6.9

Tamil Rockerz (2022) E01 Sinhala Subtitles | “ ටැමිල් රොකර්ස් ශාපය ” | සිංහල උපසිරැසි සමඟ

Tamil Rockerz (2022) E01 Sinhala Sub

ඔන්න ගොඩ දෙනෙක්ගේ ඉල්ලිම නිසාම මේ ටැමිල් රොකර්ස් සීරීස් එකටත් සිනෙරු එකෙන් සිංහල සබ් එක අද ඉදල දෙන්න ගන්නවා. ටැමිල් රොකර්ස් කිව්වනම් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන විශේෂයෙන් ඉන්දියානු චිත්‍රපටි බලන අය හොදටම දන්න වෙබ් සයිට් එකක්. මේ වෙබ් සයිට් එකෙන් දෙන මූවීස් නිසා නිෂ්පාදකයින් සෑහෙන කරදරවලට මුහුණ දෙන්න සිද්ධවුනා. මේ නිසාම ටැමිල්‍ රොකර්ස් වෙබ් සයිට් එක මැඩපවත්වන්න විවිධ අය එක් එක් ක්‍රියාමාර්ග ගන්න උත්සහ කලා. ඒ අනුව ලැබුණ පැමිණිල්ලක් අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් 2018 මාර්තු 18 වන දින මේ සයිට් එකට සම්බන්ධ 3න් දෙනෙක්ව අත් අඩංගුවට ගන්නවා. ඒකේ එක්කෙනෙක් ඒ සයිට් එකේ ඇඩ්මින් කියල සැක කරනවා. මේ අත් අඩංගුවට ගත් අයගේ තොරතුරු අනුව 23 මැයි 2019 දී කෝයම්බුතූර්වලදී තවත් ටැමිල් රොකර්ස් එකට සම්බන්ධ අයව අත් අඩංගුවට ගන්නවා. ඉන් පසුව මේ සයිට් එක වැසි ගියත් ඒකට සමගාමිව TamilMV හා Tamil Blasters කියල වෙබ් සයිට් දෙකක්ම කරලියට එනවා. ඉතින් ඕක තමයි ටැමිල් රොකර්ස් කතාව කෙටියෙන්.

Tamil Rockerz (2022) E01 Sinhala Sub

ඉතින් මේ ටැමිල් රොකර්ස් ආරම්භය හා එහි අවසානය පාදක කරගෙන ජුලි 02 වන දින SonyLIV විසින් වෙබ් සීරීස් එකක් නිෂ්පාදනය කරන්න ආරම්භකරනවා. මේකේ ටැමිල් රොකර්ස්ල ගැන වුනත් මේ වෙබ් සීරීස් එකට දමිළ සිනමාව තුල ප්‍රශ්න රාශියක්ම ආවරණය කරල තියෙනවා. දමිළ සිනමාව කියන්නේ ඉන්දියාවේ තවත් එක් විශාල සිනමා කර්මාණතයක්. මේකේ කැපිලි කෙටිලි කඹ ඇදිලි අසාධාරණකම් අප්‍රමාණයි. අපි පැය දෙක තුනක් ඇතුලත මේ වගේ මේ වගේ සයිට් එකකින් දෙන කොපියක් බාගෙන චිත්‍රපටයක් බලල දෙන පඩි වදන් අහගන්න මේ සිනමාව අපට දෙන්න මහන්සිවෙන මුලු කණ්ඩයමම මොන තරම් මහන්සියක් කැප කිරීමක් කරනවද කියන එක. කලාව ව්‍යාපාරයක් වුනාම කලාකාරයා හා ව්‍යාපාරිකයා අතර ඇතිවන ඝට්ටයනය කොහෝම එකක් වෙන්න පුලුවන්ද කියන එක. ඒකත් අධ්‍යක්ෂක අලුත් කෙනෙක්නම් ??????

Tamil Rockerz (2022) E01 Sinhala Sub

මේක සිනමාවක් විදියට ගන්නවට වඩා මේ විදියට වෙබ් සීරීස් එකක් ගත්තු එක වටිනවා කියන එකයි මගේ අදහස. ඒ මේ සිද්ධිය පැය තුනක් ඇතුලත පෙන්වීම නම කොහෙත්ම කල නොහැකි දෙයක් නිසයි. ඉතින් මේ සුපිරිම වෙබ් සීරිස් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Arivazhagan විසින්ද, සංගීතය Vikas Badisa ද ,නිෂ්පාදන දායකත්වය AVM Productions විසිනුත් සපයා ඇති අතර SonyLIV විසින් විකාෂණය කරනු ලබයි. ප්‍රධාන රංගනයෙන් Arun Vijay, Vani Bhojan, Ishwarya Menon, Azhagam Perumal, විසිනි. අරුන්ගේ තවත් එක් සුපිරිම රංගනයක් මේ තුලින් බලාගන්න පුලුවන් වේවි.

ඉතින් මේක තමයි මේ වෙබ් සීරීස් එකේ විස්තර. අද ඉදල සිනෙරු එකෙන් මේ වෙබ් සීරීස් දිගටම බලන්න පුලුවන් වේවි. ඒ වගේම අපෙන් සබ් උස්සන මල්ලිලාටත් මේක දැක්කම පොඩි සතුටක් දැනෙනවා ඇති නේ. මේ සබ් එකත් උස්සල ෆ්බී එකේ අපට සාප කරන්නකෝ .

Tamil Rockerz (2022) E01 Sinhala Sub

පළවන කොටස:
අද පටන් ගන්නේ පළවෙනි කොටස. ටැමිල් රොකර්ස්ලගේ මේ ක්‍රියාව මොන තරම් නිෂ්පාදකයන්ට බලපානවද කියනවනම් ඔවුන් ජීවිතය නැතිකරගන්න තරමට අසරණ වෙනවා. මේකට විසදුමක් සොයන්න නිෂ්පාදක සංගමයටවත් හරි මග පෙන්වීමක් තිබුනේ නෑ. මේ වගේ අවස්ඨ්හාවක මදි කියන නිෂ්පාදකයාගේ කෝටි 300 ක වියදමකින් ” ගරුඩා” චිත්‍රපයත් තිටයට එන්නයි යන්නේ. ඉතින් මේ සංගමය මොනවා කරන්න හදනවද ? මේ ගරුඩා චිත්‍රපයටය ඇසන් ස්ටාර් ආදිත්‍යගේ චිත්‍රපටයක්. ආදිත්‍ය කියල ව්‍යාංගයෙන් හදුන්වන්නේ දමිළ සිනමාවේ සුපිරි තරුවක්ව. ඔයලට මේ කොටස බලන කොටම තේරෙන්න පුලුවන් එ කවුද කියල. ටැමිල් රොකර්ස්ලට ශාපයක් විදියට එන්නේ මේ ගරුඩා චිත්‍රපටයයි. ඒ වගේම ඉන්ස්පෙක්ටර් රුද්‍රා ……….. (අරුන් විජේ) . තම බිරිදගේ අහිමිවීමෙන් කුරිරු කිසිම සමාවක් නොදෙන පොලිස් නිළධාරියෙක් විදියට පොලිසියේ ප්‍රසිද්ධ චරිතයක් වෙනවා. අපි බලමු කොහෝමද මේ ඉන්ස්පෙක්ටර් රුද්‍රා මේ ටැමිල් රොකර්ස් නඩුවට සම්බන්ධ වෙන්නේ කියල.

එහෙනම් අපි දෙවෙනි කොටසත් එක්ක හම්බවෙමු.

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |1480|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


140
Total Subtitles

9 comments

  1. Pattaaaaaaaaaaaaaaaaaaaa

  2. balagenama hitapu ekk su ekata thanks

    • ස්තූතියි අම්මෝ සෑහෙන කාලයක් බලන් උන්නු එකක්, ඉතුරු ටිකත් කරන්න පුලුවන්නම්. බුදුසරණයි

  3. Malinda Sadaruwan
    Cineru Family Member

    තැන්ස් සබ් එකට පිටර් අයියේ❤

  4. Thanks 🙏 ithuruwath puluwan ikmanta denna

  5. ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  6. Thank You So Much

Leave a Reply

Your email address will not be published. Required fields are marked *