadu (2021) tamil film ekatath sube oni

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login