The title of the page
Superman Shazam The Return of Black Adam 2010 Sinhala Sub
Superman Shazam The Return of Black Adam 2010 Sinhala Sub
7.1
81

Superman Shazam The Return of Black Adam (2010) Sinhala Subtitles කැප්ටන් මා(ර්)වල්?| සිංහල උපසිරැසි සමග

කොහොමද කට්ටියට? කොරෝනාත් ඉවරවෙනවා. අපි හැමෝම ආපහු කාර්‍යබහුල වේවි. ඒ මොන මොනවා උනත් සිනෙරූ අපි දිගටම සිංහල උපසිරැසි ලබා දේවි. හරිනේ? මෙහෙම පටන් ගන්නම් මං, අපේ ටීවී සීරීස් එකට කලින් මං ගේන අවසාන සබ් එක තමයි මේක. ඊට පස්සේ සතියට දෙපාරක් එනවා සුපිරි ටීවී සීරීස් එකත් එක්ක. ෆිල්ම් කෙරුවාව පොඩි කාලකට අඩු වේවි. අපේ සමිත සහෝ එක්ක කතා කරලා සතියට එපිසෝඩ් තුනක් ගේන්න බලන්නම්කෝ.(Superman Shazam The Return of Black Adam 2010 Sinhala Sub)

එහෙනම් සමිත රමේශ් සහෝට, මගේ ආදරණීය බිරිඳට, මගේ චුට්ටන් පුතණ්ඩියට බොහෝම පිං මේකට මට උදව් කරනවාට. මේ සබ් කෙරුවාව නිකන් විශ්ව විද්‍යාලයක් වගේ. මාර දේවල් අපිට අහුවෙනවා. ලොකු දැනුමක් ලැබෙනවා. ඉතින් අද මම මේ දාපු නම ගැන කලබල වෙන්න එපා. පොඩි විස්තරයක් කියන්නම්කෝ මං. අපි දන්නවානේ, මාවල් සහ ඩීසී දෙගොල්ලෝ අතර පොඩි තරඟයක් තියෙනවා. හැබැයි චරිත මතුකිරීමෙන් ඉදිරියෙන්ම ඉන්නේ මාවල් කියලා මම හිතනවා. හැම දෙයක්ම නියමෙටම ගැලපෙන්න හදනවා. බැට්මැන් හැර අනෙක් ඩීසී වීරයෝ එච්චර සාර්තක නෑ මාවල් අය එක්ක බලද්දී. හැබැයි මාවල් ලා කරන ගොඩක් චරිතවල මුල්ම නිර්මාණකරුවෝ තමයි ඩීසී කොමික්ලා. ඔයාලා බලලා ඇතිනේ අර කැප්ටන් මාවල් කියලා තියෙන ෆිලුම.

ඉතින් ඊට කලින් කැප්ටන් මාවල් උනේ මේ ශසෑම් තමයි. ඩීසී අය අතින් වෙච්ච අතපසුවීම් නිසා කැප්ටන් මාවල් කියලා නීත්‍යානුකූල අයිතිය මාවල් අය ගත්තා. ඉතින් අපේ ඩීසී කට්ටිය නම පොඩ්ඩක් වෙනස් කරලා මෙයාව ශසෑම් කියලා නම් කලා. ඩීසී විශ්වයේ බලවත්ම කෙනා කවුද කියලා ඇහුවොත් හැමෝම කියාවි “සුපර්මෑන්” කියලා. හැබැයි දුකින් උනත් කියන්න වෙනවා මේ ශසෑම් තමයි බලවත්ම කෙනා. මේ තියෙන කතාව “ශසෑම් 02” ෆිලුමට සම්බන්ද එකක්. මේක රේටින්වල ඉහලම තියෙන එකක්. අපේ චානක තිලංක හාදයා එක්ක ඉක්මනින් මේ ඩීසී ශොව්කේස් එක ඉවරකරන්නයි මේ හදන්නේ. කොහොම උනත් ඊලඟට මම එන්නේ ටීවි සීරීස් එක අරගෙනමයි. ඩේටාවලට කිලෝබයිට් 50ක් විතර වැය කරන්න ලෝබ නැති අය කමෙන්ට් එකක් දාන්න. ඒක තමයි අපේ හයිය. අපේ සිනෙරූ එක ඔයාලගේ ගෲප්වල ශෙයාර් කරන්න. ෆේස්බුක් එකේ අපිව ලයික් කරන්න. උපසිරැසිය බාගෙන ෆිලුමත් සතුටින් බලන්න එහෙනම් කට්ටිය. හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

11 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..

  2. සුපිරියි! 😍 thanks සහෝ!
    තවත් සුපිරි ඇනිමේෂන් ඕනේ ජය වේවා! ✊❤
    StarDog and TurboCat (2019)

    • Chanaka thilanka

      නියමයි සහෝ තව ඇනිමේශන් ෆිල්ම් වලට සබ් අරගෙන එන්න ඉදිරි වැඩ කටයුතු වලට ජයවේවා!!!

  3. උදාර සජී

    මේක නම් නියමයි බ්‍රෝ. කොහේවත් සිංහල සබ් නෑ මේකට. එල හොඳේ

  4. elama aiye, digatama sub dhenna

  5. Thanks saho sub ekata
    Digatama yamu jayaweva. 🙏🙏

  6. සබ් නම් සිනෙරු තමයි. #keep it up

  7. ayiye young justice s3 sub eka dennako

  8. Thans brooo❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login