The title of the page
8.2

Dhootha (2023) E04 Sinhala Subtitle | “අපරාධ වාර්තාව” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම !

ඔන්න මම එනකම් ආසාවෙන් බලා උන්නු අපූරු තෙලිඟු වෙබ් සීරිස් එකකට සිංහල උපසිරැසි අරගෙන තමයි ආවෙ.ඉතින් කතාංග අටකින් සමන්විත මේකෙ හතරවෙනි කොටස තමයි මේ විදියට අරගෙන එන්නෙ.වැඩත් එක්ක බිසී වෙලා ඉන්න අතරෙ සබක් කරන්න ටයිම් එකක් හදාගන්න එක පට්ටම අමාරු වැඩක්.ඒ නිසා තමයි මෙහෙම ගෙනාවෙ.

හරි එහෙනම් බලමු මේ වෙබ් සීරිස් එක ගැන. Dhootha එහෙමත් නැත්නම් “පණිවිඩකරුවා” කියන්නෙ පහුගිය දෙසැම්බර් පලවෙනිදා Amazon Prime Video හරහා නිකුත් වුනු වෙබ් කතා මාලාවක්.මේක කතාංග අටකින් සමන්විත වෙනවා.විනාඩි 40ක වගේ ආසන්න ධාවන කාලයක් තමයි තියෙන්නෙ.මේක Mystery | Thriller ශාරනයට අයත් කතාවක්.ඉතින් ගොඩක්ම මමත් මේක බලන්න ආසාවෙන් හිටියෙ ඒ කාරනව නිසාම වගේම විෂේශයෙන්ම සඳහන් කරන්න ඕන මේකේ අධ්‍යක්ෂකතුමා නිසාමයි කියල ..ඉතින් කතාව සහ අධ්‍යක්ෂණය වික්‍රම් කේ. කුමාර්ගේ.Gangleader , 24 , Hello වගේ ජනප්‍රිය චිත්‍රපට ගොඩක් එතුමා රසිකයන්ට දායාද කරල තියෙනවා.ඒවා ඉතින් බලපු ඔයාලම දන්නව ඇතිනේ කොච්චර අපූරු කතාද කියලා.

ඉතින් ජනප්‍රිය තෙලිඟු නලු නාග චයිතන්‍යා තමයි මෙහි ප්‍රධාන චරිතයට රංගනයෙන් එක් වෙන්නේ.මේ ඔහුගේ පලවෙනි වෙබ් සීරිස් එක.ඊට අමතරව ප්‍රියා භවානිශංකර්, පාර්වතී , රවීන්ද්‍ර විජේ වගේ නලු නිලියන් මේ කතාවේ රංගනයෙන් එක් වෙනවා.

ඉතින් මේ ටික දවස ඇතුලත අතිසාර්ථක රසික ප්‍රතිචාර මේ කතාවට ලැබෙමින් පවතිනවා.ඒක නිසාම මටත් බය නැතුව සබ් එක කරන්න පුළුවන් උනේ.කතාව කම්මැලි නැතුව බලන්න පුළුවන් වෙන නිසා.

කතාව ලාවට මතක් කරන්නම්.සාගර් කියන්නෙ ජනප්‍රිය පුවත් පත් මාධ්‍යවේදීයෙක් ඉතින් මෙයා කලබල වෙලා තමන්ගෙ බිරිඳට මැසේජ් වගයක් යවනව එයාට දෙයක් කියන්න තියෙනවා..මට සමාවෙන්න කියල.ඔය අස්සෙ එයාගෙ ෆෝන් එකේ බැට්‍රි බහිනව.මේ සිද්දිය වෙන්න දවස් හයකට කලින් සිදුවීමක් තමයි ඊලගට පෙනන්නෙ.

ඉතින් මම විස්තරාත්මක කියන්න ඕන නෑ.කුතුහලය ඒ විදියටම තියන් ඔයාලට බලන්න පුළුවන් එතකොට.එහෙනම් හමුවෙමු මීලග කොටසින්.

” දැන් ඉදන් ඒක ඔයාව දඩයම් කරයි..
මේ වගේ පත්තර කෑලි ඔයාව හොයාගෙන එයි..
ඔයා ආදරේ කරන අය..ඔයා කැමති අය…
ඔයාව ආශ්‍රය කරන හැම කෙනාවම..
ඒක අතිශය දරුනු විදියට මරල දායි…”

සැ:යු – වීඩියෝ පිටපත් භාෂා කීපයකින් ඇති නිසා නරඹන විට අදාල ප්ලේයර් එකෙන් ඕඩියෝ එක තෙලිඟු භාෂාවට මාරු කරගන්න.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

3 comments

  1. සබ් එකට ස්තූතියී…ඒත් සබ් එක එන්න ගොඩක් පරක්කුයි නේද…අනිත් සයිට් වල ep6ට යනකන් සබ් දාලා තියෙනවා දැක්කා….

    • Madushan Priyankara
      Cineru Family Member

      මේ සතියෙම මේක ඉවර කරනව .. මම වැඩ කරන අස්සෙන් කරන නිසා ලොකු වෙලාවක් නෑ මට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි මදු සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login