The title of the page
The Power of the Dog (2021) Sinhala Subtitles
The Power of the Dog (2021) Sinhala Subtitles
6.9
94
89

The Power of the Dog (2021) Sinhala Subtitles | “සුනඛයාගේ ආධිපත්‍ය ” | සිංහල උපසිරැසි සමඟ

🔹Golden Globe Award for Best Motion Picture – Drama
🔹AACTA International Awards හොඳම චිත්‍රපටය සඳහා සම්මානය.
🔹New York Film Critics Circle Award හොඳම සහාය නළුවා සඳහා { Kodi Smit-McPhee පීටර්ගේ චරිතය }
🔹Silver Lion හොඳම අධ්‍යක්ෂවරයා සඳහා {jane campion මහත්මිය }
🔹AFI Movies of the Year
🔹AACTA International Award හොඳම නළුවා සඳහා { Benedict Cumberbatch ෆිල්ගේ චරිතය }
🔹Golden Globe Award හොඳම අධ්‍යක්ෂවරයා සඳහා
🔹Best Ensemble: හොඳම චිත්‍රපටය සඳහා
🔹New York Film Critics Circle Award හොඳම අධ්‍යක්ෂවරයා සඳහා
🔹Golden Globe Award හොඳම සහාය නළුවා සඳහා
🔹New York Film Critics Circle Award හොඳම නළුවා සඳහා
🔹AACTA International Award හොඳම සහාය නළුවා සඳහා

ඔය උඩ තියෙන්නේ මේ චිත්‍රපටය සඳහා ලැබුණු සම්මාන වලින් කීපයක්… තව බර ගානක් සම්මාන වෙනුවෙන් නිර්දේශ වෙලත් තියෙනවා. මේකෙ ප්‍රධාන චරිතය Benedict Cumberbatch විසින් තමා කරන්නේ, අපේ ශර්ලොක් හෝම්ස්, නැත්තං Doctor Strange😄 . මේ වගේම සම්මාන ලාභී නිර්මාණයක් තමා බෙනඩික්ගේ The Imitation Game චිත්‍රපටය. නිතර චිත්‍රපට බලලා අත්දැකීම් තියෙන කෙනෙක්ට නම් මේව කියන්න ඕනිත් නෑ. කොහොම හරි මට කියන්න ඕනි උනේ අද මේ සබ් ගෙනත් තියෙන්නේ සුපිරිම චිත්‍රපටයකට. Western , Drama කියන ගනයට අයිති වෙන මේ නිර්මාණයට IMDB :6.9 ක අගයක් ලැබිලා තියෙනවා. BBC Films ,See-Saw Films ,Brightstar Films ,New Zealand Film Commission තමා මේකෙ නිෂ්පාදකයන්.

කතාව පැත්තට හැරුණොත්,

ෆිල් (කථානායකයා ) හා ජෝජ් කියන්නේ ලොකු ගොවිපළක් පාලනය කරන පවුල් වත්කම් ඇති සහෝදරයෝ දෙන්නෙක්. කතාව අරම්භයේ තමා ජෝජ් ගොවිපළට එක් වෙන්නේ.එතකම් ෆිල් තමා වැඩේ කරන් යන්නේ. ඒ වුනාට ෆිල් කියන්නේ නූගත් ගොවියෙක් නෙවෙයි කියන එක කතාව පුරා ඔළුවේ තියා ගන්න. තව ෆිල්ගේ ආදරණීය මිතුරා බ්‍රොන්කෝ හෙන්රි, එයා මේ වෙද්දි මැරිලා. ඒත් කතාවෙන් ලොකු කොටසක් වෙන් වෙනවා බ්‍රොන්කෝ වෙනුවෙන්. තව රෝස් හා ඇගේ ටිකක් අමුතු පුතා පීටර් යන අපූරු චරිත වටා තමා මේ කතාව ගොඩනැඟිලා තියෙන්නේ. ගිය අවුරුද්දේ මුල ආපු Cherry 2021 වගේ මේකත් කොටස් වශයෙන් තියෙන්නෙ. කොටස් පහකට. (ඒ මොකක්ද කියලා තේරුනේ නැත්නම් කමක් නෑ ) එහෙනම් තවත් උපසිරැසියක් එක්ක හමුවෙමු. සියළු දෙනාට සුභ දවසක්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කුමාර වීරකෝන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කුමාර වීරකෝන්

February 13, 2022


1
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    පලවෙනි සබ් එකට සුභපැතුම් දිගටම සබ් දෙමු ජයවේවා!! 👌❤

  4. Buddhika Lakmal

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..a

  5. thanks bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login