The title of the page
The Lord of the Rings: The Rings of Power (2022) E02 Sinhala Subtitles
The Lord of the Rings: The Rings of Power (2022) E02 Sinhala Subtitles
6.2
83
67

The Lord of the Rings: The Rings of Power (2022) E02 Sinhala Subtitles | “ඉලක්කයක් නොමැති පාවීම” | සිංහල උපසිරැසි සමඟ

 බල මුදුවේ කතන්දරය 

පොඩිකාලේ ඉදන්ම බලන කතාවක් තමයි The Lord Of The Rings කියන්නේ 🥺. හැබැයි Lord Of The Ring කියන්නේ අපි දන්න පුංචිම පුංචි කතාවක් විතරයි. මේ අස්සේ අපි නොදන්න රසකතා ගොඩක් තියෙනවා. ඉතින් අද නිකුත් වුනා ලොකේ වැඩිම වියදමක් දරලා හදන කතාමාලාවේ පලමු සහ දෙවන කොටස. ඒ තමයි Lord Of The Ring කතාවට පෙර සිද්ධි මත ගොඩනැගෙන The Ring Of Power කතාමාලාව .

The Lord Of The Rings කතාවට කලින් වුන සිද්ධි බොහොමයක් තියෙනවා. මෙතන ඉදන් වුන සිද්ධි බොහොම කෙටියෙන් බලාගෙන යමු . අපි බලපු Lord OF The Ring කතාවට බොහෝ කාලෙකට ඉස්සෙල්ලා තමයි මේ කතාව ඇත්තටම ආරම්භ වෙන්නේ . ඒ කියන්නේ මේ කතාව ආරම්භ වෙන්නේ විශ්වය ආරම්භයත් එක්ක…..

ඉස්සෙල්ලම විශ්වයේ ඉදලා තියෙන්නේ තනි ජිවියෙක් විතරයි. ඔහුව අපි හදුන්වනවා ඉරු ඉලුවටර් ( Eru Illuvatar ) කියලා. ඉතින් කාලයත් එක්ක තනියම ඉන්නකොට ඕනකෙනෙක්ට එපාවෙනවනේ. ඉතින් ඉරුට ඕන වුනා තවත් ජිවින් හදන්න. ඒකට ඔහු උපයෝගි කරගත්තේ ” ජිවයේ ගිනිදැල් ” කියන ශක්තිය. ඔහු ඒ ශක්තියෙන් හදනවා එයිනුර් ( Ainur ) කියලා ජිවින් පිරිසක් . ඉරු මේ ජිවින් නිර්මාණය කරනකොට ඔහුගේ සමහර බලයන්  ඔවුන්ට ලබාදුන්නා. මේ එයිනුර් කියන ජිවින්⁣ට සත්‍ය ශරිරයක් නැ. ඔවුන්ට අවශ්‍ය නම් පමණක් ශරිරයක් නිර්මාණය කරගන්න හැකියාව තියෙනවා.  ඉතින් ඉරු විසින් නිර්මාණය කරපු එයිනුර් ලෙස හදුන්වන ජිවින් අතරින් අනෙක් ජිවින්ට වඩා බලසම්පන්න එයිනුර් ජිවියෙක් හිටියා. ඔහුගේ නම ” මොර්ගොත් ” කියලා හදුන්වනවා ( මොර්ගොත්ගේ මුලින් හැදින්වුව නම මැල්කෝර්ර්  ) 

බලය නිසා ඕන කෙනෙක් ටිකක් උමතු වෙනවනේ. ඉතින් මොර්ගොත්ටත් අවශ්‍ය වෙනවා ඉරු කලා වගේ අලුත් ජිවින් නිර්මාණය කරන්න. ඉතින් ඔහුට ඒකට අවශ්‍ය වෙනවා ” ජිවයේ ගිනිදැල්ල ” කියන එක. නමුත් මොර්ගොත්ට කවදාවත් ජිවයේ ගිනිදැල්ල හොයාගන්න ලැබුනේ නැ. මේ වනවිටත්  ඉරු සහ මොර්ගොත් අතර නුරුස්සුම් කමක් ඇතිවෙල තිබුනේ. හැබැයි මොර්ගොත් කිසිම වෙලාවක ඉරු සමග සටන්කරන්න ගියේ නැ. ඔහු ඉවසිමෙන් බලාසිටිනවා ඉරු කරන දේවල් දිහා…. 

ඉතින් ඉරු පසුව කල්පනා කරනවා තවත් අලුත් ජිවින් නිර්මාණය කරන්න. හරියට මිනිස්සු ගස්වැල් වගේ ජිවින් …  ඒකට දැන් ඔහුට අවශ්‍ය කණ්ඩායමක් සිටිනවා. ඒ තමයි ඉරු ඉස්සෙල්ලා නිර්මාණය කල එයිනුර් ජිවින් කොට්ඨාසය. ඉතින් ඉරු මේ එයිනුර් කියන ජිවින් කොට්ඨාසයට පවරනවා අලුත් ජිවින් නිර්මාණය කිරිමේ කර්තව්‍යයක්. 

ඉතින් ඉරු මේ එයිනුර් කියන ජිවින්ව කොටස් දෙකකට බෙදනවා. පලවෙනි කොටස වලාර් ( Valar ) සහ දෙවැනි කොටස මායාර් ( Maiar ) කියලා හදුන්වනවා. ඉතින් හැමොම දන්න ගැන්ඩොල්ෆ් සහ සරුමාන් කියන්නෙත් Maiar වරු දෙදෙනෙක්. 

ඔවුන් නිර්මාණය කරනවා ලොකයක්. මේකේ නම තමයි ” ආර්ධා ” ( Arda ) කියලා කියන්නේ. මේක තැටියක් වගේ ලොකයක් . ( මේකෙන් කියන්න එපා දැන් පෘථිවිය තැටියක් කියලා 😅 ) . ඉතින් ඔවුන් විවිධ වෙනස්කම් සිදුකරලා ආර්ධාව ගොඩනගනවා. ඔවුන් ආර්ධාව ගොඩනැගු පසු ඔවුන්ගේ නායකයා විදියට ලොකු බලයක් තියෙන එයිනුර් කෙනෙක් වන ” Manwee ” කියන එයිනුර්ව පත්කරගන්නවා  . අලුත් ලොකයක් නිර්මාණය වෙලා දැන්. අලුත් ලොකයේ කතාව යුග තුනකට බෙදියනවා. 

පලමු යුගය

දන් අර ඉවසිමෙන් බලාසිටි මොර්ගොත්ට දැන් අවශ්‍ය වෙන්නේ එකදෙයයි. ඒ තමයි මේ අලුතින් නිර්මාණය කල ලෝකය වන ආර්ධාව තමන් යටතට පත්කරගන්න එක. ඉතින් මොර්ගොත් , ආර්ධාවට ඇවිල්ලා යුද්ධයක් කරනවා ⁣ලෝකය යටත් කරගන්න. හැබැයි Tulkas කියන වලාර් විසින් මොර්ගොත්ව පරාජය කරලා දානවා. ටික කලකට මොර්ගොත් පරාජය බාරගෙන පසුබසිනවා. කාලයත් සමග මොර්ගෝත් , ආර්ධාවේ උතරු කොටසේ් තමන්ගේ රාජධානිය පිහිටුවාගන්නවා. දැන් ආර්ධාව පුරා යම් කතිකාවතක් යනවා මේ බලසම්පන්න මොර්ගොත් ගැන. ඒ නිසා  මායාර් ( maiar ) වරුන් කොටසක් මොර්ගොත්ට එකතුවෙනවා. ඉන් ප්‍රධාන තැනක් හිමිවෙන්නේ කවුරුත් දන්න ” සව්රොන් Savron ”  සහ Gothmog කියන බැලරොග් නායකයා කියන අයටයි .  ( සව්රොන් මුලින් හැදින්වුන නම වුනේ මයිරොන් කියන නම ) ඉතින් මොර්ගොත්ට එකතු වුනු මායාර්වරුන්ගේ කොටසක් ,  මොර්ගොත් විසින් ” බැල්රොග් ” ලෙස හදුන්වන රාක්ෂයන් බවට පත්කරනවා. බැල්රොග්ලගේ නායකයා විදියට Gothamog ව පත්කරනවා.  දැන් නැවතත් සටනකට අවශ්‍ය සියල්ල සුදානම්. දෙවැනි සටන ආරම්බ වුනා. සටනේ ප්‍රබල බව නිසා ආර්ධාව කොටස් 03 බිදි යනවා. එයින් නැගෙනහිර කොටස ” හිරු රාජ්‍යය ” විදියටත් , බටහිර කොටස ” ආමාන් ” ලෙසත් ප්‍රධාන කොටස ” මධ්‍යම පෘථිවිය – Middle Earth  ” ලෙසත් හදුන්වනවා. නමුත් සේනාවල දුර්වල කම් නිසා නැවත වරක්  මොර්ගොත් පරාජය වෙනවා.  මොර්ගොත් තමයි ”  පලමු අදුරු  අධිපතියා ” ලෙස හැදින්වුනේ 

තම ප්‍රධානියාගේ පරාජයත් සමග ඔහු සමග සිටි පිරිස් පලාගොස් රහසේ සැගවෙනවා. අන්න එහෙම වුන කෙනෙක් තමයි සවුරොන් කියන්නේ. හැබැයි මොර්ගොත්ගේ දුෂ්ඨකම් සවුරොන් හටත් බලපැවා. ඒකට හේතුව සව්රොන් මුල්කාලෙදි දරුණු නොවුනත් මොර්ගෝත්ගේන් ලැබෙන අදුරු බලවේග නිසා සව්රොන්ගේ මනසත් විශාල ලෙස දුෂණය වෙලා තියෙන නිසා. 

දෙවෙනි යුගය

දෙවනි යුගයේ ආරම්බය වන්නේ සව්රොන්ගේ නැගිටිමත් සමගයි . අවුරුදු ගානකට පසු සැගවි සිටි සව්රොන් එලියට එනවා. හැබැයි සව්රොන් ඔහුගේ ස්වරුපය වෙනස් කරගන්නවා සුරයෙකු විදියට. සව්රොන්ගේ වෙනස් වුන ස්වරුපයේ ඉන්න සුරයගේ නම වුනේ Annatar ( ඇන්නටාර් ) .  ඉතින් සව්රොන්ට ලොකුම කරදරයක් වුනේ සුරයන්ව / එල්ව්ස්ලව. ඉතින් සව්රොන් කරන්නේ ,  සුරයෙකු විදියට පෙනි සිටිමින් සුරයන්ගේ හොදම ආයුධ හදන කෙනාගේ විශ්වාසය දිනාගන්න එක. ඉතින් ඒ හරහා සුරයන්ගේ ඔලුවට දානවා ⁣” බල මුදු ” ගැන අදහස. ඒ මධ්‍යම පෘථිවියේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකරන දෙයක් කියලා තමයි මේ මුදු පිලිබද අදහස සුරයන්ට ඒත් උගන්වන්නේ. ඉතින් සුරයන් විසින් බලවත් මුදු 16 නිර්මාණය කරනවා. නමුත් සුරයන් වෙනමම හොර රහසේ තවත් මුදු 03ක් නිර්මාණය කරනවා. ඒ මුදු වල නම් ” Narya / Nenya / Vilya ” වුනා. මේ මුදු තුන ටිකක් විශේෂ වුනා. අනෙක් මුදු 16 ටත් වඩා වැඩි බලයක් මෙම මුදු සතු වුනා.

සව්රොන්ටත් දැන් අවශ්‍ය ලොකය තම අණසකට යටත් කරගැනිමට. ඒ සදහා ඔහු මධ්‍යම පෘථිවියේ – Middle Earth වල නැගෙනහිරින් පිහිටි මෝඩොර් නම් ප්‍රදේශයේ තියෙන මවුන්ඩ් ඩුම්-  Mount Doom ගිනිකන්ද අසල තමන්ගේ රාජධානිය පිහිටුවා ගන්නවා. සවුරොන් වැඩ පටන්ගන්නේ විවිධ වර්ගයේ රාක්ෂයන් තමන් යටතට පත්කරගෙන. පසුව සව්රොන් විසින් මිනිසුන්ගේ මනස දුෂණය කරන්න පටන්ගන්නවා.

සවුරොන් දැන් ඔහුගේ සැලැස්ම ක්‍රියාත්මක කලා. ඔහු හොර රහසේම Mount Doom ගිනි කන්ද තුල දැනට සාදා ඇති සියලු මුදු වල බලයට වඩා වැඩි බලයක් සහිත තනි මුදුවක් නිර්මාණය කරනවා. හැබැයි සවුරොන් මේ මුදුව හදන්නේ ඔහුගේ ආත්මයෙන් කොටසක් මුදුව තුලට ඇතුලු කරලා .  මේ මුදුව මගින් සිදුකරන්නේ අනෙක් මුදු පැලදගෙන සිටින්නන් පහසුවෙන් තමන්ගේ බලයට යටත් කර ගැනිමයි. ඉතින් මේක තමයි හැමොම දන්න ” තනි මුදුව ” ලෙස හැදින්වුනේ. සැලැස්ම ක්‍රියාත්මක වුනා. සව්රොන් තනි මුදුව පැලැදගත්තා. නමුත් අනික් මුදු පැලදගෙන සිටි සුරයන්ට මුදු තුලින් නැගෙන අදුරු බලවේගයක සේයාවක් දැනුනා. ඒත් සමගම සුරයන් ඔවුන් පැලදගෙන සිටි මුදු ගලවා දැමුවා. දැන් ඉතින් සවුරොන්ට හුලං.  සවුරොන් මේ මුදු ආයේ ලබාගන්න සුරයන්ට එරෙහිව යුද්ධයක් දියත් කරනවා . එහිදි මුදු 16 ම නැවත සවුරොන් ලබාගන්නවා.

ලබාගත් මුදු 16 න් සව්රොන් මධ්‍යම පෘථිවියේ කුරුමිට්ටන්ට මුදු 07 ක්  සහ මනුස්ස වර්ගයාගේ  රාජධානිවල රජවරුන් හට මුදු 09 ක්  ලබාදෙනවා. මුදු ලබාදිමෙන් පසු  සව්රොන් පලමුව සිදුකරන්නේ මිනිස්සුන්ව ඔහුගේ ග්‍රහණයට ගන්න එක. සව්රොන් ලබාදුන් මුදු පැලදගත් රාජධානි වල රජවරු සව්රෝන්ගේ අණසකට යටත් වෙනවා. එම රජවරුන් නවදෙනා ” නාස්ගුල් ” ලෙස හදුන්වනවා.  ( අර Lord Of The Ring  වල කලු ලෝගු පැලදගෙන කලුපාට අශ්වයන් පිටේ නැගියන අසරුවන් 09 දෙනා තමයි ⁣මේ රජවරුන් ) නමුත් කුරුමිට්ටන්ව යටත් කරගන්න සව්රොන්ට හැකියාවක් ලැබුනේ නැ. නමුත් මුදුවලින් කුරුමිට්ටන් තුල වස්තුව ( රත්තරන් , මුතු , මැනීක් )  පිලිබද අධික ආශාවක් ඇතිකලා. පසුව එකින් එක රාජධානි විනාශයට ඇද දමමින් සව්රොන් විසින් මධ්‍යම පාථිවිය තුල තමන්ගේ අණසක පතුරනවා. සව්රොන් දිගින් දිගටම සිදුකරන ආක්‍රමණ වලට විරුද්ධව නැගිසිටින Númenór ( නුමෙනොර් )හී රජු වූ  Tar-Minastir ගේ හමුදා විසින් සව්රොන්ව පරාජය කරනවා. පරාජයෙන් පලායන සව්රොන් මොඩොර් වලට පලාගොස් බොහෝකාලයක් එහි ගතකරනවා.

පසුව කාලයත් සමගම නුමෙනොර්හි නව රජකෙනෙක් පත්වෙනවා . ඔහු Ar-Pharazôn ( අර්-ෆරසොන්)  ලෙස හදුන්වනවා. ඔහු සිදුකරන සටනකින් සව්රොන් පරාජයට පත්වෙලා සව්රොන්ව සිරකාරයෙක් විදියට තම රාජධානියට ගෙනියනවා.  නමුත් බලමුදුව ගැන කිසිවක් අර්-ෆරසොන් රජු දැනගෙන හි⁣ටියේ නැහැ.

ටික කාලයක් යනකොට සව්රොන් විසින් Ar-Pharazôn රජුගේ මනස අන්ධකාරය තුල ගිල්වමින් මනස දුෂණය කරනවා . රජුව සව්රොන්ගේ පාලනය යටතට ගන්නවා. පසුව සව්රොන් විසින් අර්-ෆරසොන් රජුව එහත කි වලාර්වරැන්ට ( Valar ) එරෙහිව යුද්ධයකට පොලඹොනවා. නමුත් ඉරු මෙයට මැදිහත් වි මෙම යුද්ධය නතරකරනවා . එය සිදුකරන්නේ සම්පුර්ණ නුමෙනොර් ප්‍රදේශය ජලයට යට කරදැමිමෙන්. නමුත් එහිදි  සව්රොන්ගේ සිරුර විනාශ වෙලා යනවා. නමුත් ඔහුගේ  ආත්මය නැවත බලමුදුව සමග මොඩෝර්වලට පැමිණෙනවා. යටවු ජලයෙන් බේරෙන සමහර නුමෙනොර් වැසියන් Elendil ( එලෙන්ඩිල් ) ගේ නායකත්වය යටතේ පසුව මධ්‍යම පෘථිවිය තුල Gondor ( ගොන්ඩොර් ) සහ  Arnor ( ආර්නොර් ) ලෙස රාජධානි දෙකක් ආරම්බකරනවා. වසර ගණනාවකට පසු සව්රොන්ගේ බලය නැවත ලැබුනු පසු ඔහු නැවත මධ්‍යම පෘථිවිය තුල අන්ධකාරය පැතිරිමට පටන්ගත්තේය.  මෙයින් පසු  සුරයන් සහ මනුෂ්‍යයන් එක්ව මිත්‍රසංධානයක් ගොඩනගාගෙන සව්රොන්ට විරුද්ධව නැගි සිටියා. සුරයන්ගේ රජු Gil-Galad ( ගිල් ගලාඩ් ) පුමුඛ විශාල යුධ සේනා මොඩොර් වෙතට පැමිණියේය. මෙම යුද්ධය වසර 07 ක් තිස්සේ සිදුවිය. අවසානයේ මොඩොර්හි සිටි සව්රොන් බලමුදුව පැලද එලියට පැමින යුද්ධයට මුහුන දුන්නේය. එහිදි ගිල් ගලාඩ් සහ එන්ඩිල් මිය ගියේය. මෙහිදි එන්ඩිල් ගේ පුත්‍රයා වන  Isiludur ( ඉසිලුඩොර් )  විසින් සව්රොන්ගේ මුදුව දරාසිටින ඇගිල්ල වෙන්කරදමනවා. සව්රොන්ගේ ජීවිතය සහ  බලය රැදිලා තියෙන්නේ ඒ මුදුව තුලයි. සව්රොන්ගේ මුදුව ඔහුගේ ශරිරයෙන් වෙන්විම නිසා ඔහු විනාශ වෙලා යනවා.

ඒත් හැමොම හිතුවේ එහෙමයි…….

( සව්රොන්ගේ ආත්මය සම්පුර්ණයෙන්  විනාශ කිරිමට නම් බලමුදුව විනාශ කල යුතුය. බලමුදුව ඇති තාක් සව්රොන් ජිවත් වෙනවා )

ඉතින් මේ බලමුදුව ඉසිලුඩොර් රජතුමන් විසින් විනාශ නොකර තියාගෙන ⁣ඉන්නවා. ඉසිලුඩොර් රජතුමන්ගේ සිත තුලත් බලමුදුව පිලිබද දැඩි ආශාවක් ඇති වෙලා තිබුනා. හැබැයි රජු එය පැලදුවේ නැ. එය වෙනමම තබාගෙන සිටියා. නමුත් රජු අතින් වතුර සහිත වි⁣ලක් තුලදි  බල මුදුව නැතිවෙනවා. එයින් පසු මධ්‍යම පෘථිවියේ සියලු දෙනාට බලමුදුව ගැන අමතක වෙලා යනවා.

තුන්වෙනි යුගය

නමුත් එයින් අවුරුදු ගණනකට  පසු  ” ශයර් නම් හොබිට් ” ගම්මානයේ සිටින ” ස්මිගොල් ” නම්  හොබිට් කෙනෙකුට මෙම බලමුදුව අර විල තුලින් හම්බෙනවා.  ඉතින් ස්ම්ගොල් කියන හොබිට් මේ බලමුදුව අරගෙන යනවා මධ්‍යම පෘථිවියේ තිබුන කදු අතරට .  බලමුදුව වෙත දක්වන අධික ආකර්ෂණය නිසා ඔහුව වෙනත්ම ජිවියෙකු බවට පත්වෙලා අවසානයේ ” ගොලම් ” නැමැති සත්ත්වයා බවට පත්වෙනවා.

 අපි දන්න The Hobbit කතාව පටන්ගන්නේ මෙතනින්…

ඉහත කි කදුඅතර එරබෝර් රාධානිය වෙත ගමන් කරන බිල්බෝ බැගින්ස් නම් හොබිට්ට මේ බලමුදුව හම්බෙනවා. පසුව ඔහු එය ලග තබාගෙන සිටිනවා. නමුත් බලමුදුව සැමටිටම බලන්නේ තම ස්වාමියා වු සව්රොන් වෙතට යාමටයි. හදිස්සියේ සිදුවු සිදුවිමකින් බලමුදුව බිල්බෝ බැගිනිස් විසින් පලදනවා. ඒ අවස්ථාවේ මෙතෙක් කල් ආත්මයක් ලෙස සැගවි ජිවත්වු සව්රොන්ට මෙය දැනෙනවා. එතනින් ක්‍රම ක්‍රමයෙන් Middle Earth හි නැගෙනහිර ප්‍රදේශයෙන් සව්රොන්ගේ අදුරු බලවේග නැවත හිස එසවිමට පටන්ගන්නවා. එතිනින් පසු බිල්බෝ බැගින්ස් බලමුදුව ඔහු සන්තකයේ තබාගෙන සිටිනවා. නමුත් ඔහු නැවත කවදාහෝ එය පැලදිමට ගියේ නැ.

අපි දන්න The Lord Of The Rings කතාව පටන්ගන්නේ මෙතනින්…

බිල්බෝ බැගින්ස් ඔහුගේ 111 වන උපන්දිනය දින නැවත වතාවක් බලමුදුව පලදිනවා. මෙතෙක් කල් තම බලය ටිකෙන් ටික වර්ධනය කරගත් සව්රොන්ගේ ආත්මයට බලමුදුවේ බලය නැවත වතාවක් දැනෙන්නට ගන්නවා. සව්රොන් විසින් ඉහත සියවස් ගනනකට පෙර යටත්කරගත් ” නාස්ගුල් ” බවට පත්වු නොමළ රජවරුන් 09 දෙනා මේ බලමුදුව සොයායාමට පිටත්කර හරිනවා.

ගැන්ඩල්ෆ් ලෙස හදුන්වන මායකාරයා විසින් බිල්බෝ බැගින්ස්ගේ ඥාතියෙකු වු ෆෝඩ්‍රෝ බැගින්ස් වෙත බලමුදුව ලබාදෙනවා.  ” බලමුදුව විනාශ කල හැක්කේ එය උපත ලද ස්ථානය වන මොඩොර්හි Mount Doom හි ගිනිදැල්වලට පමනකි. ” එය සිදුකිරිමට  බලමුදුව නැතවතත් මොඩොර්වෙත ගෙන යා යුතුය. එනම් බලමුදුව නැවත සව්රොන්ගේ බලප්‍රදේශය වෙතට රැගෙන යා යුතුය.  එම බාරදුර කටයුත්ත බාරවන්නේ  ෆෝඩ්‍රෝ බැගින්ස් හටය. බොහෝ දුක් කන්දරා දරාගනිමින් ඔහු අවසානයේ Mount Doom ගිනිකන්ද තුලට බලමුදුව විසිකරදමනවා. අවසනායේ සව්රොන්ගේ ශරිරය පමණක් නොව ආත්මයත් මධ්‍යම පෘථිවිය තුලින් විනාශවි යනවා.

මේක හරියට නිකන් කතාවක් මතුපිටින් කියවගෙන යනවා වගේ වැඩක්. මේක තනිකරම සාරාංශයක් විතරයි. ඉතින් නොදන්න කතා බොහොමයක් අපිට The Rings Of Power කතාමාලාව තුලින් නරඹන්න හැකිවේවි.  Lord Of The Ring බලන හැමවෙලාවකම අතිබහුතරය යන්නේ තමන්ගේ ලමාකාලයට. ඕක බලන හැමවෙලාවෙම මතක්වෙන්නේ ඉස්සර සිරස TV චැනල් එක දාලා තියෙන TV එක ඉස්සරහ වාඩිවෙලා බලන් ඉන්න පොඩි කොල්ලෙක්ව…..

සුරයිනි , අගුටුමිට්ටනි , මනුෂ්‍යනි , එයිනුර්වරුනි , ඕර්ක්ස්ලානෙනි ,  පිසාචයෙනි , අනෙක් සියලු ජිවිනි Tv Series Collection වෙනුවෙන් මම පිලිගන්නවා නැවතත් මධ්‍යම පෘථිවියට….

සටහන : Theekshana Lankara : Mr.CJS 😈

සටහන මුල් හිමි කරු සතුයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

22 comments

  1. nadun
    Cineru_users

    thanks for sub

  2. Sanjaya Bandara
    Cineru_users

    Video එක koo

  3. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  4. Sulakshana Thilakarathna

    බොහොම ස්තුතියි හැම දෙයක්ම නැවත මතක් කරමින් ම උපසිරැසිය අප හා බෙදා ගත්තට, ජය වේවා සහෝ!!

  5. yasas lahiru perera

    sub ekata thanx bro.ilaga episode tiketh sub tika ikmanta danna.

  6. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  7. 1st sub missing

  8. sub එකට ගොඩක් ස්තූතියි .. අනේ පුළුවන් නම් ELVIS 2022 Movie එකට සිංහල සබ් එක දෙන්නකො.

  9. තුන්වෙනි එපියෙ සබ් එකේ ලින්ක් එක open වෙන්නෙ HOD එකේ තුන්වෙනි සුබි එකටනෙ

  10. මේකෙ 4 ආවෙ නැද්ද

  11. 3 weni episode eke sub eka dannako 🙂💔

  12. Thanks Brother…😍

  13. thanks machan

  14. Thanks bro… 🔥

  15. meke deweni epiye sub ek wada nane

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login