The title of the page
7.2

Anaganaga O Athidhi (2020) Sinhala Subtitles | ආශාව නම් ගිනි දැල් | සිංහල උපසිරැසි සමඟ

(Anaganaga O Athidhi (2020) Sinhala Subtitles) ආයුබෝවන් යාලුවො හැමෝටම..ඊයේ රෑ AHA Video වෙතින් අන්තර්ජාලයට එක් වුනු අලුත්ම තෙලිඟු චිත්‍රපටයේ සිංහල උපසිරැසි අරගෙන තමයි මම වෙබ් අඩවියට ගොඩ වුනේ.

එහෙනම් හැරෙමු ෆිල්ම් එක පැත්තට.නොවැම්බර් 13 වෙනිදා ඩිජිටල් රිලීස් එක කරන්න තිබුනත් මේ ෆිල්ම් එක පස්සෙ නොවැම්බර් 20 වෙනකම් කල් ගියා.ඉතින් මෙකත් තියටර් නොවැටි කෙලින්ම අන්තර්ජාලයට ඔර්ජිනල් පිටපත් නිකුත් කරපු චිත්‍රපටයක්.

Anaganaga O Athidhi [ ” එකමත් එක අමුත්තෙක් ” ] මේ චිත්‍රපටය තෙලිඟු සිනමාවට එන්නෙ ” Aa Karaala Ratri ” කියන කන්නඩ චිත්‍රපටයෙ ප්‍රතිනිර්මාණයක් විදියට.ඒ වගේම පැය 1 යි මිනිත්තු 38 ක වගේ ධාවන කාලයක් තමා මේ චිත්‍රපටයෙ තියෙන්නෙ. මෙය Dayal Padmanbhan ගේ අධ්‍යක්ශණයක් වන අතර තෙලිඟු සිනමාවේ මෑතකාලීන ප්‍රසිද්ධ නිලියක් වුනු Payal Rajput සහ Chaitanya Krishna, Veena Sunder, Ananda Chakrapani යන අය මෙහි රංගනයෙන් එක්වෙනවා.

කතාව පොඩ්ඩක් මතක් කලොත් මල්ලිකා කියන්නෙ ගමේ ඉන්න දගකාර කෙල්ලෙක්.එයා අම්මයි තාත්තයි එක්ක තමා ජීවත් වෙන්නෙ තාම විවාහ වෙලා නෑ.මේ පිටිසර ගමට එන නාදුනන අමුත්තෙක් නිසා තමයි මේ කතාව සම්පූර්ණයෙන් වෙනස් වෙන්නෙ.

ඉතින් සම්පූර්ණ කතාව දැනගන්න මේ ත්‍රිලර් තෙලිඟු චිත්‍රපටය ඔයාලට අරගෙන බලන්නම වෙනව.එහෙනම් මම ගිහින් එන්නම් තවත් උපසිරැසියක් අරගෙන ආයෙම එන බලාපොරොත්තුවෙන්..

වානරයෙක් මානවයෙක් වෙන්න හේතු වුනේ
ඔහු තුල තිබ්බ ගින්න..
කුසගින්න නිවා දැමීමට ගින්න දල්වමින්…
පහනක් බවට පත් කර…
ආලෝකය පෙන්නවන්න ඕන මිනිස්සු…
ආශාවේ ගින්න දල්වමින්…
තමන් තුල වූ ගින්න..ඇවිලෙන ගින්නක් බවට පත් කලා…
රාගය, කෝපය, ලෝභකම , උඩඟුකම සහ
ඊර්ශ්‍යාව යන හැඟීම් දැල්ල දල්වමින් …
තමන්වම අලු බවට පත් කරගත්තා…

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

8 comments

  1. Black Addem
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි 😘
    😘
    මේ තරම් ඉක්මන්ට උපසිරැසි දෙන වෙන කවුරුත් නෑ 😍
    බොහොම ස්තූතියි 🙂

  2. thank sinhla sube ekata (rugged kannada 2019) film ekatath sube dannako. jayawewa

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    අඩේ මේ නිලිය ඉන්න ෆිලුමක් නම් අතාරින්නේ නෑ. සුපිරි බං. පට්ටම ස්තූතියි මද්දෝ

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බං

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤

  7. චානක තිලංක

    ෂා ෂා නියමයි නියමයි සුපිරියකට සබ දීලා තියෙන්නේ සබ නම් මරු සහෝ පට්ට හොදේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login