The title of the page
Ghoomer (2023) Sinhala Subtitles
Ghoomer (2023) Sinhala Subtitles
7
70
64

Ghoomer (2023) Sinhala Subtitles | දඟ පන්දු යවන්නිය | සිංහල උපසිරැසි සමඟ

(Ghoomer (2023) Sinhala Subtitles) (Ghoomer (2023) Sinhala Sub) (Ghoomer Sinhala Subtitles) (Ghoomer Sinhala Sub)

සුභ දවසක් වේවා අපේ සිනෙරූ වාසී හැමෝටම 😌♥️ ඔන්න අද අරන් ආවේ මේ අවුරුද්දේ රිලීස් වෙච්ච Sports / Drama කැටගරි එකට අයත් වෙන හින්දි ෆිලුමක්.. Ott රිලීස් වෙලා නම් ටිකක් දවස්.. ෆිල්ම් එක හොද නිසා අරන් ආව පරක්කු වෙලා හරි…

මේ ෆිලුම අධ්‍යක්ෂණය කරන්නෙ R. Balki කියන අධ්‍යක්ෂකවරයා..ඒවගේම අධ්‍යක්ෂණය, නිෂ්පාදනය සහ කතාව 3ම මෙයාගෙ.. තව මෙයාගේ මාරම ස්ටෝරි ෆිල්ම් සෙට් එකක් තියෙන්නේ..
ඔයාලා අනිවාර්යෙන් මෙයාගේ එක ෆිල්ම් එකක්වත් බලලා ඇති කියලා හිතෙනවා..පහලින් දාන්නම් ෆිල්ම් සෙට් එක..

Shamitabh 2015 – Amitabh Bachchan & Dhanush / Director , Producer & Writer
Ki & Ka 2016 – Kareena Kapoor Khan & Arjun Kapoor / Director , Producer & Writer
Pad Man 2018 – Akshay Kumar / Director , Producer & Writer
Mission Mangal 2019 – Akshay Kumar / Writer
Chup 2022 – Sunny Deol & Dulquer Salman / Director , Producer & Writer
Lust Stories 2 2023 – Various / Director & Writer
Ghoomer 2023 – Saiyami Kher & Abhishek Bachchan / Director , Producer & Writer

මේ ෆිල්ම් සෙට් එක බලපුවම අපිට කෙලින්ම කියන්න පුළුවන් මෙයා Content එකට මුල් තැන දීලා ෆිල්ම් කරන කෙනෙක් කියලා..

ඔව් මේ හැම ෆිල්ම් එකකම එකින් එකට මාරම ස්ටෝරි සෙට් එකක් තියෙනවා.. ඒවගේම මේ Ghoomer ෆිල්ම් එකත් මං මේ අවුරුද්දේ බලපු හොදම ෆිල්ම් එකක් කියලා සැක නැතුව කියන්න පුළුවන් ❤️

Saiyami Kher සහ Abhishek Bachchan.. අපේ බච්චන් කොලුවගෙ ෆිලුමක් ආවෙත් කාලෙකින්නෙ.. හැබැයි මේක ලොකු බ්ලොක්බාස්ටර් නොවුනට වැඩේ හෙන කොලිටියට තිබ්බා.. අභිශේක් එයාගෙ පැත්තෙන් ලොකු සාධාරණයක් කලා කියල මම හිතනව…එතකොට Saiyami නම් පොඩ්ඩක් කට්ටියට හුරු නැතුව ඇති… හැබැයි අතක් නැතුව රගපාන ඒ සීන්ස් ටික ඇත්තටම අතක් නැති කෙනෙක් රගපානව වගේ පේන මට්ටමටම තිබුණා.. බොරු කියන්න ඕන නෑනෙ මරු! ආ තව කියන්න ඕනෙ මේකෙ අමිතාබ් බච්චන් කැමියෝ එකකට ඉන්නවා.. ඒ ක්‍රිකට් විස්තර විචාරකයෙකුගේ චරිතයෙන්.. ඒකත් බලන්නකො ඔයාලම.. අනික් කාස්ට් එක පහලින්ම දාන්නම්..

Cast
Shabana Azmi as Anina’s grandmother
Abhishek Bachchan as Padam “Paddy” Singh Sodhi
Saiyami Kher as Anina “Ani” Dixit
Angad Bedi as Jeet, Anina’s boyfriend
Shivendra Singh Dungarpur as Anina’s father
Akshay Joshi as Anina’s brother Tishu
Piyush Raina as Anina’s brother Anuj

ෆිලුම සම්පූර්ණ දුවන්නෙ ක්‍රිකට් මත.. ඉන්දියන් ක්‍රිකට් කණ්ඩායමට තේරිලා ඉන්න අනීනා කියන ගැහැණු ලමායාගේ අත හදිස්සි අනතුරක් නිසා ඇගෙන් අයින් කරන්න වෙනව.. ඒත් මෙයාගෙ ක්‍රිකට් හීනෙ එහෙම්මම තියෙනව..හැබැයි එකපාරටම අනීනා ගාවට එන, පැඩී කියන කෝච් එයාගෙ කැමැත්තෙන්ම මෙයාට තනි අතින් දඟ පන්දු යවන්න පුහුණු කරනව.. ඒ විතරක් නෙවෙයි පුහුණු කරල මෙයාව ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමටත් ඇතුලත් කරනව..

තනි අතින් දඟ පන්දු යවල මෙයාට ඉන්දියාව දිනවන්න පුලුවන් වෙයිද.?

මේ හදිස්සි අනතුර සිද්ද උනේ කාගෙ වරදින්ද.?

එතකොට ඇයි මේ පැඩී කියන කෝච් හදිස්සියේම අනීනට උදව් කරන්න ඉදිරිපත් වෙන්නෙ.?

මේ සේරටම උත්තර දැනගන්නත් එක්ක ෆිලුම බලන්න කියල ඔයාලට ආදරෙන් ආරාධනා කරනව..අදට ගිහින් එන්නම්.. හැමෝටම බුදුසරණයි! දෙවිපිහිටයි!

සිනෙරූ එක්කම ඉන්න.. අලුත්ම ෆිල්ම්ස් බලන්න!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Fukrey 3 movie eka dannako

  3. Lucky man
    Kick
    Fukrey 3
    Raththam
    Khatra dangerous movies dannako

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login