The title of the page
The Third Way of Love (2015) Sinhala Subtitles
The Third Way of Love (2015) Sinhala Subtitles
5.2
91

The Third Way of Love (2015) Sinhala Subtitles | ආදරය කොටස් තුනකට බෙදුවොත්… |සිංහල උපසිරැසි සමග| (18+)

IMDb – 5.1/10

Google users rate -92%

Box Office – 11.27 Million ($)

 (The Third Way of Love (2015) Sinhala Subtitles)

(ලිංගිකත්වය සම්බන්ද රූප රාමු කිහිපයක් අන්තර්ගත නිසා පවුලේ සැමට නරබන්න හැකියාවක් නෑ)

අද මං සිංහල උපසිරැසි අරන් ආවේ චීන සලරුවකට.ඔයාලා හැමෝම බලන්න ඇතිනේ Mulan (2020) චිත්‍රපටය, ඒකෙ මුලාන්ගේ චරිතය නිරුපනය කරන සුරූපී Liu Yifei ට ගොඩක් දෙනා පිස්සු වැටුනා කියලා ආරංචියි.

මේකත් Liu Yifei රංගනයෙන් දායක වුණු චීන චිත්‍රපටයක්‌.මේක Romance/Drama ශානරයට අයත් චිත්‍රපටයක්. ඒ වගේම මේ චිත්‍රපටයනම් ජාති භේද, භාෂා භේද, ලිංග භේද, එකිනෙකාගේ චිත්‍රපට මතවාද,හින්දි, තෙලිගු විතරයි බලන්නේ කියන කතන්දර පැත්තකට දාලා මේක බලන්න කියලා මතක්‌ කරනවා, ආයේ මේ වගේ චිත්‍රපටයක් නරබන්න හම්බවෙයිද දන්නේ නෑ හොඳේ. මොකද මේක හරිම ලස්සන කතාවක්‌..

මේකේ නම් ගම් එහෙම අපේ භාෂාවෙන් ශබ්ද වෙන විදියට දෙන්න ඒ ආකාරයෙන්ම මට බැරි වෙලා ඇති.මොකද චීන නම් අනේ මන්දා හෙන අමාරුයි කියවගන්න 🤭 හිතන්නකෝ Z අකුරෙන් X/Q වගේ අකුරුවලින් පටන් ගන්න නම් ගැන, ඒ මදිවට එයාල ඒ අකුරු  උච්චාරණය කරන්නේ වෙනස් විදියකට.

කතාව ගැන කිව්වොත්,

Zou Yu /” සූ යූ” (Liu Yifei) කියන්නේ විවිධ ආයතන වලට නීතිමය උපදේස් දෙන නීතිඥවරියක්‌.ඒ වගේම ඇය එක් වරක් විවාහ වී දික්කසාද වූ අයෙක්. වැලන්ටයින් දිනයක  තම දික්කසාදයේ අවසන් තීරණයත් නීතියෙන් රැගෙන මහා හඩින් හඬ හඬා ෆ්ලයිට් එකට ගොඩ වෙන Zou Yu හට ළග ආසනයේ හිටිය පෝසත්, ව්‍යාපාරික තරුණයෙක් වුණු(Song Seung Heon)ටිෂු කිහිපයක් ලබා දෙන්නේ ඇයගේ කදුළු පිසදා ගැනීමටයි.

නිවසට ආ විගස Zou Yu හට දකින්නට ලැබෙන්නේ නොලැබෙන ප්‍රේමයක් ගැන විදවමින් දිවි නසාගැනීමට උත්සහ කරන ඇයගේ නැගණියයි.හේතුව හොයද්දි ඒ Zou Yue/”ෂියෝ යූඒ (Meng Jia) රැකියාව කරන ස්ථානයේ සභාපති වූ Lin Qizheng නම් තරුණයා සමග තිබුණු ප්‍රශ්නයක් බව හොයාගන්න ලැබෙනවා. සල්ලිකාර ව්‍යාපාරකයෙක්ගේ රැවටීමකට ලක්‌ වී නැගණිය දුක් විදිනවා යැයි සිතා Mr. Lin ව හමුවෙන්න Zou Yu තමන්ගේ නැගණිය වෙනුවෙන් යනවා.Zou Yu ගේ දෛවයේ මේ Lin Qizheng කියන තරුණයාගේ හමුවීම ලියවී තිබෙන බව ඇය හිතන්නවත් නැතුව ඇති…

ඉදිරියට සිදුවෙන්නේ මොනවාද කියලා බලන්න නම් චිත්‍රපටිය බලලා ඉන්න.නැත්නම් මේකේ කුතුහලයත් නැතුව යනවා.

ප්‍රධාන චරිත සමග Jessie Chiang, Eddy Ou වැනි රංගන ශිල්පි/ශිල්පිනියන් කිහිප දෙනෙක්ද රංගනයෙන් දායක වෙලා තියෙනවා. John H. Lee තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.ඒ වගේම මේ චිත්‍රපටයේ එන “Angel Eyes” ගීතයත් සෑහෙන්න ජනප්‍රිය වෙලා තියෙනවා.

“ආදරය කොටස් තුනකට බෙදල පෙන්නන්න,

එක..  අඩන ගෑණු කෙනෙක් , දෙක….  ටිෂු දෙන මනුස්සයෙක්, තුන…… තුන…….”

ආදරය ලබන්නත්, ආදරය විදින්නත්, ආදරය රැකගන්නත් වාසනාව හා ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ඔබ සැම දෙනාටම!

විසූ රාජපක්ෂ(ක්ලෙමන්ටයින්)

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

11 comments

  1. බොහොම ස්තූතියි ඉල්ලිම ඉශ්ට කලාට ❤ දිගටම සබ් දෙමූ

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    අයියෝ මෙහෙම සබ් දෙද්දී අපි බලන්නේ කොහොමෙයි? සබ් ගහන්නත් තියෙයි. ඒත් බලනවා කොහොමහරි. ස්තූතියි

  3. Thanks jayawewa…..!

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට
    Love (2015), Mulan: Rise of A Warrior (2009)
    මේවට සබ් කරන්න පුළුවන් නම්

  5. MMovie aka download karanne kohomada bn

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤

    Mulan: Rise of a Warrior 2009 එකටත් පුලුවන්නම් සබ් දෙන්න💙

  8. Thanks for sub!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login