The title of the page
The Rising Hawk 2019 Sinhala Sub
The Rising Hawk 2019 Sinhala Sub
7
92

The Rising Hawk (2019) Sinhala Subtitles | දඩයක්කරුවන්ගේ සංග්‍රාමය | සිංහල උපසිරැසි සමග

ආයුබෝවන් ආදරණීය යාලුවො හැමෝටම..ඔන්න මම තවත් අපූරු චිත්‍රපටියක සිංහල උපසිරැසි අරගෙන ආව ඔයාලව හම්බවෙන්න.ඉතින් මේ ටිකේ චිත්‍රපටිය කර්මාන්තයත් පසු බෑමකට ලක්වෙලා තියෙන නිසා නිකුත් වෙන චිත්‍රපටිත් ගොඩක් අඩුවෙලා තියෙනවා.මේක 2019 ඔක්තෝබර් 19 නිකුත් වුනු චිත්‍රපටියක්.(The Rising Hawk 2019 Sinhala Sub)

ඉතින් චිත්‍රපටිය ගැන කතා කරන්න කලින් විශේෂයෙන්ම දෙයක් කියන්න ඕන..මේ චිත්‍රපටියට දීල තිබුනු ඉංග්‍රීසි උපසිරැසියේ කාලරාමුවල වගේම සබ් එකේත් ගොඩක් වැරදි තිබුනා..ඉතින් මම උපරිමෙන් ඒවත් නිවැරදි කරමින් තමා උපසිරැසිය කලේ.ඉතින් සුලු සුලු වැරදි තිබ්බොත් සමාවෙන්න.

හරි..මේ චිත්‍රපටිය ගැන කතා කරනකොට මේක ඇවිත් යුක්‍රේනියානු සහ ඇමරිකානු ඓතිහාසික ක්‍රියාදාම චිත්‍රපටයක්..මේ චිත්‍රපටියට පාදක කරගෙන තියෙන්නේIvan Franko ” කියන ලේඛකයා විසින් රචනා කල “Zakhar Berkut” කියන ඓතිහාසික ප්‍රබන්ධ ග්‍රන්ථය.ඒ අනුව මේ  චිත්‍රපටිය තුල ඉංග්‍රීසි භාශාව වගේම යුක්‍රේනියානු භාශාවත් ඇතුලත් වෙනවා.IMDB දර්ශකය තුල 7 ක අගයකුත් , ගූගල් පරිශීලකයන්ගෙ 92%ක මනාපයකුත් මේ සඳාහා හිමිවෙලා තියෙනවා. Akhtem Seitablayev, John Wynn යන අධ්‍යක්ෂකවරුන් දෙදෙනා විසින් තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ.

Alex MacNicoll (මැක්සිම්) විසින් ප්‍රධාන නලුවා ලෙසත් Poppy Drayton (මයිරෝ) ප්‍රධාන නිලිය ලෙසිනුත් රංගනයෙන් දායක වෙනවා.

කතාව පොඩ්ඩක් මතක් කලොත් මෙහෙමයි.

මැක්සිම් කියන්නෙ තමන්ගේ සහෝදරයයි, අම්මයි තාත්තයි හැමෝම එක්ක ගමේ ජීවත් වෙන කෙනෙක්.ටුගර් කියන්නෙ මේ හැමෝගෙම පාලකයා විදියට එයාල අතරින්ම පත්වුනු කෙනෙක්..මයිරෝ කියන්නෙ එයාගෙ හුරුබුහුටි දුව.මේ ටුගර් බලය ඉහට ගහපු කෙනෙක් මැක්සිම්ගේ ගම ගැනවත් බලන්නෑ වගේම මෙයාගෙ පාලනය ඒ හැමෝටම කරදරයක් වෙලා තියෙන්නෙ.ඉතින් මැක්සිම්ගේ තාත්තා එයාට කියනව අයිය එක්ක ගිහින් මේ ටුගර් ගම් සභාවට එක්කරගෙන එන්න කියල. මේ ගැන කතා කරගන්න.ඒ අතරෙම මෙයාට එක සිද්දියක් හින්දා මයිරෝවත් හම්බෙනව..තවත් පැත්තකින් මොංගෝලියානුවන් මෙයාලව ආක්‍රමණය කරන්නත් බලාගෙන ඉන්නෙ..ඉතින් ලොකු ඛේදවාචකයකට මෙයාලට මුහුණ දෙන්න වෙනව වැඩි කාලයක් යන්න කලින්..

මීට වඩානම් කියන්න බෑ කතාවනම් නියම විදියට ගලාගෙන යනවා.හැමදේම දැනගන්න රසවිදින්න ඔයාලට ආරාධනා කරනවා මේ චිත්‍රපටිය අරගෙනම බලන්න කියලා.එහෙනම් මම ගිහින් එන්නම් ආයෙම තවත් උපසිරැසියක් අරගෙන.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

3 comments

  1. බලාපොරොත්තුවෙන් හිටපු සබ් එකක් 😊💖
    බෙහෙවින්ම ස්තූතියි සහෝ! ජය වේවා! ✌😙❤

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login