The title of the page
The Super Mario Bros Movie Sinhala Subtitle
The Super Mario Bros Movie Sinhala Subtitle
7.4
59
97

The Super Mario Bros. Movie (2023) Sinhala Subtitles | “මාරියෝ සහෝදරයන්ගේ වික්‍රම” | සිංහල උපසිරැසි සමඟ

(The Super Mario Bros. Movie (2023) Sinhala Subtitles) (The Super Mario Bros. Movie Sinhala Subtitle) (The Super Mario Bros Movie Sinhala Subtitle) (The Super Mario Sinhala Subtitle) (Super Mario Sinhala Subtitle)


අද මං ඔයාලට අරගෙන ආවේ අලුතින්ම දැන් ටිකකට කලින් නිකුත්වුණ Animattion ෆිල්ම් එක The Super Mario Bros (2023)..වෙනදා වගේම කැම් පිටපතට උපසිරැසි කරගෙන හිටිය නිසයි  ඉක්මනින් දෙන්න පුලුවන් වුණේ. මේක කීවේ නැත්නම් සමහර අය කියනවනේ ආපු ගමන් දුන්නේ ගූගල් ට්‍රාන්ස්ලේට් කරලා කියලා..හරි අපි දැන් ලිපියට යමුකෝ..

The Super Mario Bros. Movie 2023 Wallpapers - Top Free The Super Mario Bros. Movie 2023 Backgrounds - WallpaperAccess

The Super Mario Bros කියන්නේ සුප්‍රසිද්ධ ජපන් වීඩියෝ ක්‍රීඩා නිර්මාණය කරන Nintendo ආයතනයෙන් නිර්මාණය කරපු Mario වීඩියෝ ක්‍රීඩාව පාදක කරගෙන Illumination, Universal Pictures, සහ Nintendo ආයතන 3ම සම්බන්ධවෙලා නිර්මාණය කරපු ඇමරිකානු පරිගණක සජීවිකරණ චිත්‍රපටයක්. අතිසාර්ථකව ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගත වුණ මේ ෆිල්ම් එක ලොව පුරා ආරම්භක සති අන්තයේ වැඩිම ආදායමක් උපයාගත් පරිගණක සජීවිකරණ චිත්‍රපටය වගේම වීඩියෝ ක්‍රීඩාවක් මත පදනම් වුණ චිත්‍රපටය කියන බොක්ස් ඔෆිස් වාර්තා 2ම පිහිටුවන්න සමත්වුණා.

ඒ වගේම මේක පළවෙනි Super Mario Bros චිත්‍රපටිය නෙවෙයි. මීට කලින් 1993දී චිත්‍රපටයක් නිර්මාණය වුණත් ඒක විවේචන වලට භාජනය වෙලා වාණිජමය විදිහට අසාර්ථක වුණා. ඒකෙන් පස්සේ ආයෙත් චිත්‍රපටයක් ගැන හිතන එක නවත්තලා ආපහු වීඩියෝ ක්‍රීඩා නිර්මාණයට Nintendo ආයතනය කල්පනා කළා. ආයෙත් Mario චිත්‍රපටයක් ගැන කරළියට එන්නේ 2016දී. ඒ Illumination හි නිර්මාතෘ Chris Meledandri සමඟ තිබ්බ සාකච්ජාවකට පස්සේ. එහෙම තමයි මේ චිත්‍රපටයට පාර කැපුණේ.

ෆිල්ම් එකට හඬ දායකත්වය දෙන්නේ Chris Pratt, Anya Taylor-Joy, Charlie Day, Jack Black, Keegan-Michael Key, Seth Rogen, and Fred Armisen ඇතුළු දක්ෂ ශිල්පීන් පිරිසක්.

හරි අපි දැන් දැන් ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ.

මාරියෝ සහ ලුයිජී කියන්නේ ඇමෙරිකානු-ඉතාලි ජලනල කාර්මිකයෝ දෙන්නේක්. දෙන්නාව නළයක් හරහා වෙන ලෝකයකට වැටෙනවා. ඒ බිම්මල් රාජධානියට. ඒක පාලනය කරන්නේ පීච් කුමරිය. එතකොට කූපාස් කියන අඳුරු දේශය පාලනය කරන බවුසර් කියන දුෂ්ට ඉබ්බා බිම්මල් රාජධානිය විනාශ කරන්න තමන්ගේ හමුදාවත් එක්ක එනවා. තව මාරියෝයි ලුයිජීයි නළයෙන් වැටෙනකොට මාරියෝ බිම්මල් රාජධානියට වැටුණට ලුයිජි වැටෙන්නේ අඳුරු දේශයට. ඉතින් ලුයිජිවත් බේරගෙන බිම්මල් රාජධානියත් බේරගන්න මාරියෝයි පීච් කුමරියයි ඇතුලු පිරිස කරන සටන ගැන තමා මේ කතාව දිග හැරෙන්නේ.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත කීපයක් පහළින් දාන්නම්.

මාරියෝ

ලුයිජි

පීච් කුමරිය

බවුසර්

ඩොංකි කොංග්

ටෝඩ්

එහෙනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ෆිල්ම් එක බලලා රසවිදින්න කියලා ඉල්ලනවා. එහෙනම් ආයෙත් ඉක්මනින්ම හමුවෙමු.

ඔයාලට ජයවේවා !!

~ උපසිරසිකරණය නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

20 comments

  1. Me web ekada nathtma hdtc copyda link eke tynne web copyane

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුපුන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. supiri movie eka ilagata Tom Sawyer 2011 dennako please

  4. Black knight ekata sub dennko

  5. The Night Agent sinhala sub dennako

  6. උපසිරැසිය නවතම Original WEB පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත.

  7. The mother 2023. Sub dennako

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    The Mother (2023)

  9. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  10. Ruchira Lakmal

    Thanks for the sub!!!!!

  11. Arawinda Sunimal

    thanks sub ekata

  12. දුමිඳු නුවන්

    බොහොම අපූරුවට උපසිරැසි ටික ගැලපුණා,
    CINERU කණ්ඩායමට ගොඩක් ස්තුතියි.
    ජයෙන් ජයම වේවා !!!

  13. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Aluth PSA web copy ekata
    update karanawada saho …..

  14. Ela bro thanks

  15. හිරාන් ශාරංග

    උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි
    ජයවේවා…

  16. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

  17. Katha 2 na supiri film eka.. Godk mahsni wela sub ek gent tibba wagema cineru.lk team ektt godk pin

  18. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  19. සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login