The title of the page
The Village (2023) E01 Sinhala Subtitles
The Village (2023) E01 Sinhala Subtitles
5.3
75

The Village (2023) E01 Sinhala Subtitles | කට්ටියාල් ගමේ අභිරහස් | සිංහල උපසිරැසි සමඟ

එල්ලෝරුම් වනක්කම් 😌♥️

ඔන්න කාලෙකට පස්සේ tv series එකකට සබ් ගේන්න හිතුනා.. සුපුරුදු විදිහට වැඩේට මාත් එක්ක හවුල් උනේ අපේ පීටර් අයියා.. ගියපාර අපි දෙන්නා ගෙනාපු Iru Dhuruvam Season 2 සීරියස් එකටත් හොද ප්‍රතිචාර තිබුණු නිසා මේකත් ගේන්න හිතුවා..ඔයාලා දන්නවනේ අපි දෙන්නා සාමන්‍යයෙන් ගේන්නේ ඉන්දියන් ඒවා කියලා.. ඔන්න මේකත් එහෙම Tamil එකක්.. හැබැයි මුලින්ම කියන්න ඕන ගිණි ගින්දර භාණ්ඩයක්.. මිස් කරගන්න එපා කියලා තරයේ කියනවා..

මේක තමයි මේ කතාමාලාවෙ පලවෙනි එපිය!

The Village කියන මේ සීරියස් එක අයත් වෙන්නෙ horror thriller කියන Category එකට.. මේ අවුරුද්දෙ නොවැම්බර් 24 වෙනිදා ඇමසන් ප්‍රයිම් හරහා නිකුත් වෙච්ච මේ සීරියස් එක විනාඩි 30 – 35 ට ආසන්න කොටස් 6 කින් සමන්විතයි.. එපි ගාන ඕනෑවට වැඩිත් නෑ අඩුත් නෑ ගාන..ඒවගේම මේක Deepthi Govindarajan, Milind Rau, Deeraj Vaidy කියන තුන්දෙනා අතින් ලියවුන The Village කියන නවකතාව සිනමාවට ගෙන ඒමක් කියල කිව්වොත් හරි..

ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ දමිළ නළු ආර්යා විසින්.. එයා ටිකක් වෙනස් ජාතියේ පිටපත් තෝරගන්න කෙනෙක් විදිහට මේ සීරියස් එකත් එයාගෙ සිනමා ජීවිතේ එක කඩයිමක් කියල පේනව..හැබැයි මෙයාගෙ මේ අවුරුද්දෙ ආපු Captain 2023 ෆිලුමට වඩා නම් මේක සුපිරි ඈ.. එතන තර්කයක් නෑ… ඒවගේම Kaithi 2019, Leo 2023 හරහා ජනප්‍රියත්වයට පත් වෙච්ච George Maryan නුත් මේකෙ රංගනයෙක් දායක වෙනව.

ඉතුරු කාස්ට් එක පහලින්..

Arya as Dr. Gautham Subramanian
Divya Pillai as Neha Subramanian, Gautham’s wife
Baby Aazhiya as Maya Subramanian, Gautham’s daughter
Aadukalam Naren as Sakthivel
George Maryan as Peter Pandiyan
John Kokken as Farhan Hameed
Pooja Ramachandran as Happy
V. Jayaprakash as GSR
Thalaivasal Vijay as Jagan

පලවෙනි එපියේ විස්තරේ පොඩ්ඩක් කියන්නම්,

ඩොක්ටර් ගෞතම් සුබ්‍රමනියම් (ආර්යා) එයාගෙ බිරිදයි දුවයි ඒවගේම එයාලගෙ හෙක්ටික් කියන සුනඛයි එක්ක චෙන්නයි ඉදන් තූත්තුකුඩි දක්වා ගමනක් යනව.. මේ යන අතරතුර වාහන තදබදයක් නිසා එයාල යන මාර්ගය වෙනස් කරනව..ඔහොම වෙනස් කරල යන්නෙ “කට්ටියාල්” කියන ගම හරහා.. ඔහොම ටික දුරක් යන කොට හදිස්සියේම ටයර් පැච් එකක් වෙලා වාහනේ නවත්තන්න වෙනව.. අහල පහල කිසිම කෙනෙක් නැති නිසා ගෞතම් එයාගෙ නෝනයි දුවයි වාහනේ තියල උදව්වක් හොයන් පාර දිගේ යනව.. ඔහොම ගියහම හම්බෙන කට්ටියක් මෙයාට කියන ඒ ගමේ යක්කු පෙරේතයො ඉන්නව කියල.. ගෞතම් මේක විශ්වාස කරන්නෙ නෑ.. ඒත් ගෞතම් මෙයාලව විශ්වාස නොකර ආපහු එන අතරෙ මෙයාගෙ දුවටයි නෝනටයි, නොසිතූ දේකට මුහුණ දෙන්න සිද්ද වෙනව..

ඇත්තටම මේ ගමේ අවතාර ඉන්නවද.?
ගෞතම්ගෙ නෝනටයි දුවටයි මොකක් සිද්ද වෙයිද.?
මොකක්ද මේ අභිරහස.?

මේ සේරටම උත්තර දැනගන්න මේ එපිය වගේම අනිත් එපි 5ත් බලන්න කියල ඔයාලට ආදරෙන් ආරාධනා කරනව..
කොමෙන්ට් එකකුත් කොටාගෙනම යං..

හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

5 comments

  1. laKMal
    Cineru_users

    තෑන්ක්ස් ශානා සබට…

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    meka nam niyama series ekak..
    degatama denna shana..

  3. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  4. Chathuranga Madawa

    Kohomd Download krganne

    • Anjula Umesh
      Cineru Family Member

      Video Copy කියන තැනින් ගන්න..VPN on කරගෙන සයිට් එකට එනවනම් Off කරලා එන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login